1200 x 80 DMirror

රේගු දෙපාර්තමේන්තුව මෙරට විශාලතම දූෂණ චෝදනා එල්ල වන තැනක් බව බවත් එම චෝදනා බොහෝ ඒවා ඇත්ත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

තමන් ඒ හේතුවෙන් එහි ප්‍රධාන තනතුරට හමුදා නිලධාරියෙක් පත් කළ නමුත් ඉදිරියේදී දරුණු තීරණ ගන්න සිදුවන බවත් ඒ මහතා පැවසීය.

රේගුවේ සියලුම නිලධාරීන් ඉවත් කිරීමට සිදු වුවහොත් තමන් එය සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කළුතර වලල්ලාවිට දී පැවති ගම සමග පිළිසදර වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙය හොඳ ප්‍රකාශයකි.

කළුතර වලල්ලාවිටදී නොව රේගු නිලදරුවන් ඉදිරියේදීම කළා නම් තවත් හොඳ ය.

හැබැයි ප්‍රශ්න කිහිපයක් ඇත.

හැම රේගු නිලධාරියකුම හොරෙකු නොවේ.

හැම හොරෙකුම රේගු නිලධාරියකු ද නොවේ.

රේගු නිලධාරින්ට බලපෑම් කරන දේශපාලකයන් අනන්තවත් මේ රටේ ඇත.

ප්‍රශ්න අංක එක -

එම දේශපාලකයන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද ?

මේ රජය බලයට පත් වීමෙන් පසු සිදුවූ ලොකුම මගඩිය වූයේ සීනි වංචාවයි.

රුපියල් 50 සීනි බද්ද සත 25 කළේ සීනි මිල රුපියල් 85 දක්වා පහත හෙළීමට ය.

එහෙත් එසේ වූයේ නැත.

මේ මගඩියට සම්බන්ධ පිරිස්, ටෙන්ඩර් ගැසූ පිරිස්, රජයට කෝටි දහස් ගණනක් පාඩු කළ පිරිස් තවමත් නිදැල්ලේ ‍ය.

ප්‍රශ්න අංක දෙක-

ඔවුන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද ?

මේ ප්‍රශ්න දෙකට පිළිතුරු දී රේගු නිලධාරින්ට කරන දෙයක් කළාට කමක් නැත.

අදට එපමණකි.

(ඇටමැස්සා)

 

 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්