ජනාධිපති රනිල් කියන්නේ විසක් බවත්, හිටපු අමාත්‍ය බැසිල් තමාගේ බොස් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
ඔහු එබව කියා සිටින්නේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චිගේ YouTube නාලිකාවේ OnThe Spot with Sudewa විශේෂාංගය සමඟ එක්වෙමිනි.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දේශපාලන කරලියේ පුවත් මවන්නකු වන අතර ඔහුගේ ප්‍රකාශයන් සේම ක්‍රියාවන්ද සාමාන්‍ය ජනයා අතර නිරන්තර කතාබහට ලක්වේ.
කරලියේ කතාබහට ලක්වෙන මාතෘකා කීපයක් සම්බන්ධයෙන් ඔහු මෙම වැඩසටහනේ දී අදහස් පළකර ඇත.
* මගේ බොස් බැසිල් නෙවෙයි.
* ඔව් මම මගේ පිස්තෝල පාවිච්චි කරනවා.
* රනිල් කියන්නේ විසක්. එයාත් එක්ක බේරගන්න වෙනම ගණුදෙනු ටිකක් තියෙනවා.
* ජ.වි.පෙ පුත්තලමෙන් එක පළාත් පාලන ආයතනයක් හරි දිනුවොත් මම දේශපාලනයෙන් අයින් වෙලා පොරොන්දු වුනා වගේ මම අමුඩයක් ඇඳගෙන ගෙදර යනවා.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සුදේව හෙට්ටිආරච්චි සමඟින් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්.