රටේ ආර්ථික අර්බුදය සහ ඊට විසඳුම් යෝජනා සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග Chatham Street journal පුවත් පත සිදුකරන ලද සාකච්ඡා සටහනකි. 



■ IMF ඇතුළුව ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යනවා. රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීලා අමාරුවෙන් නැගිටිමින් තිබෙන්නේ. අපි එතනින් කතාබහ ආරම්භ කරමු?

අපි කවදාවත් පාඩමක් ඉගෙන ගත්ත ජාතියක් නෙවෙයිනේ. අර්බුදය වලක්වා ගන්න නිවැරදිව එය අවබෝධ කරගෙන ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණා. නමුත් අපි පාඩම් ඉගෙන ගන්නේ තාප්පෙටම හේත්තු වෙලා කර කියාගන්න දෙයක් නැති වුණාට පස්සේ. IMF සාකච්ඡා සාර්ථකව ඉදිරියට යනවා තමයි. අපි මුලින්ම ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න ඕන. ඒක අවශ්‍යයි.

නමුත් අපිට සුද්දා කියන දේ ඒ විදිහටම කරන්න ඕනද කියන ප්‍රශ්නය මම මතු කරනවා. මම අත්දැකීමෙන් කියන්නේ.

2015 අපි ආව වෙලාවේ ඔවුන් විවිධ උපදෙස් නිර්දේශ ලබා දුන්නා. නමුත් අපි ඒ අවස්ථාවේ රාජ්‍ය බදු ආදායම 8.4%ට අඩුවෙලා තිබුණ රටක්. නමුත් අපි 15% දක්වා එය වැඩි කරගත්තා. හැබැයි ඒ සුද්දා කියපු විදිහට කරලා නෙවෙයි. අපි ඔවුන් කිවුවට වඩා ඉදිරි දැක්මක් ඇතුව වැඩ කරලා තමයි එතනට ආවේ.

සුද්දා කියන කල් ඉන්න වුණානේ මේ දේවල් තේරුම් අරගෙන වැඩ කරන්න. එතන මට දුකක් තියෙනවා. හරි නම් අපිට සුද්දන්ට කියන්න තිබුණා, අපි මෙහෙමයි කරන්නේ, මෙන්න අපේ වැඩපිළිවෙල කියලා.

අපි ගතානුගතිකව හිතන්නේ. විපක්ෂය කියනවා ඔන්න සුද්දට යට වෙන්න යන්නේ කියලා. නැත්නම් අනිත් පැත්තෙන් චෝදනාවක් එනවා සල්ලි හදන මාර්ගයක් හදාගන්න යන්නේ විපක්ෂය ඒක නැති කරනවා කියලා. ඔය වගේ අදහස් මැද අන්තිමට තැලෙන්නේ අහිංසක ජනතාව.
 
අපි අලු‍තෙන් හිතන්න ඕන. අපි අපනයනය වැඩි කරන්න ඕන. ආනයන ආදේශක ඇතුළුව ඊට ඇති අවස්ථා,ක්‍රමවේද ගැන අලු‍තෙන් හිතලා ආනයන අඩු කර ගන්න ඕන. ආනයනයේ සහ අපනයනයේ පරතරය නැති කිරීම අවශ්‍යයි.

 
තවදුරටත් අපේ සම්පත් අමුද්‍රව්‍ය ලෙස තුට්ටු දෙකට විදෙස් ගතකිරීම නෙවෙයි අවශ්‍ය, ඊට අගය එකතුකර වැඩි ආදායමක් ගන්න බලන්න ඕන. අපි ඇත්තටම හැමදෙයක්ම තියාගෙන නිකම්ම නැති භංග වෙච්ච රටක්.
  

තවදුරටත් අපේ සම්පත් අමුද්‍රව්‍ය ලෙස තුට්ටු දෙකට විදෙස් ගතකිරීම නෙවෙයි අවශ්‍ය, ඊට අගය එකතුකර වැඩි ආදායමක් ගන්න බලන්න ඕන. අපි ඇත්තටම හැමදෙයක්ම තියාගෙන නිකම්ම නැති භංග වෙච්ච රටක්.

දැන් බලන්න ජපානය, හැමදේම නැතුව ඉඳලා, නැති දේ ඇති කරගෙන, දැන් අතිරික්තයක් ඇති රටක් බවට පත්වෙලා තියෙනවා. අපේ සහ ජපානයේ වෙනස තමයි, ඔවුන් මහන්සියෙන් වැඩ කරලා, නිර්මාණශීලීභාවයක් ඇතුව රටට ආදරයෙන් වැඩ කරලා තියෙනවා. ඒ රටවල දේශපාලනඥයන් හිතන්නේ අවුරුදු 20 - 30 ඉදිරිය ගැන. අපේ දේශපාලනඥයන් හිතන්නේ කොහොමද අනිකාට කරදරයක්, හිරිහැරයක් කරන්නේ කියලා. ඔන්න ඔය කියන පහත් දේශපාලනය පැත්තකින් තියලා අලු‍තෙන් හිතුවොත් අපිට පුළුවන් ගැළවීමක් ලබන්න. නැත්නම් රටට අනාගතයක් නෑ.



■ සෘජු බදු වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට රටේ සැලකිය යුතු අවධානයක් යොමුව තිබෙනවාද?

ඔව්. ප්‍රතිපත්තියක් ලෙස එයට එකඟයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේක හොඳට තිබිලා වැටිච්ච රටක්. නමුත් එදා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරලා බිලියන 600 - 700ක් නැති කරගත්තා. ඒ නැතිකර ගැනීම සමඟ කොවිඩ් ආවා. එතනදී තවදුරටත් වැටුණා. දැන් ඉතාම දුෂ්කර තැනක ඉන්නේ. අපට බදු ආදායම් උපයන මාර්ග තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ සීමිත තැනටම බදු පිට බදු පැනවුවොත්, සමාගම් පවා රටින් පිටවෙන්න පුළුවන්.

නැත්නම් ඔවුන් සීමා සහිත ලෙස අපි සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන්න ඉඩ තියෙනවා. බදු අයකිරීම ගැන තියන ප්‍රසිද්ධ නිර්වචනය තමයි, මී මැස්සා මල නොතලා රොන් ගන්නවා වගේ ඒ කටයුත්ත සිදුකරන්න ඕන කියලා. ඒක තමයි අපි 2015 දී අංග සම්පුර්ණ ලෙස කළේ. අපිට එදා බැන්නා. නමුත් මාස 3න් අපි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% කට බදු ආදායම ගෙනාවා. අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා, අපි එදා කරගෙන ගිය විදිහට ගියා නම්, නිවැරදියි කියලා.

මම මීට පෙරත් සඳහන් කළා වගේ අපි එදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියපු විදිහටම නෙවෙයි කළේ. මම කියන්නේ අදත් එහෙම යන්න තිබුණා. ප්‍රායෝගික නැති බදු කිහිපයක් තියනවා. ඒ ගැන නිලධාරීන් සැළකිලිමත් වෙන්න ඕන.
 
උපයන විට බදු ගැනත් ඒ තත්වය තියෙන්නේ. රුපියල මේ වෙනකොට නැත්තටම නැති වෙන්න වැටිලා තියෙන්නේ. එහෙම පසුබිමක ලක්ෂයේ ආදායමට බදු පැනවීම ප්‍රායෝගික නෑ. ඊට වඩා ඉහළ මට්ටමින් බදු පැනවීම සිදුකරා නම් හොඳයි කියලයි මගේ අදහස. බදු අයකරන කොට ගෙවීමේ හැකියාව ගැන සැළකිලිමත් වෙන්න තිබුණා. මට ඒ බව පේන්න නෑ.
 
අපි කියන්න ඕන, “‍මෙන්න මේ ක්‍රමයට හරි අපි එතනට බදු ප්‍රතිශතය ගේන්නම්”‍ කියලා. ඒ මිස සුද්දා කියන එකම කරන්න ඕන නෑ. මේ ගැන නිලධාරීන් සැළකිලිමත් වෙන්න ඕන. ඔවුන් තීන්දු ගන්න කලින්, ඒ ඒ ක්ෂේත්‍ර පරීක්ෂා කරලා බලන්න ඕන. සුද්දා කියන විදිහට බද්ද ගැහුවාම අන්තිමට දොස් අහන්නේ දේශපාලනඥයා.


සමාගම් සම්බන්ධයෙන් පවා කටයුතු කරන කොට එහෙමයි. මේවා කියන විදිහට කරන්න කියලා නියමයක් නෑ. IMF කියන සේරම කරන්න කියලා නියමයක් නෑ. ඔවුන් කියයි බදු ප්‍රතිශතය අසවල් තැනට ගන්න කියලා. එතකොට තමයි නිර්මාණශීලී වෙන්න ඕන. අපි කියන්න ඕන, “‍මෙන්න මේ ක්‍රමයට හරි අපි එතනට බදු ප්‍රතිශතය ගේන්නම්”‍ කියලා. ඒ මිස සුද්දා කියන එකම කරන්න ඕන නෑ. මේ ගැන නිලධාරීන් සැළකිලිමත් වෙන්න ඕන. ඔවුන් තීන්දු ගන්න කලින්, ඒ ඒ ක්ෂේත්‍ර පරීක්ෂා කරලා බලන්න ඕන. සුද්දා කියන විදිහට බද්ද ගැහුවාම අන්තිමට දොස් අහන්නේ දේශපාලනඥයා. මම ඒකයි කියන්නේ,

ප්‍රතිපත්තියක් ලෙස එකඟයි. නමුත් මීට වඩා නිර්මාණශීලී වෙන්න තිබුණා.
 


■ විපක්ෂය යළිත් චෝදනා කරනවා ආයෙත් රටට අහිතකර කොන්දේසි යටතේ විවිධ විදෙස් ගිවිසුම් ගැන?

මම ඔය නිසා තමයි අලු‍තෙන් හිතන්න ඕන කියලා යෝජනා කරන්නේ. බිල්ලන් මැවීමේ සංකල්පයක් තියනවනේ. එතැනදී දැනගෙන අදහස් දැක්වීමක් සිද්ධ වෙන්නේ නෑ. නොදන්න දෙයක් වුණත් ඔය හිතෙන විදිහට කියලා දානවා. මොකද අරමුණ බය කිරීම නිසා.
 
 
මම ඔය නිසා තමයි අලු‍තෙන් හිතන්න ඕන කියලා යෝජනා කරන්නේ. බිල්ලන් මැවීමේ සංකල්පයක් තියනවනේ. එතැනදී දැනගෙන අදහස් දැක්වීමක් සිද්ධ වෙන්නේ නෑ. නොදන්න දෙයක් වුණත් ඔය හිතෙන විදිහට කියලා දානවා. මොකද අරමුණ බය කිරීම නිසා. දැන් බලන්න ඔය බිල්ලන් මැවීමේ සංකල්පය ඇතුළේ නොදන්නා දේවල් කතා කරන්න ගිහින් කොච්චර අර්බුද හදාගෙන තියෙනවද? උදාහරණයක් විදිහට වෛද්‍යවරුන් පොහොර ගැන කතා කරනවා.

තමන් වෘත්තීය වෛද්‍යවරයෙක් නම් වෛද්‍ය ක්ෂේත්‍රය ගැන කතා කිරීම ප්‍රමාණවත් නේද? දැන් බලන්න ඵක්‍ක්‍ ගිවිසුම ගැන එල්ල කරපු චෝදනා. ලංකා සිතියම අරගෙන රට මැදින් ඉර ඇඳලා බිල්ලා මැව්වේ. රට බෙදලා පෙන්නලා නතර වුණේ නෑ. ජාතිවාදී බිල්ලන් පවා මැව්වා.

නමුත් ඵක්‍ක්‍ කියන්නේ රට බෙදන ගිවිසුමක්ද? අපිට ප්‍රදානයක් ලෙස ලැබෙන්න තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 480ක් අපි අහිමිකර ගත්තා. නවීන තාක්ෂණික වැඩපිළිවෙලක් ද ඒ සමඟ අහිමි වුණා. ඒ නිසා දැන්වත් හැදෙන්න ඕන නේද?



■ මේ වෙනකොට පෝලිම් යුගය අවසන් කරලා, අසීරුවෙන් නමුත් රට දැනෙන තරමට ස්ථාවරත්වයක් ඇතිකර ගනිමින් තිබෙනවා. ඒ පසුබිමේ තවත් පිරිසක් කොළඹ වටලන්න දින නියම කරමින් සිටිනවා. මේ තත්ත්වය ආර්ථිකයට මොන විදිහට බලපෑම් කරයිද?

රටේ ආර්ථිකය කඩා වැටුණොත් සමස්ත රට කඩා වැටෙනවා කියලා මම පසුගිය යුද සමයේ ඉඳලා කියන්නේ. මේකට පැලැස්තරයක් නෑ. රටේම ශක්තිය, දැනුම රට ගොඩනගන්න පාවිච්චියට ගන්න
ඕන, ප්‍රාග්ධනය පිටින් හරි ගේන්න ඕන. එහෙම නැත්නම් ආයෝජකයන් කැඳවන්න ඕන. ඒ කටයුතු නොකර බෝඩ් ලෑලි උස්සගෙන ගිහින් මොනවද රටට කරලා තියෙන්නේ.

දැන් බලන්න උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171,000 කට අධික සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබුවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගයට අයදුම් කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 62.9ක ප්‍රමාණයක්. නමුත් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගත්තේ 42,500ක් වගේ ප්‍රමාණයක්. දැන් ඉතුරු අයට මොකද වෙන්නේ? විශ්වවිද්‍යාල අලු‍තින් පිහිටුවීමට අවස්ථාව දෙන්න ඕන. රජය විශ්වවිද්‍යාල පිහිටුවන තුරු පරම්පරා කීයකට උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වෙන්න දෙන්නද? අපි ඒ නිසයි කියන්නේ. මේක දැනුමේ කේන්ද්‍රයක් බවට පත්කර ගන්න පුළුවන්.
 
විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගත්තේ 42,500ක් වගේ ප්‍රමාණයක්. දැන් ඉතුරු අයට මොකද වෙන්නේ? විශ්වවිද්‍යාල අලු‍තින් පිහිටුවීමට අවස්ථාව දෙන්න ඕන. රජය විශ්වවිද්‍යාල පිහිටුවන තුරු පරම්පරා කීයකට උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වෙන්න දෙන්නද? අපි ඒ නිසයි කියන්නේ. මේක දැනුමේ කේන්ද්‍රයක් බවට පත්කර ගන්න පුළුවන්.   අපි ඇයි ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්නේ. ඇයි එතනට දරු පරම්පරාව පත්කරන්නේ. අධ්‍යාපන ක්‍රමය මුළු ලෝකයටම ගැළපෙන ලෙස යාවත් කාලීන කරන්න ඕන.
අපි ඇයි ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්නේ. ඇයි එතනට දරු පරම්පරාව පත්කරන්නේ. අධ්‍යාපන ක්‍රමය මුළු ලෝකයටම ගැළපෙන ලෙස යාවත් කාලීන කරන්න ඕන. දැන් බලන්න ඉන්දියාවේ ෂඔ විෂය දියුණු වුණේ ඒ ආකාරයට. අපි පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකරන්න ගියහම විරුද්ධ වෙනවා. නමුත් වාර්ෂිකව විදෙස් ගතවෙන සිසුන් හරහා රුපියල් බිලියන ගණනක් රටින් පිටතට ඇදිලා යනවා. මොන අපරාධයක්ද ඒ. මම කියන්නේ ආර්ථික වශයෙන් හොඳ හැකියාවක් තියන දරුවන් ගැන නෙවෙයි. පිරිසක් ඉන්න පුළුවන් කොහොමටත් විදෙස් ගත අධ්‍යාපනයට යොමුවුණ. නමුත් මම කියන්නේ රටේ බහුතරයක් ගැන. බහුතරයක් නේපාලයට, බංගලාදේශයට, ඉන්දියාවට ගිහින් මොකක් හරි උපාධියක් අරගන්න බලන්නේ. ඇයි ඒ දරුවන්ට රට තුළ අවස්ථාව හදන්න නොදෙන්නේ.

අපි තමයි විශ්වවිද්‍යාල සිසුන්ට පොළී රහිත ණයක් හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇතුළත්වීමට අවස්ථාව නිර්මාණය කර දුන්නේ. ඒ පහසුකම දරුවන් කොච්චර ප්‍රමාණයක් ගත්තද? ඒවා නේද රට වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න ඕන. නමුත් බෝඩ් අතට දීලා පාරට බස්සවලා මොකක්ද හදන්න යන අනාගතය. බොරුවට බලය ගන්න මොන මොනවා හරි කරනවා.

ඕකෙන් රටට වෙන සෙතේ මොකක්ද?

අවුරුදු පනහකට පෙර සිංගප්පූරුව හදන්න ලී ක්වාන් යූ උදාහරණයට ගත්තේ ලංකාව. දැන් අපි වසර ගණනක ඉඳලා සිංගප්පූරුවක් වෙන්න හදනවා. අපි විහින් නැති වුණ රටක් වෙලා. මේවා කිව්වාම පෞද්ගලිකව මඩ ගහනවා. නමුත් සෝවියට් රුසියාවේ අද සමාජවාදය තියනවද? චීනයේ තියනවද? චීනයේ දැන් බිලියනපතියන් ඉන්නවා. ඒ කොහොමද?

ඒ රටවල් නව ලෝක තත්ත්වය එක්ක වෙනස් වෙලා. නමුත් අපේ අය බොහොම කුහක විදිහට, අපේ රට එතනට ගෙනියන්න දෙන්නේ නෑ. දැන් බලන්න විවෘත ආර්ථිකය හඳුන්වලා දීලා අවුරුදු කීයක් ගත වෙලාද? මේ අය කරන්නේ විවෘත ආර්ථිකයට බැන බැන ඒ තුළම ජීවත් වෙන එක නේද?

ඒකයි මම කියන්නේ, අපි හිතන පතන විදිහේ ඉඳලා වෙනස් වෙන්න ඕන. අලු‍ත් වෙන්න ඕන. ර්මාණාත්මක වෙන්න ඕන.

සාකච්ඡා සටහන - දර්ශන දිසානායක
Chatham Street journal – 2022.10.23

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්