ජීවිතය කියන්නේ හමුවීම් සහ වෙන්වීම්වලට.
 
මේ හමුවීම් තුලදී අපිට විවිධාකාර පුද්ගලයන් මුණගැහෙනවා.
 
ඒ පුද්ගලයන් අතරින් දැවැන්ත පෞරුෂ අපට හමුවෙනවා.
 
එඩ්මන්ඩ් ‍රණසිංහ කියන්නේ එවැනි දැවැන්ත පෞරුෂයක්. Screenshot 2021 07 14 at 17.47.33
 
පත්තර ලෝකයේ අඟුටුමිට්ටන් අතරේ සද්දන්තයෙක්.
 
මාධ්‍යවේදී සංදර්ශනකාරයන් අතරේ නියම පත්තරකාරයෙක්.
 
8 වැනිදා කියන්නේ ‍රණසිංහ මහත්තයාගේ ජීවිතේ වැදගත් දවසක්.
 
ඔහු ලේක්හවුස් කර්තෘ මණ්ඩලයට බැඳෙන්නේ 1952 අවුරුද්දේ අප්‍රේල් 8 වැනිදා.
 
ඔහුගේ මෙහෙයවීමෙන් ' දිවයින ඉරිදා සංග්‍රහය ' නිකුත් කරන්නේ 1981 ඔක්තෝබර් 8 වැනිදා.
 
 
'දිවයින' කියන්නේ පුදුම නැකතකින් පටන් ගත්තු පත්තරයක්.
 
එවක උපාලි  පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ ලෙස්ලි ධර්මරත්න විසින් තම අතවැසි පත්තරකාරයන් කිහිප දෙනෙකු යොදාගෙන වෘත්තීය සමීතියක් පිහිටුවා ගත්තත් දිවයින පත්තරේ විනාස කරන්න ලැබුනේ නැ.
 
ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලේ දිවයින ආණ්ඩුවට පවරාගන්න හැදුවා. WhatsApp Image 2021 07 14 at 5.17.26 PM
 
ඒකත් සාර්ථක වුණේ නෑ.
 
ගුණසිංහ මහත්තයා ඉවත් කිරීමත් සමග දිවයින ඉවරයි කියලා හිතුවා.
 
ඒත් එහෙම වුණේ නෑ.
 
සුනිල් මාධවලා, විනී හෙට්ටිගොඩලා ගියත් පත්තරේ නතර වුණේ නෑ. 
 
දිවයිනේ සෙට් එකක් ලක්බිම පත්තරේට ගිය එක දිවයිනට දැනුනේවත් නෑ.
 
දිවයින පත්තරේ විනාශ වෙන්න හොඳම අවස්ථාව උදා වුණේ ගාමිණී සුමනසේකර එහි කර්තෘ පදවියට පත් වුණාමයි.
 

ඒත් දිවයින පත්තරේට මුකුත් වුණේ නැත්තේ එදා රණසිංහ මහත්තයාලා දිවයින පත්තරේ පටන් ගත්තු නැකතේ බලගතුකම හින්දාමයි.
 
 රණසිංහ මහත්තයා පත්තර රස්සාව පටන් ගන්නේ වාර්තාකරුවෙක් හැටියටයි.
 
පුංචිම තැනින් පටන් අරගෙනයි ඔහු ඉහළම තැන දක්වා ගමන් කළේ.
 
රණසිංහ මහත්තයා කියන්නේ හොඳ කළමනාකරුවෙක්.
 
හොඳ පරිපාලකයක්.
 
හොඳ නායකයෙක්.
 
මේ සේරටම වඩා හොඳ මනුස්සයෙක්.
 
රණසිංහ මහත්තයාත්, දයාසේන ගුණසිංහ මහත්තයාත් අතර ඇතිවූ ප්‍රශ්නයේදී රටට ගියේ එක පැත්තක් විතරයි.
 
රණසිංහ මහත්තයාගේ පැත්ත වාර්තා වුණේ නෑ.
 
ඇටමැස්සා මේ හෙළි කරන්නේ ඒ රටට වසන් කළ පුවතයි.
 
 එඩ්මන්ඩ් රණසිංහ මහත්තයාත්, දයාසේන ගුණසිංහ මහත්තයාත් දිවයින ඉරිදා සංග්‍රහය කරගෙන ආවේ හරියට සහෝදරයෝ වගෙ.
 
කොටි සංවිධානය විසින් එලිෆන්ට්හවුස් අසල බෝම්බ පිපිරූ සිද්ධිය කාටත් මතක ඇති.
 
මේ කාලේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කියලා තිබුනා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතුයි කියලා.
 
එතකොට දිවයිනේ කතු වැකිය ලියන්නේ ගුණසිංහ මහත්තයා.
 
එලිෆන්ට්හවුස් බෝම්බ සිද්ධිය අළලා ගුණසිංහ මහත්තයා තද කතු වැකියක් ලිව්වා.
 
ගුණසිංහ මහත්තයාගේ සිරිතක් තමයි ඔහු ලියන කතු වැකිය ගයිරික පේරුසිංහට පෙන්වන එක.
 
ගයිරික ඒක කියවලා මේකට ප්‍රශ්නයක් එයි...මේ කතු වැකියේ සඳහන් නපුංසක පාලකයන් ගැන කතාව අයින් කරන්න කිව්වා. 
 
ඒත් එතැන හිටපු ගාමිණී සුමනසේකර කිව්වේ ඒ කෑල්ල අයින් කළොත් මේ කතු වැකියෙන් වැඩක් නෑ කියලයි.
 
අන්තිමට ගාමිණී කිව්ව විදියට වැඩේ ගියා.
 
ගයිරික කිව්ව විදියට වැඩේ පත්තු වුණා. 
 
ඒ දවස්වල දිවයින ඉරිදා පත්තරේ ප්‍රාදේශීය මුද්‍රණය සිකුරාදා රෑට මුද්‍රණයට යවනවා.  Dayasena1
 
සෙනසුරාදා උදේම ගයිරිකට දුරකථන ඇමතුමක් එනවා ගුණසිංහ මහත්තයා ගෙන්.
 
ගුණසිංහ මහත්තයා කිව්වේ මෙච්චරයි.
 
" රජෝ, මට පොඩ්ඩක් වැරදුණා..."
 
සෙනසුරාදා පාන්දරම ගුණසිංහ මහත්තයාත්, ගයිරිකත් දිවයින කන්තෝරුවට ගිහින් නාගරික මුද්‍රණයෙන් අර කතු වැකිය ගැලෙව්වා.
 
ඒත් ප්‍රාදේශීය මුද්‍රණයේ ගිය කතු වැකිය ජේ.ආර්. ගේ අතට ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා යන්න වැඩි දවසක් ගියේ නෑ.
 
ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබුනු දිවයින පත්තරේ මට්‍ටු කරන්න ජේ.ආර්. ගේ ආණ්ඩුව මේක අවස්ථාවක් කර ගත්තා.
 
ජේ.ආර්. පාලනය මේක දඩමීමා කරගෙන දිවයින පත්තරේ රජයට පවරාගන්න සැලසුණා.
 
ගුණසිංහ මහත්තයාව ටික කාලයකට අනිවාර්යය නිවාඩු යවන්න රණසිංහ මහත්තයා යෝජනා කළේ පුවත්පත රජයට පවරා ගැනීම වළක්වා ගන්නයි.
 
රණසිංහ මහත්තයාත්, ගුණසිංහ මහත්තයාත් බිඳවන්න පටන් ගන්නේ මෙන්න මෙතැන සිටයි.
 
තනතුරු ලාභයෙන් කළ මේ කෙටවීම අවසන් වුණේ රණසිංහ මහත්තයාත්, ගුණසිංහ මහත්තයාත් සදාකාලික සතුරන් කරමින්.
 
මේ පාප කර්මයට කර ගැසූ මෙරිල් පෙරේරාත්, කරුණාදාස සූරියආරච්චිත් අද ජීවතුන් අතර නැහැ.
 
එහෙත් ගාමිණී සුමනසේකර තාම ඉන්නවා.
 
මැරෙන්නට පෙරාතුව ඔහුට හෝ ඔවුන් කළ මේ අපරාධය අවබෝධ විය යුතු යැයි ඇටමැස්සා විස්වාස කරනවා.
 
ඔවුන් ගුණසිංහ මහත්තයාට රණසිංහ මහත්තයා ගේ පුටුව පෙන්වමින් කිව්වේ මේ පුටුවට නියම සුදුස්සා ඔහු බවය.
 
අවාසනාවකට ගුණසිංහ මහත්තයා මේ කතා විස්වාස කළා.
 
එක්තරා සුහද හමුවකදී රණසිංහ මහත්තයාත්, ගුණසිංහ මහත්තයාත් හොඳට පදම්ව හිටියා.
 
රණසිංහ මහත්තයා ගුණසිංහ මහත්තයාගේ කරට අත දමා ' ගුණේ අපි කන්න ‍යං' යනුවෙන් පැවසුවා.
 
ඒ වෙලාවේ ගුණසිංහ මහත්තයාගේ හිත ඇතුලේ හැංඟිලා හිටපු යක්ෂයා එළියට පැන්නා.
 
ගුණසිංහ මහත්තයාගේ සහසික හැසිරීම් ඉදිරියේ රණසිංහ මහත්තයා නිහඬව බලා හිටියා.
 
වයස 55 දී ගුණසිංහ මහත්තයාගේ සේවය දීර්ඝ කරන්න රණසිංහ මහත්තයාගේ අනුමැතිය අවශ්‍ය වූ මොහොතේදීත් ඔහු එදා මෙන්ම නිහඬව සිටියා.
 
සිද්ධ වූයේ එපමණයි.
 
ගුණසිංහ මහත්තයාව ඇන්දූ පිරිස එදායින් පසු ඔහු ඉන්න පැත්තවත් බැලුවේ නෑ.
 
ඇටමැස්සා දුටු ජඩම පත්තරකාරයන් රැළ හිටියේ දිවයිනෙන් බැහැරව නෙවෙයි, දිවයින ඇතුළෙමයි.
 
රණසිංහ මහත්තයා කියන්නේ හැම දෙයක්ම දිහා උපේක්ෂා සහගතව බලන්න පුරුදු වුණා කෙනෙක්.
 
සමහරදාට රණසිංහ මහත්තයාගෙන්ම සල්ලි ඉල්ලාගෙන රණසිංහ මහත්තයා ගෙදර ගියාට පස්සේ රෑට බීලා ඇවිත් ඔහුගේ වීදුරු කාමරයට තඩි බාමින් කෑකොස්සන් ගසන සත්‍යවාදීන් දිහාත් ඔහු බැලුවේ අනුකම්පා සහගතවයි.
 
රණසිංහ මහත්තයාට දක්ෂයින් හඳුනාගැනීමේ පුදුම ඉවක් තිබුනා. 
 
ඔහු හොඳට පත පොත කියවනවා.
 
ඔහු කියාදෙන කරුණු අරගෙන ආර්ථික විද්‍යා ලිපි පෙළක් ලියූ එක් මාධ්‍යවේදියෙක් සම්මුඛ සාකච්ඡාවේදී ඒ ලිපි පෙන්නලා සරසවියක කථිකාචාර්ය පට්ටමකුත් අරන් තිබුනා. 
 
 
Mass
වමේ සිට එඩ්මන්ඩ් ‍රණසිංහ, උපාලි තෙන්නකෝන්, ආනන්ද මාරතුගොඩ ( උපාලි ට්‍රේඩිං), ගයිරික පේරුසිංහ
 
 
ඇටමැස්සාට හිතෙන විදියට රණසිංහ මහත්තයා වැඩියෙන්ම ආදරය කළේ උපාලි තෙන්නකෝන්ට සහ ගයිරික පේරුසිංහට.
 
ඔහුත් උපාලිත් අතර කිසිමදාක ගැටුමක් ඇති වුණා කියලා වාර්තා වෙලා නෑ.
 
අදටත් ඔහු උපාලි ගැන කතා කරනවා.
 
" දන්නවද ඔය ගයිරික ඔය ඉන්ටර්විව්ස්වලට ගිහිල්ලා ඇමැතිවරුත් එක්ක රණ්ඩු කරන්න පුරුදු වුණේ කොහොමද කියලා ...මාත් එක්ක ‍රණ්ඩු කරලා පුරුදු වෙලා ..."
 
වරක් ඔහු ඇටමැස්සාට එසේ පැවසුවේ මහ හඬින් සිනා සෙමින්.
 
රණසිංහ මහත්තයා කියන්න තියෙන දේ මූණටම කියනවා.
 
එක සිකුරාදා හැන්දෑවක උපාලි, කසුරි, ධර්මරත්න විජේසුන්දර ඇතුළු පිරිසක් රණසිංහ මහත්තයා එක්ක මදු විතින් සප්පායම් වෙන්න ගියා.
 
නොබොන ගාමිණීත් මේ බොන පිරිසට එකතු වුණා. 
 
දෙකක් දාගත්තු ‍රණසිංහ මහත්තයා එක් අයෙකු දෙස හැරුණා.
 
" අයිසේ, තමුසෙගේ කලා සටහන්වල තියෙන්නේ රටේ ප්‍රශ්න නෙවෙයි, තමුසෙගෙ යාලුවන්ගේ ප්‍රශ්න...! "
 
රණසිංහ මහත්තයාගේ ඒ ප්‍රකාශය තුල තිබුනේ පරිච්ඡේද ගණනාවකින් වත් කිව නොහැකි උපහාසාත්මක විචාරයකි.
 
රණසිංහ මහත්තයාගේ පත්තර කලාව තුල ජාතිකත්වය තිබිණ.
 
එය තුල දේශප්‍රේමයත්, මව්බිමට ඇති අපරිමිත ආදරයත් තිබිණ.
 
ඔහු හැම විටම තම පත්තර කලාව මෙහෙයවූයේ රටට එරෙහිව නොව රට වෙනුවෙනි.
 
දිවයින පත්තරේ එක් තීරු ලිපි රචකයකු විසින් රනිල් වික්‍රමසිංහ විවේචනය කරමින් ලිපියක් ලියා තිබුනේ එසේ නොකරන්නැයි රණසිංහ මහතා ඔහු ගෙන්  ඉල්ලීමක් කර තිබියදීය.
 
පසුව එම තීරු ලිපි රචකයාට ඔහු පැවසුවේ මෙවැන්නකි.
 
" තමුසෙ මං එපා කියපු දේම කළා නේද..? 
මං රනිල්ට ගහන්න එපා කිව්වේ රනිල් හින්දා නෙවෙයි...
 
මාව ඉස්සෙල්ලාම රස්සාවට ගත්තේ ‍රනිල්ගේ තාත්තා...
 
මං ඒ ගුණේ තියන්න ඕන...."
 
ඒ රණසිංහ මහත්තයලා නියෝජනය කරන පරම්පරාවේ ගුණ යහපත්කමය.
 
ඔහු නියෝජනය කරන්නේ මේ මිහිපිට වෙසෙන කෙළෙහිගුණ ගුණ දන්නා අවසන් පරපුරයි.
 
රණසිංහ මහත්තයාට පුතුන් සිටියේ නැත.
 
සිටියේ දූවරුන් දෙදෙනෙකි.
 
ඒ නිසාම ඔහු පත්තර ලෝකය තුල පුතුන් රැසක් හැදුවේය.
 
ප්‍රශ්නය ඒ පුතුන් ගෙන් කී දෙනෙකු අද ඔහුට ඉතිරි වී ඇත්ද යන්නයි.
 
(ඇටමැස්සා)
 
 
 
THE LEADER TV 
පොලිස් ඇමතිට වෙච්ච වැඩක් ! 
 
බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක |
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්