‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.



‘‘කිව්වෙ නැත්තෙ ද...?’’

ඔහු සිටි ඉරියව්වෙන් ම විමසී ය.

‘‘ඔවු... ඇයි මං ඒ ගැන අහනකම් ම කිව්වෙ නැත්තෙ...?’’

එවර හිස මඳක් පිටුපසට හැරවූ අමෝද්‍ය ‘‘කිව්වෙ නැත්තෙ එකපාට්ටම ඒ දේවල් කියල ඔයාගෙ හිත රිද්දන්න බැරි නිසා.’’ යැයි ආදරයෙන් පැවසී ය.

‘‘ඒ කිව්වෙ...!’’

*         *          *          *          *          *          *          *          *

‘දෙයියනේ...! මට මේ තරං ආදරෙන් හිටපු තාත්ත මේ තරං ඉක්මනට මං ගැන එහෙම තීරණයක් ගන්න තරං දරුණු උණා ද...?’

b883bd41cf5007f6f299a6315bf11a46දිවසත් අයියා සහ අමෝද්‍ය අතර හුවමාරු වූ දුරකතන සංවාදය ඇසීමෙන් ඉක්බිති වේදනාව දරාගත නොවුණ මා හඬාගත්වන ම කාමරයට  දිව විත්, දොර වසා, සයනයෙහි යටිකුරුව වැතිරුණේ ඉකිගසමිනි. තාත්තා මෙතරම් දරුණ තීරණයක් ගත් මොහොතේ අම්මා ද ඊට අනුබල සපයා ඇති බව ඇසීම නම් පුදුමය දනවන්නක් නොවේ. මන්ද අම්මාගේ උද්දච්චභාවය මා හොඳින්ම දැන සිටි බැවිනි. ඒත් තාත්තා...?

‘එහෙනං මගේ අම්මයි තාත්තයි මං මැරුණ කියල හිතල හත් දවසෙ දානෙත් දෙන්න තරමට ම හිත හදාගෙන. එක අතකට අම්මගෙයි තාත්තගෙයි පැත්තෙන් බැලුවම මේ වෙලාවෙ එයාලට එන කේන්තිය සාධාරණයි. දෙමව්පියො දරුවෙකුට කන්න බොන්න දීල, උස් මහත් කරල, උගන්නල යමක් බලාපොරොත්තු වෙනව නෙ... ඒ බලාපොරොත්තු අළු දූලි උණාට පස්සෙ එහෙම හිතෙනව ඇති. ඒත් ඇයි දෙයියනේ දෙමව්පියො දරුවන්ගෙ පැත්තෙන් හිතන්නෙ නැත්තෙ...? දරුවෙක් ලොකු මහත් වෙලා නිසි වයසට ආවම එයාලට තනි තීරණයක් ගන්න තියෙන අයිතිය දෙමව්පියො උදුරගන්නෙ ඇයි...? එහෙම නං ඉතිං ඒකත් වැරැදියි නෙ... ඇත්තට ම දරුවො ඉන්නෙ දෙමව්පියන්ගෙ හීන හැබෑ කරන්න ම විතර ද..? එතකොට දරුවන්ගෙ හීනවලට මොකද වෙන්නෙ...? නෑ... මට අයිතියක් තියෙනව මගේ හීන හැබැ කරගන්න. මං පෙරෙයිද ඕස්ට්‍රේලියා ගියානං තව හොඳට ඉගෙනගෙන, හොඳ රස්සාවක් කරල, අම්මයි තාත්තයි සතුටු කරන්න තිබුණ. ඒත්... මට කවදාවත් මගේ ලොකු ම හීනෙ ඉස්ට කරගන්න බැරිවෙනව. මම දැන් කරල තියෙන්නෙ මගේ ඒ හීනෙ ඉස්ටකරගන්න වැඩ කරපු එක. ඒ නිසා අම්මයි තාත්තයි ඕන ම විදියෙ තීරණයක් ගත්තපුවාවෙ. මං මගේ අමෝද්‍යත් එක්ක ජීවිතේට මූණ දෙනව. ඒත්...’

මගේ සිතුවිලි දැහැන බිඳී ගියේ කිසිවකු කාමරයේ දොරට තට්ටු කරන හඬිනි.

‘‘එන්න අමෝද්‍ය... දොර ලොක් කරල නෑ...’’

එහෙත් දොර විවර කරගෙන කාමරයට හිස පෙව්වේ අමෝද්‍ය නොව රන්මලී ය. මා කෙතරම් කාලයක් කල්පනා දැහැනට සමවැදී සිටියා ද යන්න පවා මට අමතක ය.

‘‘මහත්තෙය නෙවෙයි නෝන... මේ මං... මහත්තෙය කිව්ව තේ බොන්න නෝනට කතා කරන්න කියල.’’

‘දෙයියනේ...! මං දැං රන්මලීට මූණ දෙන්නෙ කොහොම ද...? අනිවාර්යයෙන් මගේ ඇස් රතුවෙලා, ඉදිමිලා ඇති. රන්මලී දැක්කොත් හිතයි මායි අමෝද්‍යයි අතර මොකක් හරි ප්‍රශ්නයක් කියල. බෑ බෑ... එහෙම හිතන්න දෙන්න බෑ...’

 

Copyright Ferens Art Gallery / Supplied by The Public Catalogue Foundation

‘‘ආ හරි රන්මලී... මහත්තෙයට කියන්න මං එන්නං කියල,’’ යැයි මා පැවසුවේ ඇයට මගේ මුහුණ නොපෙනෙන සේ බිත්තිය දෙසට හරවාගෙන ය.

‘අමෝද්‍යට උනත් දැනගන්න තියන්න හොඳ නෑ මං මෙච්චර වෙලා ඇඬුව කියල. එතකොට එයා හිතයි මං ඇඬුවෙ අම්මයි තාත්යි මතක් වෙලා කියල. එහෙම උනොත් එයාගෙත් හිත රිදෙන්න පුළුවං’

වහා සයනයෙන් නැගී සිටි මා නාන කාමරයට ගොස් මුහුණ සෝදාගෙන, කාමරයට පැමිණ හිස ද පිරාගෙන සාලයට පිවිසියේ මීට පැයකට පමණ පෙර සිදුවූ කිසිවක් සිදු නොවුණා සේ ය. මා කාමරයෙන් පිටතට පැමිණි බව වටහාගත් අමෝද්‍ය ද ඔහු නියැළෙමින් සිටි කාර්ය මඳකට නවතා මා සමග තේ පානය සඳහා එක් වූයේ ද ඒ කිසිවක් සිදු නොවුණ ආකාරයට ය.

*         *          *          *          *          *          *          *          *

 

අඩ අදුරේ වුව ද බිත්තියේ සවි කර තිබෙන ඔරලෝසුව මා දෙස බලා සිටින්නේ උපහාසයෙන් මෙනි. එහි පැය කටුව එකේ ඉලක්කමට මඳක් පහළින් ද, මිනිත්තු කටුව පහේ ඉලක්කම ආසන්යේ ද රැඳී තිබිණ. තත්පර කටුව ඒ කිසිවක් මායිම් නොකරමින් ම ඔහුගේ ගමනේ ය. එහෙත් පැය කටුව සහ මිනිත්තු කටුව මා දෙස අවධානයෙනි.

 the persistence of memory thumbnail

‘‘අදත් පරාදයි නේද...?’’

මගෙන් එසේ විමසුවේ පැය කට්ට ය.

‘‘ඇත්තට ම ඔයාගෙ මහත්තයට මොකද්ද වෙලා තියෙන්නෙ...?’’

මිනිත්තු කටුවට ද කිසිවක් නොවිමසා සිටින්නට නොහැකි විය.

‘මං දැං මොනවද කියන්නෙ...? අමෝද්‍ය වෙච්ච පොරොන්දුව මෙයාලට කියනව ද...? ඔවු... ඔන්නොහෙ කියල දාමු. නැත්තං මෙයාල හිතයි අමෝද්‍යට නෂ්ටකාමෙ කියල. මගේ අමෝද්‍යට එහෙම අසනීපයක් තිබුනත් මං මොකට ද මෙයාලට ඒක කියන්නෙ. ඒ නිසා ඇත්ත ම කියල දානව.’

‘‘ඇයි අනේ ඔයාලට ඇහුණෙ නැද්ද... එයා කිව්වෙ මං එයාට කොච්චර ආදරේ කරත්, එයා මට කොච්චර ආදරේ කරත් තවම මාව අයිති කරගන්න එයාට අවසර නෑ කියල. එයයි මායි දෙන්නම ඔය බහුබුත මායිං කරන්නෑ... ඒ උනාට ඔයාල දන්නෙ නැහැ නෙ අපිට තියෙන ප්‍රශ්න. ඔයාලට ඇහුණෙ නැද්ද එයා කිව්ව තව දවසක් ඉවසන්න කියල. ඉතිං ඔන්නොහෙ තව දවසක් ඉවසනව... බලන්නකො හෙට වෙන්නෙ මොනවද කියල. අන්න ඊට පස්සෙ ඔයාලට තේරේවි අමෝද්‍යට එහෙම ප්‍රශ්නයක් නැ කියල.’’

 

මා නොබියව, නොපැකිළව පැය කටුවට සහ මිනිත්තු කටුවට එසේ පැවසු පසු පැය කටුව ඔහු පසු කර යන තත්තපර කටුවට කුමක් දෝ රහසෙන් පවසනු දැනිණ. තත්පර කටුව ද සහය දිවීමේ ක්‍රීකඩයකු සේ පැය කටුවේ පණිවිඩය රැගෙන මිනිත්තු කටුව අසලට ළඟාවී ඔහුට කුමක්දෝ රහසෙන් මුමුණා ඔහු පසු කර වේගයෙන් ඉදිරියට ඇදිණ. මිනිත්තු කටුව සදය ස්මිතයකින් උවන සරසාගෙන පැයකටුව දෙස බලා... ‘‘හා හා... එහෙනං ඉතිං හෙට වෙන්නෙ මොනවද කියල අපි බලමුකෝ...’’ යැයි පවසන අතර ම මඳක් ඉදිරියට ඇදිණ.

 

එසැණින් මා අමෝද්‍ය වෙත අවධානය යොමු කළේ ඔහු පිළිබඳ වැරැදි යමක් කිසිවකුට නොපවසමි ය යන්න ඔහු වෙත අවධාරණය කිරීම සඳහා ය. නමුදු ඒ වන විට ද ඔහු මගේ නැබ මත ඔහුගේ සුරත සතපා සෙමෙන් සෙමෙන් සුසුම් ඉහළ පහළ හෙලමින් ඔහුගේ ම ලොවකට පිවිස සිටියේ ය. දැන් ඔහුට බාධා නොකළ යුතු ය. ක්‍රියාවෙන් කිසිවක් පිළිබිඹු නොකළ ද ඔහුගේ මනස තුළ ද විවිධාකාරයේ ගැටලු පිරී පවතින බව මා වටහාගත යුතු නොවේදැයි මට අවබෝධ විය. ඒ අවබෝධය මගේ නින්ද පහසු කරවී ය.

*         *          *          *          *          *          *          *          *

උදෑසන නිවසෙන් පිට වීමට පෙර දිවසත් අයියාට කතා කරන්නැයි අමෝද්‍ය පැවසූ බැවින් ඔහු ඊයේ රැගෙන ආ දුරකතනයට අලුත් සිම්පත සම්බන්ධ කර ඇමතුම් කිහිපයක් ම ගත්ත ද දිවසත් අයියා දුරකතනයට පිළිතුරු නොදුන්නේ ය. ඔහු මගේ මේ නවතම අංකය නොහඳුනන බව මට මෙන් ම අමෝද්‍යට ද සිහිපත් වූයේ පසුව ය; අමෝද්‍ය දිවසත් අයියා ඇමතුවේ ඉන් පසුව ය.

 

f93fa49b9bb8ff6f949b02af9056ab97දිවසත් අයියා සමග කතා කිරීමට පෙර අමෝද්‍ය මට පැවසූ ආකාරයට ම ඊයේ සවස අමෝද්‍ය මා සමග පැවසු කිසිවක් ම මා දන්නා බවක් දිවසත් අයියාට නොහඟවන්නට මා වගබලාගත්තේ ය. ඔහු ද ඒ කිසිවක් ඔහු දන්නා බව මට නොඅඟවා සිටින්නට වගබලාගත්තේ ය. අපි සියලු දෙනා ම උගුරට හොරා කෂාය බොනවා නොවේදැයි මට හැඟුණ ද අමෝද්‍ය කෙරෙහි දිවසත් අයියා තබා ඇති විශ්වාසය ඒ ආකාරයෙන් ම පවතින්නට නම් මා ද අමෝද්‍ය පැවසූ ආකාරයට හැසිරිය යුතු බැවින් ඉනොබ්බට කිසිවක් කිරීමට මා නොපෙලඹිණ.

 

‘‘එතකොට අමෝද්‍ය ඔයා කියන්නෙ දිවසත් අයියට කවදාවත් අපේ දිහා එන්න වෙන එකක් නෑ කියල ද...?’’

දිවසත් අයියාත් මාත් අතර පැවති දුරකතන සංවාදය අවසන් කර දුරකතනය අමෝද්‍යට දෙන මොහොතේ මා විමසී ය.

‘‘නෑ නෑ පැටියො... එහෙම වෙන්නෙ නෑ... කොහොමටත් මේ උණුසුම යනකන් දිවසත් අයිය මෙහේ නෑවිත් ඉන්න එක තමයි හොඳ. ඒ යෝජනාව කරේ දිවසත් ම යි. සමහර විට අපි දන්නෑනෙ ඔයාගෙ අම්මයි තාත්තයි දිවසත් අයිය ගැන සෙවිල්ලෙන් ඉන්නව ද කියල. සමහර විට එයා ගැන පුංචි හරි සැකයක් ඇති කියල එයාට හිතෙනව කියල මාත් එක්ක කිව්ව.’’

eb5304f72d21409e4a6ad08c2e0a paintings panels the picture love oil painting picture of loveඅමෝද්‍ය ඉතා සූක්ෂම ලෙස දුර දිග බලා කටයුතු කරන පුද්ගලයෙකු බව මා හොඳින් දැන සිටියේ ය. මේ මොහොතේ ද ඔහු ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ මා ඔහුගෙන් වැඩි දුර නොවිමසන්නේ එබැවිනි. ඔහු කරන කියන සියල්ල දෙස නිහඬව බලා සිටීම මේ මොහොතේ ද වඩාත් යෝග්‍ය බව මම තීරණය කළෙමි.

අප නිවසෙන් පිටත්වීමට පෙර රන්මලී පැමිණිය ද තව හෝරා කිහිපයකින් සිදුකරන්නට බලාපොරොත්තු වන කිසිවක් ම ඇයට නොපවසන්නැයි ද අමෝද්‍ය උපදෙස් දි තිබිණ. ඇයට අපගේ ගමන පිළිබද සැක නොහිතෙන ලෙස සාමාන්‍ය ඇඳුමකින් සැරසෙන්නයි පැවසුවේ ද අමෝද්‍ය ම ය. මා නිල් පැහැති ජින්ස් වර්ගයේ ඩෙනිමකින් සහ කහ පැහැති බ්ලවුසයකින් සැරසුණේ ඒ අනුව ය. එවිට මේ පිටත්වන ගමන පිළිබඳ ඇය කිසි සේත් ම සැක නොසිතන්නී ය.

‘‘රන්මලී... අපි එද්දි ටිකක් හවස්වෙයි. රන්මලීට ඒ වෙනකං බඩගින්නෙ ඉන්න බැහැ නෙ... ඒ නිසා ඔයා මොනව හරි උයාගෙන කන්න.’’

අමෝද්‍ය පැවසුවේ රන්මලි අපි දෙදෙනාට ද දිවා ආහාරය සුදානම් කරන බැවිනි. එහෙත් රන්මලී තවත් පැනයක් නැගුවා ය.

‘‘එතකොට සර් රෑ කෑම...?’’

ඒ පැනයට දිය යුතු පිළිතුර කුමක් ද යන්න අපි දෙදෙනාට ම එක වර සිහිපත් නොවිණ. අප දෙදෙනා එකිනෙකාගේ දෙනෙත් සමග අදහස් හුවමාරු කළ ද මගේ සිතට නම් කිසිදු අදහසක් නොනැගිණ. එහෙත් අමෝද්‍ය වහා පිළිතුරු සැපයී ය.

‘‘ආ... රෑ කැම අපි ආවට පස්සෙ බලමුකො...’’

 

ARTS508609

*         *          *          *          *          *          *          *          *


The Bride Albert Roelofs Oil Paintingඅප නුවරට ළඟාවන විට උදෑසන අටට පමණ ඇත; අමෝද්‍ය සියල්ල නිසායාකාරයෙන් සැලසුම් කර තිබිණ. පළමුවෙන් ම ගියේ රූපලාවන්‍යාගාරයකට ය. මට සැරසෙන්නැයි පැවසූ අමෝද්‍ය පිටව ගියේ ඔහුට සුදුසු ඇඳුමකින් සැරසී ඒම සඳහා ය. අමෝද්‍ය පිටව ගිය පසු ඉතා ආදරයෙන් සහ මිත්‍රත්වයෙන් මා පිළිගත් රුපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන දීපිකා ප්‍රමුඛ තිදෙනෙකු, මංගල සාරියක් නොවුණ ද ඉතා හැඩැති, වටිනා සාරියකින් මගේ ගත සැරසූහ; ඊට ම සරිලන කොණ්ඩා මෝස්තරයකින් හිස ද සැරසූහ. ඒ සියලු කටයුතු අවසන් කිරීමෙන් ඉක්බිති කැටපතේ දිස්වන මගේ රුව තුළින් පිළිබිඹු වන්නේ මම ම දැයි මට සැක සිතිණ. ඒ සමග ම මගේ දෙනෙතින් ගලා ආ අක් දහර වළකාලන්ට මා අපොහොසත් විය.

‘‘ඇයි මිස්... ගෙදර අය මතක් උණා ද...? ඩෝන්ට් වොරි මිස්... මට සර් විස්තරේ කියල තියෙන්නෙ. අපි ආයෙ මේකප් එකක් දාගමු.’’

ඇය පැවසුවේ ඉතා කාරුණික ස්වරයෙනි. සැබැවින් ම මා, මගේ දෙමව්පියන්ගේ සිහින සුනුවිසුනු කළේ ඇයි දැයි මට සිතිණ.

දෙමාපිය, ඥාති මිත්‍රාදින්ගේ ආශිර්වාදය සහ සුබ පැතුම් මධ්‍යයේ තම දියණිය සරණ පාවා දෙන්නට දෙමාපියන් කෙතරම් කාලයක් පෙරුම් පුරනවා ද...? එමෙන් ම චිරාගත සම්ප්‍රදායානුකූල ලෙස පිරිමියෙකු සමග සරණ යන්නට නොසිතන්නේ කුමන තරුණිය ද... එහෙත් මා...  

ඒ සිතුවිල්ල මගේ මනසට ඇතුළු වූයේ ස්වයං සිද්ධියක් ලෙසිනි. එහෙත් මා ඊයේ රාත්‍රියේ ගත් දැඩි තීරණය යළි සිහිපත් වූ සැණින් ඒ අපහසුතාව අතුරුදන් විය; සැබැවින් ම නම් අතරුදන් කරවි ය; එතැන් සිට යළි සිත දැඩි කරගත්තේ ය; මිනිත්තු කිහිපයකින් යළි මගේ උවන පෙර පැවති තත්ත්වයට පත් කරන්නට ඔවුන් සමත් විය.

තවත් මිනිත්තු විස්සක පමණ කාලයක් අප පසු කර ගියේ විවිධාකාර සිතුවිලි දාමයක සිත පටලවමිනි. මා කල්පනාවක නිමග්න වි සිටින මොහොතේ මා ඉදිරියේ පෙනී සිටියේ යුරෝපීය ඇඳුමෙන් සැරසුණ, බැලු බැල්මට ජනප්‍රිය නළුවෙකු ලෙස හැඟෙන කඩවසම් තරුණයෙකි.

‘දෙයියනේ මගේ අමෝද්‍ය...!’

 

මට මගේ දෙනෙත් අදහාගත නොහැකි විය. ඔහු පැමිණෙන විට ම මගේ අතින් අල්ලාගත් දීපිකා වැඩිහිටි කාන්තාවක සේ මා සමග ඉදිරියට ගොස්, මා අමෝද්‍යට බාර කළා ය. අප තිදෙනාගේ ම උවනත් දැඩි ප්‍රහර්ෂයකින් පිරි පැවතිණ. කාන්තාවකගේ ජීවිතයේ හැරවුම්ලක්ෂ්‍ය සටහන් වන මොහොත මෙය නොවේදැයි මට හැගිණ. ඒ තත්පරයක් තත්පරයක් පාසා මගේ දෙනෙත් ඉදිරියේ අම්මාගේ සහ තාත්තාගේ රුව ඇතිවි නැතිවී ගියේ සංගිත සාදයක වේගයෙන් නිවි දැල්වෙන විදුල් ආලෝකයක් මෙනි. ඒ කිසිවක් ම අමෝද්‍යට නොපෙනෙන්නැයි ප්‍රාර්ථනා කළ මා මොහොතකට දෙනෙත් පියාගත්තේ අමෝද්‍ය ගේ අත හැකි තරම් තදින් අල්ලාගෙන ය; ජීවිතයේ කිසිම දිනක අත් නොහරින තරම් දැඩිව ය.

 

රූපලාවන්‍යාගාරයෙන් එලියට බට මට මගේ දෙනෙත් අදහාගත නොහැකි විය.

‘දෙයියනේ...! මගේ අමෝද්‍ය මං වෙනුවෙන් මෙච්චරටම මහන්සි වෙලා ද...?’’

සුදෝ සුදු කාර් රථයේ දිරිපස මධ්‍යයට වන්නට සුදු මල් කලඹකින් ඉතා අලංකාර ලෙස සරසා තිබිණ. එතැන් සිට ඉදිරිපස වීදුරුවේ දෙපස දක්වා ඉංග්‍රිසි ‘‘V’’ අකුරේ හැඩයට සුදෝ සුදු සාරියක් බඳු සිල්ක් රෙදි සැරසිල්ලකි. ඒ දෙකෙළවර ද සුදෝ සුදු මල්කලඹ යුගලකි. කාර් රථයට ගොඩ වනවා වෙනුවට මා අමෝද්‍ය වෙත නැඹුරු වී ඔහුගේ පපු තුරෙහි හිස සඟවාගත්තේ ය; එසැණින් ම මගේ දෙනෙත් පිරී ගලා ආ අක්දහර අමෝද්‍ය ගේ කමිසය ද කළු කබාය ද තෙත් කළේ ය. එහෙත් කිසිවක් ම නොපැවසූ අමෝද්‍ය මගේ හිසත් පිටත් අතගානු මට දැනිණ.

‘‘යං පැටියො යං...’’

සිහිනයෙන් මුමුනවා සේ දැනුණ එම වදන් පෙළට මා අවනත වූයේ කුඩා දරුවකු මෙනි. යළි මා පියවි සිහියට පැමිණියේ කාරයට ගොඩවී අසුන්ගත් පසුව ය; මා අසලින් ම අමෝද්‍ය අසුන් ගත් පසුව ය.

ඉවර නෑ...

නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/01/20    



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්