රැග් වෙලා නැති එකත් අවුලක්
රැග් වෙන්න දන්නැති එකත් අවුලක්
රැග් වෙලා නැති එවුන් රැග් කරන එකත් අවුලක්
රැග් කරන්න දන්නැති එවුන් රැග් කරන එක පට්ට අවුලක්
රැග් වෙලා නැති එවුන් රැග් ගැන කථා කරන එකත් අවුලක් 

 


"රැග්" එහෙමත් නැතිනම්, විශ්ව විද්‍යාල නවක වදය කියන කාරණය කාලයෙන් කාලයට සමාජය තුළ කතාබහට ලක්වෙන උණුසුම් මාතෘකාවක්.
 

සමහරෙක් නවක වදය සාධාරණිකරණය කරන අතර තවත් සමහරෙක් එය එකහෙලා ප්‍රතික්ෂේප කර යි. බොහෝ විට නවක වදය යන මාතෘකාව සම්බන්ධයෙන් ආන්තික මත පළ කෙරුණ ද මැද මාවතක සිට ඒ දෙස බැලීමට උත්සහ නොකෙරෙන තරම්.
 

හොඳට රැග් වෙලා තියෙන, හොඳට රැග් කරලා තියෙන, රැග් ගැන හොඳින් දන්න පුද්ගලයෙක් වන චමින්ද ගුණසිංහ, The Leader TV යූ ටියුබ් නාලිකාවේ 'Leader Chats' වැඩසටහන සමඟ සම්බන්ධ වුණේ මැද මාවතක හිඳ මේ කාරණය ගැන විවෘත කතාබහකට මුල පිරීමට යි.
 

දේශපාලන හේතු මුල්කරගනිමින්, ''ලංකාවේ විශ්ව විද්‍යාල නවක වදය'' යන මාතෘකාව සම්බන්ධයෙන් කිසිවෙක් සත්‍ය ප්‍රකාශ නොකරන බව යි ඔහුගේ අදහස.
 

චමින්ද ගුණසිංහ සමඟ සිදු කළ සම්පූර්ණ කතාබහ පහත වීඩියෝවෙන් නරඹන්න, 
 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්