‘ඔවු... මට සචේතනිත් එක්ක රඟපාන්න වෙන්නෙ මෙච්චර කාලයක් ඇසුරු කරපු කාන්තා චරිත එක්ක රඟපාපු චරිතය අභිභවන චරිතයක්.

මං විශ්වාස කරනව ඒ චරිතෙ මට රඟපාන්න පුළුවන් වෙයි කියල. එහෙම රඟපෑවොත් මම දිනුම්.’

එබඳු සිතුවිලි සමුදායක වෙළී අලස සුවයෙන් සයනයේ දිගැදී සිටි ප්‍රතිෂ්ඨ යළි පියවි ලෝකය වෙත පතිත කළේ ඔහුගේ දුරකතනය වෙත ලද කෙටි පණිවිඩය යි.

''good morning...! Are you awake…?''

‘මේ මොකද මේ...! පාන්දර ම...!! තවම තුනහමාරයි නෙ...’

7ecb0dd58b9eae9fa78473b428d4b3a7සචේතනී මෙතරම් උදෑසනින් අවදි වී ඇතැයි නොසිතූ ප්‍රතිෂ්ඨ ඇය එවා ඇති කෙටි පණිවිඩය කියවා විමතියට පත් විය. එසැණින් ම ඔහු ද ඇය වෙත පිළිතුරු පණිවිඩයක් යැවී ය.

''good morning...! Yes yes... I'm awake... why this early in the morning...? Isn't it 03.30 yet?''

එසැණින් ම යළි සචේතනී ඇමිණූ අකුරු දුරකතනයේ දිස් විය.

''No no... I thought you were still asleep. OK OK..''

අද දවස පිළිබඳ ඇය මෙතරම් බලාපොරොත්තු සහිතව සිටිතැයි ප්‍රතිෂ්ඨ කිසිසේත් ම බලාපොරොත්තු නොවිණ. එසේ බලාපොරොත්තු නොතබා සිටීම පිළිබද වූ පශ්චාත්තාපයක් ද ඒ සමග ම මනසේ අකුරු කළේ ය. එහෙත් එම අකුරු දුරකතනයේ සටහන් කළ නොහැකි බැවින් හෙතෙම මෙසේ අකුරු ඇමිණී ය.

''Then it's okay. It's not another emergency, is it...?''

එසැණින් යළිත් සචේතනීගේ සිතුවිල්ල ගුවනේ පාවී විත් ප්‍රතිෂ්ඨගේ දුරකතනයේ සටහන් විය.

''No, no... It's not a problem. Then... come to Makumbur at 05.00.''

painting women wallpaper preview

‘ඇත්තට ම මේ මනුස්සයට මොකද්ද වෙලා තියෙන්නෙ... කෝ... ඇහුවට මොනවත් කියන්නෙත් නැහැ නෙ... කමක් නෑ... තව පැය කීපෙකින් මොකක් ම හරි වෙන්නැතෑ,’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ පණිවිඩ හුවමාරුව අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් අකුරු ඇමිණී ය.

''OK OK... I'll be there on time...''

‘‘හරි... එහෙනම් අද එහේ නතර වෙන්න බලාගෙන ම එන්න. thank you...!''

ඇය අකුරු ඇමිණීම අවසන් කළේ සිංහලෙනි. සුපුරුදු පරිදි ‘‘ස්තුතියි’’ යන වදන පමණක් ඉග්‍රීසියෙන් අමුණා තිබිණ; ප්‍රතිෂ්ඨ ඉතා කෙටියෙන් සිය අදහස අකුරු කළේ ය.

'' Ok... sure.''

*          *          *          *          *          *

ප්‍රතිෂ්ඨ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ළඟා වන විටත් ඔහු එන තෙක් සචේතනී පිවිසුම් දොරටුව අසල සිය ස්කුටි වර්ගයේ යතුරු පැදිය නවතා පෙර මග බලමින් සිටියා ය. ආරක්ෂිත හිස් වැසුම පැලඳ සිටිය ද යතුරු පැදිය හඳුනාගත්  ප්‍රතිෂ්ඨ ඇය අසල ම සිය යතුරු පැදිය නැවතී ය. ප්‍රතිෂ්ඨ දුටු සැණින් ඇය ප්‍රහර්ෂණාත්මක හඬින් වදන් මුදා හැරියා ය.

‘‘ආ... හොඳ ළමය.. වෙලාවට ආව නේද...’’

‘‘නැතව නැතුව... මං නැකතට වැඩ නොකෙරුවට වෙලාවට වැඩ කරනව කියල ඔයා දන්නැද්ද...?’’

ප්‍රතිෂ්ඨ ද ප්‍රහර්ෂණාත්මක ලෙස පිළිවදන් සැපයී ය.

‘‘දන්නව දන්නව... මොකද මං නොදන්නෙ...? මොකෝ ඔයා මාත් එක්ක ගමනක් යන පළවෙනි දවස අද නෙවෙයි නෙ... වෙනසකට තියෙන්නෙ... මම අද මාතලී... ඔයා ශක්‍රය... හරි හරි... අපි ඒව පස්සෙ කතා කරමු. ඔයා ගිහින් බයික් එක පාර්ක් කරල එන්න. මං පාරෙ එහා පැත්තෙ ඉන්නං,’’ යැයි පවසා අවසන් වනවාත් සමග ම ඇය යතුරු පැදිය හරවා කොට්ටාව දෙසට පැදවී ය.

abstract painting acrylic art artistic

ප්‍රතිෂ්ඨ ද බහුවිධ ප්‍රවාහන මධ්‍යාස්ථානය ඇතුළට පිවිස වාහන නැවතුමේ යතුරු පැදිය නවතා, ඒ වෙනුවෙන් ප්‍රවේශ පත්‍රයක් ද රැගෙන කඩිනමින් ම සචේතනී යතුරු පැදිය නවතා තිබූ ස්ථානයට පිවිසියේ ය.

‘‘නගින්න නගින්න... අපි අඩුම ගානෙ හය වෙද්දිවත් එහේ ඉන්න ඕන ප්‍රතිෂ්ඨ. මොකද... සඛී හයහමාර වෙද්දි ගෙදරිං යනව.’’

ප්‍රතිෂ්ඨ, සචේතනීගේ විධානයට යටත්ව යතුරු පැදියට නැගුණ ද ‘සඛී හයහමාර වෙද්දි ගෙදරිං යනව’ යන වදන් පහ ඔහුගේ සවන්පත් අතර රැඳිණ. යතුරු පැදිය ධාවනය වන අතර ම සචේතනීගේ සවනට මුව ආසන්න කළ ප්‍රතිෂ්ඨ ‘‘මොකද්ද ඔයා කිව්වෙ...? සඛි ගෙදරිං යනව කිව්ව... එතකොට...?’’

74647338 el retrato de la moda del modelo de la belleza con el polvo colorido compone muestra del silencio de‘‘හරි හරි... ඒව මං පස්සෙ කියන්නං...’’

ප්‍රතිෂ්ඨගේ පැනය විමසා අවසන් වන්නටත් ප්‍රථම පිළිවදන් සැපයූ සචේතනී, යතුරු පැදිය මාකුඹුර බෝ ගස අසලින් වමට හැරවූවා ය.

‘‘සඛීගෙ ගෙදර කිව්වට කොහේද එයාගෙ ගේ තියෙන්නෙ කියලවත් ඔයා කිව්වෙ නැ නෙ. ඇත්තට ම එයා කොහෙද ඉන්නෙ...?’’

පැයට කිලෝ මිටර් හතළිහක පමණ වේගයෙන් ධාවනය වන යතුරු පැදියේ අසුන දෙපස තදින් අල්ලාගත් ප්‍රතිෂ්ඨ, සචේතනිගේ සවන’සලට ඔහුගේ මුව ආසන්න කරමින් විමසුවේ ඔහු මුදාහරින වදන් සුළඟේ ගසාගෙන යැතැයි යන සැකයෙනි.

‘‘අයියෝ ප්‍රතිෂ්ඨ... සඛීගෙ ගේ තියෙන්නෙ කොහේ උනත් දැං අපි යන්නෙ එහේ නෙ... ඉතිං ගිහිං ම බලාගන්නකො... මං ඔයා වෙන කොහේවත් එක්ක යන්නැ... බයවෙන්නෙපා...’’

ප්‍රතිෂ්ඨ හට ඇගේ වත කමල දර්ශනය නොවුන ද එම වදන් මුදා හරින නිමේෂයේ ඇගේ වතකමලේ හැඩය මෙලෙස වන්නට ඇතැයි යනුවෙන් උපකල්පනය කළ ඔහු ‘‘සොරි සොරි... හරි... අපි යං... අපි යං... ඔයා කොහේ හරි ගිහිං බයික් එක නවත්තනකං මං ආයෙ ඔය ගැන වචනයක් අහන්නෑ...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ යළි යතුරු පැදියේ අසුන දෙපස තදින් අල්ලා ගත්තේ ය.

යතුරු පැදිය පසු පස හිඳගෙන යන පුද්ගලයා අසුන පසුපසට වැඩි බරක් යොදන්නේ නම් ඒ වෙනස යතුරු පැදිය ධාවනය කරන පුද්ගලයාට හැඟෙන්නේ ය. හිස මඳක් පසුපසට හැරවූ සචේතනී ප්‍රතිෂ්ඨ වෙතින් විමසූ පැනය එයට සාක්ෂි සැපයී ය.

‘‘මොකද අනේ... මිට කලිං සයිකල්වල පිටිපස්සෙ ගිහිං ම නැද්ද...?’’

ඇය විමසුවේ සම්ච්චල් ස්වරයෙනි.

ප්‍රතිෂ්ඨට මඳ ලජ්ජිත බවකට පත්වුව ද හෙතෙම ඇති තතු ම පැවසී ය.

‘‘ඔයා හරි... මං ඕන තරං බයික්වල පිටිපස්සෙ වාඩිවෙලා ගිහිං තියෙනව. හැබැයි බයික් පදින්න අරං දැං අවුරුදු පහළවක් විස්සක් විතර ඇති. එත්...’’

‘‘බයික් පදින්න ගත්තට පස්සෙ පිටිපස්සෙ වාඩිවෙලා යද්දි නිකං මොකද්ද මොකද්ද වගේ නේද...? මටත් ඔය ගතිය ටිකක් තියෙනව.’’ යැයි පැවසු ඇය අවසන ගිගිරි සැලුවා ය.

5589b8b066d1c3e87884de81b6f57642

මේ වන විට අතුරු මාර්ග කිහිපයකින් හරවා හොරණ - මහරගම 283 ප්‍රධාන මාර්ගයට පිවිසි යතුරු පැදිය හොරණ දෙසට ධාවනය වෙමින් පැවතිණ. ‘මේ කොහේද යන්නෙ...?’ යන වදන් ත්‍රිත්වය මුවගට ගලා ආව ද ප්‍රතිෂ්ඨ ක්ෂණයෙන් එය වළකාගත්තේ ය. ඒ, යතුරු පැදිය ධවනය කර අවසන් වන තෙක් ම යන දිශාව කුමක් දැයි නොවිමසන බවට සචේතනී වෙත වූ පොරොන්දුව සිහිපත් වූ බැවිනි. එය ඔහු තමාගෙන් ම විමසාගත්තේ ය.

‘හම්ම්ම්... දැං දියගමටත් කිට්ටුයි කොහේද අප්පා මේ යන්නෙ... අහන්නත් බෑ නෙ... ඔන්නොහො ගියාවෙ. කොහේ ගියත් හය වෙද්දි යන දිහාකට යයි නෙ,’යැයි සිතූ ප්‍රතිෂ්ඨ අත් ඔරලෝසුව දෙනෙතට එල්ල කළේ ය. එහි කාලය සටහන්ව තිබුණේ ‘05.25’ ලෙසිනි.

ඒ වන විට එතෙක් මඳින් මඳ හෝ සවන් පත් අතරට රිංගු සියොත් නද කෙමෙන් කෙමෙන් සැඟව යමින් වාහනවලින් නැගෙන ගොරතර හඬ කෙමෙන් කෙමෙන් සවන්පත් අතරට රිංගමින් තිබිණ. එමෙන් ම එතෙක් පැවති මඳඳුර සෙමෙන් සෙමෙන් පලා යමින් තිබුණේ දිවාකරගේ රශ්මියට සහ එහි පැහැයට මුහුණ දිය නොහැකි බවට ඉඟි සපයමිනි.

යතුරු පැදි පැදීම ආරම්භ කර සමයේ සිට මේ දක්වා සිය බිරිඳ, දරුවා මෙන් ම අනන්තප්‍රමාණ යහළුවන්, යෙහෙළියන්. හිතවතුන්, හිතවතියන්, තාවකාලික පෙම්වතියන් සිය යතුරු පැදිය පිටුපස නංවාගෙන ගොස් ඇති ප්‍රතිෂ්ඨ කාන්තාවක විසින් පදවනු ලබන යතුරු පැදියක පිටුපස අසුනේ අසුන්ගෙන යන පළමු අවස්ථාව මෙය වන බැවින් හෙතෙම යම් හුදෙකලා භාවයකට පත්ව සිටියේ ය. ඒ හුදෙකලා භාවය මග හරවාගනු වස් විටින් විට හිස දෙපසට හරවමින් අවට නිරීක්ෂණය කළ ඔහුට මීට වසර පහළවකට විස්සකට පමණ ඉහත මාර්ගය දෙපස පිහිටි වන ගුල්බ බඳු ස්ථාන ද, එක දිගට පැතිර ගිය රබර් වතු යායවල් යනාදි කිසිවක් මේ වන විට දෙනෙතට දර්ශනය නොවිණ. ඒ වෙනුවට ඔහු පසු කර වේගයෙන් පිටුපසට ඇදි ගියේ: රබර් ගස් මුලිනුපුටා දැමූ මුඩු බිම් බඳු ස්ථාන, ඈතට විහිදෙන එබඳු මුඩු බිම්කඩක් බෙදා වෙන් කර ඇති සීමා මායිම්, මාර්ගය ආසන්යේ ඉදි කළ නව නිවාස, ගරාජ මෙන් ම විවිධ ගොඩනැගිලි යනාදි සිතුවම් පෙළකි. මෙබඳු උදැසනක එකල දක්නට ලැබුණු දර්ශන වෙනුවට මේ නිමේෂයේ ඔහු පසු කර වේගයෙන් ඇදි ගියේ එකලට සාපේක්ෂව ගත් විට සපුරා ම වෙනස් සිතුවම් පෙළකි. ඒ සමග ම ඔහු අතීත සිතුවම් අතර සැරිසරන්නට විය. එහෙත් සැරිසැරිය එක් වරම අවසන් වූයේ සචේතනී හිස පිටුපසට හරවා යමක් විමසු බැවිනි. ඇය විමසුවේ කුමක්දැයි එක්වරම ග්‍රහණය කරගැනීමට අපොහොසත් වූ බැවින් ප්‍රතිෂ්ඨ ‘‘මොකද්ද...?’’ යැයි තරමක් හඬින් විමසී ය.

kjskja

 ‘‘නෑ මං ඇහුවෙ නිංද ගියා ද කියල... මොකද නිංද ගිහින් වැටුනොත් එහෙම...’’ යැයි යළිත් සමච්චල් ස්වරයෙන් විමසූ සචේතනී මඳක් හිස පිටුපසට හරවා බලා ක්ෂණයෙන් හිස යළි ඉදිරිපසට හැරවූවා ය.

ඇති තතු සැඟවූ ප්‍රතිෂ්ඨ ක්ෂණයෙන් මනසට පිවිසි මුසාවකින් ඇයට පිළිවදන් සැපයී ය.

‘‘නෑ ඉතිං... ඔයාම නෙ කිව්වෙ බයික් එක නවත්තනකං ප්‍රශ්න කරන්නෙපා කියල. ඒ හිංද ඉතිං මං නොකර සද්ද හිටිය...’’

ඇය කිසිවක් ම නොපැවසුව ද. ඇගේ උවනේ සෝපහාස ස්මිතයක් සිතුවම් වූ බව පැති කණ්ණාඩියෙන් දැකිය හැකි තරම් ආලෝකයක් ඒ වන විට පරිසරයට එක්ව තිබිණ.

‘‘ඔවු... ඒකනං හොඳයි. නැත්තං ඔයා අහන ප්‍රහ්නවලට උත්තර දීල ම අද දවසෙ ඔයාට කියන්න ඉන්න දේවල් කියාගන්නත් බැරිවේවි. මොකද මෙහෙම යද්දි හෙමින් කතා කරන්න බැහැ නෙ... අන්තිමේදි උවමනා තැනට යද්දි උගුරත් බැරැණ්ඩි වෙලා තියෙයි.’’

සචේතනී එසේ පවසා අවසන් වනවාත් සමග ම ඉදිරියෙන් පිහිටි මංසන්ධියකින් යතුරු පැදිය ප්‍රධාන මාර්ගයෙන් දකුණු පස පිහිටි අතුරු මාර්ගයකට හැරවූවා ය. එම මං සන්ධිය පසු කර ටික දුරක් ඇතුළට ගමන් කරන තෙක් ඔවුන් පසු කළ මංසන්ධිය කුමක්දැයි ප්‍රතිෂ්ඨට හඳුනාගැනිමට නොහැකි විය. තමන් පසු කර ආවේ තලගල මංසන්ධිය බව ඔහුට අවබෝධ වූයේ මීට වසර විස්සකට පමණ පෙර දේශපාලන සාකච්ඡා සඳහා නිරන්තරයෙන් පැමිණි ඉපැරණි නිවස නෙත ගැටුණු බැවිනි. අදාළ ස්ථානය ඉක්මණින් ඔහු පසුකර පසුපසට ගිය ද එම නිවස තවමත් ඉපැරණි තත්ත්වයෙන් වෙනස් වී තිබුණේ නිවසේ බිත්ති ආලේප කර තිබූ වර්ණය වෙනස්ව තිබූ බැවින් පමණි. ඒ අතර යතුරු පැදිය යළිත් වම් පස පිහිටි අතුරු මාවතකට හැරවු බව ඔහුට හැගිණ. අනතුරුව මඳ දුරක් ධාවනය වූ යතුරු පැදිය: බෝගන්විලා ලතාවලින් වැසීගත් පවුරකට සවි කර ඇති  ගේට්ටු පළු යුගලෙන් එකක් පමණක් විවෘත කර තිබූ අවකාශයකින් ඇතුළු විය. භූමි බාගයට ඇතුළු වු පසු ඔහු එම නිවසට ද පැමිණ ඇති බව සිහිපත් විය. නමුදු ඒ දේශපාලන සාකච්ඡා පැවැත්වීමට නොවන බැවින් හෙතෙම සැණෙකින් ඒ සිදුවිම් තම මනසින් මකා දැමී ය. ඒ වන විටත් එම විශාල භුමි භාගයේ මඳක් ඈතින් දිස්වන සුවිසල් නිවස වෙත යතුරු පැදිය ධාවනය වෙමින් පැවතිණ.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/06/02 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්