මා අමෝද්‍යගෙන් එසේ විමසුවේ මගේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි.



‘‘ඔයා කියන්නෙ මගේ රැවුල නිසා ද...?’’

‘‘ඔවු...’’

‘‘පිස්සුද පැටියො... මං දැං සති ගාණක් තිස්සෙ ම රැවුල වවනව කියල නුවර පංතිවල ළමයි, ගම්පහ පංතිවල ළමයි වගේ ම නුගේගොඩ පංතිවල ළමයිත් දන්නව නෙ... ‘ඇයි සර් මේ රැවුල වවන්නෙ...?’ කියල ඒ ළමයිනුත් මගෙන් කොච්චර නං ඇහුව ද...’’

‘‘ඒ කියන්නෙ ඔයා මාව ටැක්සියට නග්ගගන්න සීන් සීසීටීවීවල තිබුණොත්...’’

ඉතිරි කොටස සම්පූර්ණ කළේ අමෝද්‍ය යි.

‘‘ඔවු... එහෙම තිබුනොත් ඔයාලගෙ ගෙදරින් මට විරුද්ධව පැමිණිලි කරාවි.’’

අමෝද්‍ය ඒ වදන් පෙළ මුදාහළේ ඉතා සැහැල්ලුවෙන් වුව ද එහි යටි පෙළෙහි සැඟව පවත්නා බියකරු බව අවබෝධ කර නොගන්නට තරම් මා අඥාන නොවිණ. එහෙත් අමෝද්‍ය එය ඉතා සැහැල්ලු ලෙස සලකන්නේ මන්දැයි වටහා ගන්නට මා අසමත් විණ.

‘‘අමෝද්‍ය... ඔයාට බය නැද්ද අමෝද්‍ය...?’’

 

asasdcc



මා එසේ විමසුවේ සැබැවින් ම අමෝද්‍ය කුමක් සිතනවා ද, කුමක් කරන්නට බලාපොරොත්තු වෙනවා ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීම පිණිස ය.

‘‘බය...! මං මොකට ද පැටියො බය වෙන්නෙ...? ඔයා අවුරුදු දාහතරක පොඩි ළමයෙක් නෙවෙයි නෙ... මම අවුරුදු දහසයක පොඩි දරුවෙකුත් නෙවෙයි නෙ... අපි දෙන්න ම මේ රටේ වැඩිහිටි පුරවැසියො; ඔයා කැමති පිරිමියෙක් එක්ක යන්න වගේ ම මම කැමති ගෑනියෙක් එක්කරගෙන එන්න අපි දෙන්නට ම අයිතියක් තියෙනව. මොකද මම ඔයාව පැහැරගෙන ආවෙත් නෑ; ඔයා මාව පැහැරගෙන ගියෙත් නෑ. මං ඔයා එක්කරගෙන ආවෙ... මං ඔයාට කැමති නිසා, ඔයා මා එක්ක ආවෙ... ඔයා මට කැමති නිසා. ඉතිං ඒකට විරුද්ධව නීතියෙං කරන්න පුළුවං දෙයක් නෑ.’’

අමෝද්‍ය දීර්ඝ ලෙස පැහැදිලි කළේ මගේ බිය තුරන් කිරීම සඳහා ද එසේත් නොවේ නම් ඔහුගේ සිත සැහැල්ලු කර ගැනීම සඳහා ද යන්න අවබෝධ කරගැනීමට ද මා අසමත් විය.

‘‘හරි... හදිසියෙවත් අපේ ගෙදරිං ඔයාට විරුද්ධව පැමිණිල්ලක් දාල, කොහොම හරි පොලිසියෙන් අපි ඉන්න තැනත් හොයාගෙත්තොත්...’’

එවිට ද වාක්‍යයේ ඉතිරි අඩ සම්පූර්ණ කළේ අමෝද්‍ය යි.

‘‘අපි ඉන්න තැනක් හොයා ගත්තොත් ද...? ම්ම්ම්... එහෙම උනත් ඒකට තව දවස් දෙක තුනක් යයි. ඒ අතරතුර කරන්න ඕනෙ මොකක්ද කියල මං ප්ලෑන් කරල ඉවරයි පැටියො,’’ යැයි පවසන හඬ ඇසෙන මොහොතේ ම අමෝද්‍ය දොර විවර කරගෙන කාමරයට ඇතුළු විය.

 

friant thelovers

 

*         *          *          *          *          *          *          *          *

උදෑසන ආහාරය ලබාගත් සැණින් අමෝද්‍ය නුවර බලා පිටත්වූයේ උපකාරක පංතියට සහභාගී වීමට මෙන් ම තවත් විශේෂ වැඩකටයුත්තක් වෙනුවෙන් ද කාලය වෙන් කරගෙන ඇතැයි පවසමිනි. ඔහු මගේ ලලාටය මත හාදුවක් තවරන අතර ම උපදේශයක් ද ලබා දුණි.

‘‘ඔයා නිකමටවත් ඔයාගෙ ෆෝන් එක ඔන් කරන්න එපා. මං අද එද්දි ෆෝන් එකකුයි සිම් එකකුයි අරගෙන එන්නං.’’

ඔහු එසේ පවසන්නට ඇත්තේ මගේ පමණක් නොව අප දෙදෙනාගේ ම ආරක්ෂාව පිණිස බව මට වැටහිණ. එහෙත් හදිසියේවත් මම අමෝද්‍යට හෝ අමෝද්‍ය මට ඇමතුමක් හුවමාරු කරගන්නේ කෙසේ ද යන්න මට ගැටලුවක් විය.

‘‘අනේ අමෝද්‍ය... එතකොට හදිසියක් උනොත්...?’’

ඒ සඳහා ද අමෝද්‍ය සතුව විසඳුමක් පැවතිණ.

‘‘හම්ම්ම්... හදිසියක් උනොත් නේ ද...?’’ යැයි විමසමින් ස්මිතයක් උවනෙහි සිතුවම් කරගත් අමෝද්‍ය යළි මගේ ලලාටය මත හාදුවක් තවරන අතර ම ‘‘මං ආපහු එනකං රන්මලී ඔයත් එක්ක ඉන්නව නෙ... මට හදිසියක් උනොත් මං රන්මලීගෙ ෆෝන් එකට කෝල් කරන්නං. මෙහේ හදිසියක් උනොත් ඔයා රන්මලීගෙ ෆෝන් එකෙන් මට කෝල් කරන්න. හැබැයි ඇත්තට ම හදිසියක් උනොත් විතරයි හොඳේ...’’ යැයි පැවසූ අමෝද්‍ය මා කිසි සේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් මගේ දෙකොපුල් මත ඔහුගේ දෙලවන් ද නැහැ තුඩ ද සැතපුවේ මගේ සමස්ත සිරුර පුරා ම සිහින් විදුලි සැරයක් විදාරණය කරමිනි.

යළි මා පියවි සිහියට පැමිණියේ අමෝද්‍ය කාරයටත් ගොඩවූවාට පසුව ය. ඔහු සෙමෙන් සෙමෙන් කාරය පදවාගෙන ඉදිරියට ගමන් කරන විට මගේ මනස සෙමෙන් සෙමෙන් ආපස්සට ගමන් කළේ පෙර දින රාත්‍රියේ අප දෙදෙනා අවදියෙන් සිටි අවසන් මිනිත්තු කිහිපය සිනමාපටයක් මෙන් මනසේ චිත්‍රණය කරමිනි.

 

kslj

මගේ මතකය නිවැරැදි නම්, මට තනිවම නින්දට යන්නැයි පැවසූ අමෝද්‍ය නිදි යහන වෙත පැමිණියේ අලුයම දෙකට පමණ විය හැකි ය. ඔහු යහන අසලට පැමිණි සැණින් නැගී සිටි මා නාන කාමරයට වෙත ගොස් ජලයෙන් උවන ද, මුඛ සෝදන දියරයෙන් ද මුඛය ද සෝදා පිරිසිදු වී පැමිණියේ නව යුවළක් ගෙවන පළමු රාත්‍රියේ ආශ්වාදය විඳීමේ බලාපොරොත්තුව ඒ මොහොතේ හෝ සඵල කරගත හැකි ය යන අදිටනෙනි. එහෙත් යළි මා යහන වෙත එන මොහොතේ ඒ පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් හෝ සූදානමකින් නොසිටි අමෝද්‍ය එක් අතක් හිස මත තබාගෙන සිවිලිම සමග අනිමිස ලෝචනයක යෙදි සිටිනු දක්නට ලැබිණ. මා යහනේ දිගාවී අමෝද්‍ය සිටින පසට හැරී, ඔහුගේ පපුවට ඉහළින් මගේ වමත තබා ඔහු මාවෙත මඳක් ඇදගත්තේ ය. ඒ සඳහා මා බලාපොරොත්ත වූ තරම් ප්‍රතිචාරයක් නොදැක්වූ හෙතෙම ‘‘හම්ම්ම්... දැන් පාන්දර දෙකත් පහුවෙල පැටියො... අපි නිදාගමු. මට හෙට උදෙන්ම කැන්ඩි යන්නත් තියෙනව,’’ යැයි පවසා මා ඔහුගේ පපුව මත තැබූ අත මත ඔහුගේ අනෙක් අත තැබී ය. ඒ හැර නැවුම් බලාපොරොත්තු හදවතේ පුරවාගත්, නව යොවුන් තරුණියක් තමා අබියස සිටින බවක් හෝ ඔහුගේ මනසට හෝ හදවතට මඳ පමණකට හෝ දැනුණ බවක් මට නොහැඟිණි.

*         *          *          *          *          *          *          *          *

 

O8LdUQRAQRCKxsE6mDiL 2Nq8HRT6SEeGI1wCUuII IMG 0531 3යෞවනෝදයේ නැගි නැගී එන රළ පහර බදා වැලඳ ගන්නට සුදානම් වෙරළක් වෙනුවට මා අබියස පැවතියේ රළ පහර උත්සන්න වන තරමට රළ මගහැර ඈතින් ඈතට දිව යන වෙරළකි. රළ පහර බදා වැලඳ තෘප්තිමත් වෙනවා වෙනුවට වෙරළ කළේ කුමක් ද...? රළ පහරට රිසි සේ වෙරළ මත වැතිර, වෙරළ සිප වැලඳ, රළ පහර රිසි මොහොතක ඉවත්ව යන්නැයි නොපවසා පවසමින් ගොළු වත රැකීම පමණි. ඉදින්: රළ පිළිගැනීමට, රළ සිප වැලඳ ගැනීමට, සිප වැලඳ දෙපළගේ ම හැඟීම් මුදා හැර එකිනෙකා මත මාරුවෙන් මාරුවට වැතිර ගිමන් නිවා ගැනීමට වෙරළ රිසි නොවන්නේ නම් රළ කුමක් කරන්න ද... කළ හැකි එකම දේ යළි සයුර වෙත ඇදී යාම පමණි. යළි මේ මොහොතේ වෙරළ වෙත ඇදී ආව ද වෙරළ රළ පිළිගැනීමට කිසිදු සුදානමක් නොතිබිණ. එහෙයින් ම වෙරළ ද, රළ ද එකිනෙකා ආසන්නයේ එකට වෙළී රැය පහන් කළේ ලෝකාස්වාදයේ උච්චතම මොහොත විඳීමේ, විඳ සැනසීමේ අවස්ථාව ගිණිය නොහැකි තරම් පියවර ගණනාවක් පසුපසට තබමිනි. ඊට අවැසි නිදහසට කරුණු වුවමනාවටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙරළ සතුව පැවතිණි. රළ ද වෙරළට අවැසි දේ අවැසි කාලයක්, අවැසි තරම් පවසන්නැයි නිහඬ ව්‍රතයක නියැළී සිටියා ය. ඒ, මෙතැන් සිට ජීවත් වෙන උපරිම කාලසීමාව දක්වා වෙරළ තමා සතු නොවේදැයි, තමා වෙරළ සතු නොවේදැයි යන සිතුවිල්ලෙන් සිත් පහන් කරගත් බැවිනි.

*         *          *          *          *          *          *          *          *

‘‘නෝනා... නෝනා... මහත්තයගෙ කාර් එක නොපෙනී යනකම්ම බලාගෙන ඉන්නව ද...? මහත්තයට කන්න කන්න කිව්ව මිසක නෝන කැවෙත් නෑ නේද...’’

මනසින් පසුපසට ගමන් කර, එක් නිශ්චිත සථානයක නතරව, ඒ නිමේෂයේ රැඳී සිටි මා යළි කාලය සමග සම්බන්ධ වූයේ රන්මලීගේ හඬ මගේ සවන්පත් සිසාරා ගමන් කිරීමෙන් ඉක්බිතිව ය.

‘‘ආ... ඔවුනෙ රන්මලී... මහත්තයගෙ කාර් එක පේන්නෙ නැතුව ගියාට පස්සෙ මං බලාගෙන හිටියෙ ඒ පාරෙ තව වාහන යනව ද කියල. කෝ... අඩුම ගානෙ අපේ ගේ ගාවට හැරෙන පාර ළඟටවත් එක වාහනයක්කත් ආවෙ නැහැ නෙ...’’

‘‘පල්ලෙහා ම ප්‍රධාන පාරෙන් පස්සෙ මේ පැත්තට ඉතිං වාහන එනව අඩුයිනෙ නෝනෙ. මේ කඳු දෙක තුනේ තියෙන්නෙ ඉතිං ගෙවල් පහලවක් විස්සක් විතර නෙ... ඒ හැමෝට ම අඩුම ගානෙ ත්‍රිවිල් එකක්කත් තියෙනව. එහෙම නැහ්නං ඉතිං ගෙදර නෝනටයි මහත්තෙයටයි දෙන්නට ම ස්කූටරයක් හරි මෝටර් සයිකලයක් හරි තියෙනව. ඒ හැම එකක් ම වගේ ඉතිං උදෙංම ගිහිං ආයෙ හවස දොහේ තමයි නෝනෙ ගෙදර එන්නෙ... ඒක නෙවෙයි නෝන... නෝනට කාර් පදින්න පුළුවන් ද...?’’

 

kajshy

මාර්ගයේ වාහන ගමනා ගමනය අවම වීම පිළිබද විස්තරයක් කළ රන්මලී අවසන නැගුවේ පිළිතුරු දිය නොහැකි පැනයකි. එහෙත් පිළිතුරු දිය හැකි කොටසක් ද එම පැනයේ සැඟව තිබිණ

‘‘ආ... මට කාර් පදින්න නං පුළුවං... ඒත්...’’

‘‘ඇයි නෝන... මහත්තය කැමති නැද්ද නෝන කාර් පදිනවට...?’’

රන්මලී පැනයකින් ඉක්බිති තවත් පැනයක් විමසන විට ඒ ඒ පැනයට මා පිළිතුරු දෙන විට ඇය සමග පැවසීමට තරම් සුදුසු නොවන යමක් මගේ මුවෙන් ගිලිහේ යැයි මා බිය ගැන්විණ. එබැවින් සංවාදය අවසන් කිරීමට මා අදහස් කළේ ය.

‘‘ආ... මට කාර් පදින්න පුළුවන්. හැබැයි තවම ලයිසන් නෑනෙ රන්මලී... රන්මලී කෑව ද...? රන්මලී කෑවෙ නැත්තං ඔයත් කන්න. මටත් බඩගිනියි.’’

අහිංසනාගේ උපාය සාර්ථක විය.

‘‘ආ... හරි නෝන... එහෙනං නෝන කන්න. මාත් නෝනට තේකක් හදල ම කන්නං.’’

 

*         *          *          *          *          *          *          *          *

 

සවස පහමාරට පමණ ආපසු නිවසට පැමිණියේ උදේ නිවසෙන් බැහැරව ගිය අමෝද්‍ය නොවේ; මීට වසර තුන හතරකට පෙර පාසලේ දී මට හමු වු ‘‘අමෝද්‍ය සර්’’ ය.  ඒ, ඔහු අද දවසේ කොයි මොහොතක හෝ මුහුණ පුරා වවා තිබූ ගන රැවුල කපා දමා තිබූ බැවිනි. රැවුල කැපීමෙන් පසු මට අමෝද්‍යෙග් උවනේ දක්නට ලැබුණේ විස්මිත ආලෝකයකි; සැබැවින් ම මා පළමුව ආසක්ත වුයේ ඒ විස්මිත ආලෝකයෙන් පිරි උවනතට නොවේදැයි මට සිහිපත් විණ. එය ආදරය යැයි හැඳින්වූයේ පසුව ය. අමෝද්‍ය වුව ද එසේ විය හැකි ය. පළමුව ඔහු වශී වන්නට ඇත්තේ නෑඹුල් යොවුන් විසේ පසු වූ මගේ නාරි රුවට විය හැකි ය. එහෙත් ඔහු ඒ බව පවසන්නට කල් ගන්නට ඇත. ඒ, මා ඇගේ ශිෂ්‍යාවක වන බැවින් විය හැකි ය. එහෙත් දෙදෙනා දෙදෙනාට ආසක්ත වී වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් දෙදෙනා පෙම්වත් යුවළක් බවට පත්විය. දැන් මා ඉදිරියේ සිටින්නේ එදා දුටු අමෝද්‍ය ම ය.

 

ඔහු ආ විගස ම තොරතුරු විමසීම නුසුදුසු බැවින් ඔහුට කැමති මොහොතක යමක් පවසාවි යන බලාපොරොත්තුවෙන් යුතුව මා කාලය ගතකළේ නොඉවසිල්ලෙනි. එහෙත් අමෝද්‍ය ස්ව කැමැත්තෙන් කිසිවක් ම පවසන බවක් දක්නට නොලැබිණ. නිවසට පැමිණි මොහො‍තේ සිට ඔහු පවසන ඇතැම් කරුණුවලට මුවා වූ විශේෂිත යමක් පවතින බව මට හැඟිණ. ඔහු ඒ සියල්ල මුවා කළේ සිය පංතිය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිස ඔහු ගැන විමසූ විවිධ දෑ ඉදිරියට රැගෙන එමිනි. එසේ සඟවන කරුණු මොනවාදැයි දැනගැනීමේ පිපාසයෙන් පසු වූ මට, මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් ඇති බව මා නොදැනුවත්ව ම පිළිබිඹු විය.

අමෝද්‍ය පැමිණ පැයක පමණ කාලයක් ඉක්ම ගිය පසු ඔහු ලැප්ටොප් පරිගණකය දිගැර මේසය මත තබා එය ඉදිරියෙන් අසුන් ගත්තේ තවත් බරපතළ කටයුත්තකට බව මට හැඟිණ. නමුත් ඊට පෙර මා මට අවැසි දෑ විමසිය යුතු ය යන හැඟීමෙන් මා පෙළෙන්නට විණ. මේ වන විට රන්මලී ද නිවසෙන් පිටව ගොස් සිටි බැවින් අප දෙදෙනා අතර රහස් නොපැවතිය යුතු නොවේදැයි යන හැඟීම අමොද්‍යගෙන් යම් යම් දෑ විමසීම මා තව තවත් දිරිමත් කළේ ය.

 

zorn



අමෝද්‍ය අසලට ගමන් කළ මා ඔහුගේ පිටුපසින් සිටගෙන මගේ දෑත් ඔහුගේ ගෙල දෙපසින් යවා පපුව ආසන්නයේ දී එක් කරන අතර ම දකණු පසට මඳක් නැමී ඔහුගේ දකුණ කොපුල මත මෘදු හාදුවක් තවරන අතර ම ‘‘අමෝද්‍ය...’’ යැයි රහස් හඬින් මිමිනී ය. අමෝද්‍ය ද ඔහුගේ දෙනෙත් බිඳක් හෝ ලැප්ටොප් පරිගණකයෙන් පිටතට නොහරවම්න් ‘‘ම්ම්ම්...’’ යැයි මිමිණී ය.

ඒ මිමිනීම ඔහු දැක්වූ යහපත් ප්‍රතිචාරයක් බව මට හැඟිණ. දැන් මගේ සිත තුළ තෙරපෙන සිතුවිලි වචන බවට පරිවර්තනය කිරීමේ අවස්ථාව එළඹ තිබේ; ඒ අවස්ථාව මග නොහැරිය යුතු බව මම තදින් ම සිතට ගතිමි.

මීට මොහොතකට පෙර අමෝද්‍ය ගේ දකුණ කොපුල මත තැවරූ හාදුව ම යළි වම් කොපුළ මත ද තවරන අතර ම ‘‘දිවසත් අයිය කෝල් කරේ නැද්ද අමෝද්‍ය...?’’ යැයි විමසුවේ එම පැනයට පිළිතුරු නොදී මගහැර යාමට අමෝද්‍ය තැත් කරන්නේ නම් ඊට කිසි සේත් ම ඉඩ-කඩ නොතබමිනි.

‘‘ම්ම්ම්... කතා කරා පැටියො...’’

ඔහු හිස බිඳක් හෝ නොසොල්වා ම පිළිවදන් සැපයී ය.

‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.

‘‘කිව්වෙ නැත්තෙ ද...?’’

ඔහු සිටි ඉරියව්වෙන් ම විමසී ය.

‘‘ඔවු... ඇයි මං ඒ ගැන අහනකම් ම කිව්වෙ නැත්තෙ...?’’

එවර හිස මඳක් පිටුපසට හැරවූ අමෝද්‍ය ‘‘කිව්වෙ නැත්තෙ එකපාට්ටම ඒ දේවල් කියල ඔයාගෙ හිත රිද්දන්න බැරි නිසා.’’ යැයි ආදරයෙන් පැවසී ය.

‘‘ඒ කිව්වෙ...!’’

ඉවර නෑ...

නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/01/06    


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image