ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) යාම හැර පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලංකාවට වෙන විසදුමක් නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.



රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේ, සරසවි සිසු සිසුවියන් පිරිසක් සමග පැවති සාකච්ජාවකින් අනතුරුව ඊට සහභාගිව සිටි සබරගමුව සරසවියේ සිසුවකු වන පසිඳු ගුණරත්න කල විමසීමකදීය.

ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉතිහාසය පැහැදිලි කරමින් රනිල් මෙසේ සඳහන් කළේය.



''දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඕනෑම රටක ආර්ථික අර්බුදයක් තිබෙනවානම් ඒ සඳහා මුල්‍ය ස්ථාවර භාවයක් ලබා ගන්න තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇති කරලා තියෙන්නේ.  රටවල් ගණනාවක් IMF ගිහින් තියනවා. ඉන්දියාව ගිහින් තියනවා. එංගලන්තේ ගිහින් තියනවා. නොගිය රටක් නැහැ.



අපිත් 1977 ඒ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ විවෘත ආර්ථිකයක් ඇති කරන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහින් ආධාර ලබා ගත්ත. ඒ ආධාර වලින් පස්සේ තමයි අනෙක් රටවල ආධාර ලැබුනේ.

1989 වෙනකොට උතුරේ යුද්ධයයි දකුණේ භීෂණයයි නිසා ආර්ථිකය කඩා වැටිලා තිබුනේ. ආපහු ඒ අයගෙන් ආධාර ලබා ගත්තා. 2001 දී  ආර්ථිකය අපහු කඩා වැටුනා. අපේ ආර්ථික වර්ධනය සෘණ හැටියට අරගත්තේ. අපහු ගිහින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලන් ආධාර ලබා ගත්තා. 2015 ත් ඒ වගේ තත්වයක් තිබුනේ. යුද්ධෙන් පස්සේ අපේ රටේ අදායම අඩු වුනා.

ඒ විතරක් නෙවේ සම්පුර්ණයෙන්ම අපේ සංවර්ධනය රඳා පැවතුනේ කෙටි කාලින සංවර්ධන වැඩසටහනක් උඩ. එහෙනම් උතුරේ ප්‍රතිසංස්කරණය සඳහා දුන්නු මුදල් වියදම් කරන්න ඉදිකිරීම් වලට දකුණේ සුනාමියට ලැබුණු මුදල් වියදම් කරන්න.. ඊට අමතරව චීනෙන් අපි ආධාර අරගත්තා.



ඒ වගේම මහාමාර්ග හා වරාය ඉදි කරන්න සියල්ලම 2013 - 2014 වන කොට අවසන් වෙලා විශාල ආර්ථික අර්බුදයකට පැමිණියා. අපට මුදල් තිබුනේ නැහැ විදේශ ණය ගෙවන්න. අපේ රජයට අදායම් මදි.



මේ අනුව 2015 දී අපි අලුත් වැඩසටහනක් පටන් ගත්තා, එකක් තමයි අපේ ප්‍රාථමික අයවැය. ඒ කියන්නේ ණය ගෙවන එක හැර අනෙක් හැම එක ගැනම අතිරික්තයක් ලබා ගන්න. අනෙක් අතට අපේ විදේශ විනිමය වැඩි කරගන්න. අපි අලුත් සංවර්ධන මාවතකට යන්න ඒක ආරම්භ කරලා තමයි ඉදිරියට ගෙනිච්චේ..

 ඇත්ත වශයෙන්ම පාස්කු ඉරිදා බෝම්බෙටත් මුහුණ දීල ආපහු දියුණු වෙන්න අවස්තාව හම්බුනා. එත් මෙතැනදී මේක අවුරුදු 10 ක් ක්‍රියාත්මක කරන්න තියනවා.

ගිය ජනාධිපතිවරයෙන් පස්සේ වැට් බද්ද අඩු වුනා. එතකොට රටේ ආදයම අඩු වුනා. ඊට අමතරව අපට විශේෂයෙන්ම කොරෝනා වසංගතය නිසා අපිටත් අනෙක් රටවල්වලටත් ආර්ථික හානිය ලැබුනා. අපිට විදේශ විනිමය ලැබුණ නැහැ. අපේ කර්මාන්ත ශාලා අපේ අනෙක් ව්‍යාපාර වහන්න සිදු වුනා. එතනදී බේත් ගෙන්න කියලා  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ආධාර ලැබුනා අපි එක ගත්තා.



''එත් 2020 දී ඡන්දෙදි මම කිව්වා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහින් අපට ඩොලර් මිලියන 4 ක් ගන්න වෙයි කියලා. 2021 වෙන කොට මේක තවත් උග්‍ර වුණා. ඉතින් එවලේ යන්න කියලා කිව්වා. රටවල් ගණනාවක් එවලේ ගියා. අපි ඒ අවස්ථාවේදී ගියේ නැහැ. ඒ වෙලාවේදී තමයි මම කිව්වේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන එක හැර වෙන විසදුමක් මේ රටට නෑ කියලා. ''



පසිඳු :
ආරම්භයේදී පවතින රජය කිසියම් පැකිලීමක් දැක්වුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නට දැන් රජය තීරණය කරලා තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ගරු හිටපු අග්‍රාමාත්‍ය තුමනි ඔබතුමන් හිතන ආකාරයට  ජාත්‍යන්තර මුලය අරමුදලේ  ආධාර ඇතුව මේ පත්වෙලා තියන මුල්‍ය අර්බුධයෙන් ඇත්තටම අපට ගොඩ එන්න පුලුවන්ද ?  



රනිල් :
අපට ගොඩ එන්න නම් අපි බලන්න ඕනේ පළමුවෙන්ම මොකක්ද ආර්ථික අර්බුදයක් කියන්නේ. ඕනෙම රටක ඕනෙම ආර්ථිකයක භාණ්ඩ නිෂ්පාදනය කිරීම සේවා ලබා දීමත් ඒවා බෙදා හැරීමත් ක්‍රියා කරන්න සිදු වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ප්‍රශ්න ඇතිවුණාම තමයි විශේෂයෙන්ම ආර්ථික අර්බුද ඇතිවෙන්නේ.  

මෙතැනදී මුල්‍ය වැඩකටයුතු තමයි පදනම. මුල්‍ය වැඩකටයුතු වල ස්ථාවර භාවයක් ඇතිවුනාම තමයි ආර්ථිකය ස්ථාවර වෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ මුල්‍ය වැඩකටයුතු ගැන සාකච්ජා කරන්න පමණයි.

එතෙන්ට ගියහම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉල්ලන්නේ, මෙහෙම රටේ ආර්ථිකය ස්ථාවර කරලා රටේ ණය ගෙවන්න පුළුවන් විදිහට විදේශ විනිමය ලබාගෙන, ඒ වගේම සංවර්ධය ඇතිකරන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. ඒ ප්‍රතිපත්ති මාලාවට එකඟ වෙනවනම් එකඟ වුනාන් පස්සේ විශේෂයෙන්ම  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මුදල් දෙනවා.

 

ඒ මුදල් දෙන්නේ අනෙක් වැඩකටයුතු වලට නෙවෙයි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ අය කියන්නේ ආර්ථිකය හදාගෙන එනකොට අනෙක් ප්‍රශ්න විසදෙනවා කියලා. රටේ ආර්ථිකයට ඕනේ මුදල් ඔක්කොම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දෙන්නේ නැහැ. අනෙක් රටවලින් ආධාර ගන්න පුළුවන් අපට ගිහින් ජාත්‍යන්තර වෙළදපලේ මුදල් ලබා ගන්න පුළුවන්. එත් මේ හැම එකක්ම කරන්න අපි මුලික වශයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ජා කරලා සාර්ථක වෙන්න ඕනේ.    




පසිඳු :
අතීතයට ගියොත් ඔබතුමන්ගේ පාලන සමයන්හිදී මේ රටේ ආර්ථිකය අර්බුද වලට මුහුණ දුන් අවස්ථා වලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඇතුව මේ රට ඒ ආර්ථික අර්බුදවලින් ගොඩ ගත් අවස්ථා තියනවා. මම හිතන්නේ මමත් ඇතුළුව මේ රටේ තරුණ ප්‍රජාව ඒ ඉතිහාසය ගැන ලොකු අවබෝධයක් නැහැ. මම කැමති ඔබතුමන්ට මතක් කරන්න පුලුවන්නම් ඔබතුමන්ගේ පාලන සමයේදී ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලේ සහය ඇතුව ඒ අර්බුදවලින් ගැලවුන අකාරය  



රනිල් :
1977 ඇත්ත වශයෙන්ම ඊට ඉස්සරලා තිබුන පාලන ආර්ථිකයෙන් සම්පුර්ණයෙන් රට කඩා වැටිලා තිබුනා. දවස් දෙකක් බත් කන්න එපා කියලා නීති දැම්ම. ඉති මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න අපි ගියේ විවෘත ආර්ථිකයට යන්න කියල.  

 
එහෙනම් ඒ පාලන ආර්ථිකය විවෘත ආර්ථිකයකට පරිවර්තනය කරන්න ඕනේ වැඩසටහනක් ගෙනාවේ. ඒ වැඩසටහන ගෙනා අවස්ථාවේදී විශේෂයෙන්ම අපට ඒ මුදල් ලැබුන. ඒ නිසා තමයි රුපියල පා කරන්න පුළුවන් වුනේ. විවෘත ආර්ථිකයකට. ඒ එක්කම මේ වැඩසටහන් දැක්කහම රටවල් ගණනාවක් අපිට ආධාර උපකාර කළා.




පසිඳු :
ගිය සතියේ රුපියලේ අගය පා කිරීමට රජය තීරණය ගත්තා. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම වෙළඳ පල අගය මත තීරණය වන බවට  මහ බැංකු අධිපතිවරයා දැනුම් දුන්නා. මෙයත් මම හිතන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයකට අනුව සිදුවූ දෙයක්. ඔබ තුමා හිතන්නේ රුපියලේ අගය පා කිරීමෙන් ලංකාවේ ආර්ථිකයට සිදුවුනේ යහපතක්ද ? අයහපතක්ද ?


රනිල් :
ඇත්ත වශයෙන්ම IMF උපදෙස් වගයක් දීල තියනවා අධ්‍යක්ෂකවරුන්ගේ උපදෙස් මාලාවේ.  උපදෙස් ගණනාවක් දීල තියනවා එකක් ක්‍රියා කරලා හරි යන්නේ නැහැ, ඒ සියල්ල ගැනම එකඟත්වයට එන්න ඕනේ පළමුවෙන්ම IMF සංවිධානය එක්ක.

එතන කිව්වේ ක්‍රමානුකුලව රුපියල ආපහු වෙළඳ පලේ අගයට යන්න. ක්‍රමනුකුලව. රුපියලේ මිල අඩු වෙන කොට එකෙන් පිඩාවට පත්වෙන කණ්ඩායමට සහනයක් ලබලා දෙන්න කියලා. මේ අනිත් සියල්ලම ක්‍රියා කරනකොට තියෙන්න එකක්. මේ එකක් විතරයි. අපි කියන්නේ ඕගොල්ලෝ මේ වැඩසටහන ගෙන්න කියල. අපි ඉස්සරලම කලේ එක තමයි.

හැමතිස්සෙම IMF සංවිධානෙට ගිහින් එකඟ වෙලා ඒ ගොල්ලෝ දෙන මුදල කියනවා. ඊට පස්සේ තමයි අපි රුපියල පා කරේ. දෙපාරක් විතර එත් මෙතැනදී සිදු වුනේ ඇත්ත වශයෙන්ම මහ බැංකුව තීරණය කළා මේක කරන්න. එතන ඇතිවුන ප්‍රශ්නය තමයි ඇයි ? අපි පා කරන්නේ කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඉල්ලුමට ඕනේ තරම් සැපයුමක් නෑ ඩොලර් වල.



සහතික වෙන්න කණ්ඩායමකුත් හිටියේ නැහැ....

ඉතින් අපි IMF එකට ගියාම දන්නවා අපිට සහනයක් එන්න තියනවා. ඉතින් සැපයුම වැඩි වෙනවා කියලා.  එක නිසා තමයි  ස්ථාවර බාවය ඇති වෙන්නේ. මෙතන ඇත්ත වශයෙන්ම ඩොලර් වලට උවමනා කම් තවත් වැඩි වුනා. මේ අවස්ථාවේදී. එතකොට ඉල්ලීමට අදාළ සැපයුමක් තිබුන් නැහැ. ඊට අමතරව ඒකට සහතික වෙන්න කණ්ඩායමකුත් හිටියේ නැහැ.

ඉතින් මෙතන ඉඳන් වෙළඳපලේ උවමනාකම් ගැන යනවා. ඉතින් බැංකුවට තියන්නේ දැන් මුදල් හොයන්න. අපි ඉස්සරලා කලේ, සහතික වීම අපි කරලා දුන්නා. ඊළඟට ඉතුරු මුදල් හොයන එක බැංකු වලට බාර දුන්නා. මේ සියල්ලම බැංකු වලට බාර දීල තියන්නේ. ඒක  නිසා මේක සිදු වෙන්නේ. අනික මම බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේක දන්න නිසා දැන් මේකෙන් පිඩාවට පත්වුණ රටේ ජනතාවට, මම හිතන්නේ 50% කට වෙන්න පුළුවන්, කෙටි කාලින වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා.


පසිඳු :
අපි දැක්ක රජය මෑතකදී ප්‍රකශ කළා. විදේශ සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙලා තියනවා. ඒ අනුව රටට විදේශ මුදල් වැඩිපුර ගලා ඒමට ආරම්භ වෙලා තියනවා කියලා. ඔබතුමා දකින ආකාරයට මේ තුළින් රටේ ආර්ථිකය නැවතත් යථා තත්වයට පත්වෙලා තියනවද ?


රනිල් :
ඇත්ත වශයෙන්ම අපේ රටේ වැඩියෙන්ම විදේශ විනිමය ලබා ගන්නේ මැද පෙරදිගයි,  අපේ ඇඟලුම් කර්මන්තයෙනුයි, එතැනින් තමයි ලබා ගන්න තියන්නේ අපිට සංචාරක ව්‍යපාරයෙනුත් ලැබෙනවා. සංචාරක ව්‍යපාරයෙන් සංචාරකයෝ අවුරුද්දට මිලියන 2,3 වගේ එන්නේ. කොවිඩ් වසංගතයෙන් පස්සේ එක සිදුවෙලා නැහැ. ඇත්ත වශයෙන්ම ලංකාවට එන ප්‍රමාණය අඩුයි. අපි බැලුවොත් මම හිතන්නේ නැහැ ලංකාවට 10 % ක් වත් ඇවිල්ල තියනවා කියලා.

 ලංකාවට එන පිටරට ශ්‍රී ලාංකිකයෝ හැර අපට අඩු ගානේ 50 % ක් ගත්තේ නැත්නම් ඒක සාර්ථක නැහැ. අනික අපට සිදු වෙලා තියන්නේ දැන් එන හුගක් අය යුක්රේන් රුසියන් අය. එයාලා කාමරයකට ගෙවන්නේ ඩොලර් 70, 80 . ඉතින්  මේකෙන් 100 ට ගන්න තැන අපි දැන් අඩු කරලා තියනවා. 70ක ට. ඉන්පසු  යුරෝපයෙන් එනකොට ඒ අය 100 ට ගෙවන්නේ නැහැනේ. ආපහු 70 ට ගෙවනවා. ඉතින් මේ අදායම් අඩු වුන නිසා තවත් ප්‍රශ්න ඇතිවෙලා තියනවා.

සේවය කරන චෙෆ්ල, හොඳ අය, ඔක්කොම රට යනවා. මෙහෙන් ඩොලර් 1000 ක් හම්බුනොත් එහෙන් ඩොලර් 2500 ක් 3000 ක් විතර හම්බ කරගන්න පුළුවන්. මාලදිවයිනේ විතරක්, ඩුබායි ගියොත් ඊට වඩාත් හම්බ කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්ත වශයෙන්ම දියුණුවක් නැහැ, මේ මුදල් ආවා කියලා. මේ ප්‍රමාණය විතරයි තියන්නේ.

අනික විශේෂයෙන්ම අපිට තව ප්‍රශ්නයක් වෙන්නේ අපි මාල දිවයින එක්ක සංසන්දනය කරොත් මාලදිවයින කාමර ගාස්තු අඩු කලේ නැහැ. අනික අපේ සංචාරක ව්‍යාපාරයට ප්‍රශ්න තියනවා.



පසිඳු :
අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි අපේ රටේ ආර්ථිකය දැඩි අර්බුදයක තිබෙන මොහොතක් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට තිබෙන ප්‍රධානතම භාෂාව ලෙස ඔබ දකින්නේ කුමක්ද ?


රනිල්
අපි කෙටි කාලීනව හිතන්න හොඳ නැහැ. අපි දීර්ඝ කාලීනව හිතන්න ඕනේ. රටක් හදනවා කියන්නේ අවුරුද්දක් නෙවේ. 77 අපි රට හදල එකෙන් භුක්ති විඳලා තියනවා.


දැන් රට හදන්න ඕනේ තරුණ කණ්ඩායම් වලට, විශේෂයෙන්ම තව අවුරුදු  20 ,30,  40 ක් තියන අයට. එහෙනම් අලුත් පදනමක් දාන්න ඕනේ. මේ පරණ  ක්‍රමයට හැමදාම මැදපෙරදිග අදායම් තියෙන්නේ නැහැ. මේ සංචාරකයන් නිසා ඩොලර් 70 ට විකුණලා හරියන්නේ නැහැ.  ඇඟලුම් කර්මාන්ත වලින් විතරක් අපිට ඉදිරියට යන්න බැහැ. එත් අපි අනාගතය බලන්න ඕනේ. අනාගතයට හරියන විදියට ආර්ථිකය හදන්න ඕනේ.



ජාතික එකඟතාවයක් තියෙන්න ඕනේ

මේ රටේ තියන ආර්ථිකයත් එක්ක අපි එකතු වෙන්න ඕනේ. ඒ වැඩකටයුතු කරන්න ඕනේ. ඒ ගැන හිතන්නේ නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක්. අපි එතෙන්ට යනවනම් ඒ සඳහා වුවමනා මුලික ප්‍රතිපත්ති ගැන ජාතික එකඟතාවයක් තියෙන්න ඕනේ. අපේ රටේ වෙලා තියන්නේ ජාතික එකඟතාවයක් නැහැ. එක ආණ්ඩුවක් අවහම අනෙක් ආණ්ඩුව කරපු ඒවා වෙනස් කරනවා.  

අපි කරපු ඒවා ඉදිරියට ගෙන ගියා නම් අද මේ ආණ්ඩුවට ප්‍රශනයක් වෙන්නේ නැහැ. අද එහෙනම් මේ ආණ්ඩුව මේ තත්වෙකට වැටෙන්නේ නැහැ. අපි අනාගතය දිහා බලල ඉදිරියට යන්න ඕනේ නැත්නම් අපට අනාගතයක් නැහැ.


පසිඳු :
අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලන්ට කැමතියි මේ අපේ රට කියල අවසන් වශයෙන් බොහෝ බලාපොරොත්තු තබාගෙන ඉන්න විශාල තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න කියලා මම ඉල්ලන්නට කැමතියි.


රනිල් :
නායකත්වය අරගෙන ඉදිරියට එන්න

(සටහන - එජාප මධ්‍යම මාධ්‍ය ඒකකය)
 

 
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්