දිලිත් ජයවීර කියන්නෙ ලංකාවෙ ඇඩ්වර්ටයිසින් ගෝඩ්ෆාදර් කෙනෙක් කියන්න පුළුවන්.

ඉංග්‍රීසි ඇඩ්වර්ටයිසින් කලාව සිංහල ඇඩ්වර්ටයිසින් වලට පෙරලුවෙ දිලිත් එයාගෙ ට්‍රයැඩ් එක පටන් අරගෙන.

ඒ විතරක් නෙමෙයි සිංහ කොඩියෙ ඔතලා තමන්ගේ බ්‍රෑන්ඩ් එක මාර්කට් කරන්නත් දිලිත්ට පුළුවන් වුනා.

යුද්දෙට යන්න තරුණයො නැති කාලෙ දිලිත් ''අපි වෙනුවෙන් අපි''' කැම්පේන් එක කරලා හමුදාව රොමාන්තිකකරණය කළා.

 ලංකාවෙ කිසිම ඇඩ්වර්ටයිසින්කාරයෙක් නොකරපු විදිහට දිලිත් ලක්ෂ 69ක ජනතා බලයක් සහිතව තමන්ගේ ජනාධිපතිවරයෙක් පවා නිර්මාණය කළා.

හැබැයි ප්‍රොඩක්ට් එක ෆේල් වුනා.

හොඳ නරක ගැන ආචාර ධාර්මික විචාර පැත්තකින් තිබ්බොත් දිලිත් කියන්නෙ ක්‍රියේටිව් ඔස්තාද් කෙනෙක්.  

දිලිත්ගේ ඔලුව වැඩකරන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න ගත්ත උත්සාහයක් තමයි මේ වීඩියෝව.

ජාතිය කියන දේ මාර්කටින් උපකරණයක් වෙන හැටි කෙනෙකුට තේරුම් ගන්න කවුළුවක් මේක.

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්