1200 x 80 DMirror

විවිධ පූජකයින්, බෞද්ධ භික්ෂූන්, නීතිවේදීන්, වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු සමාජයේ ඉහළ නිලතල දරන බොහෝ දෙනා

නිරන්තරයෙන් සිය පහස ලබන නමුත් සිය වෘත්තීය ජීවිතයේ දී මුහුණදෙන කිසිදු ගැටලුවකට නීතියේ පිළිසරණ පැතීමේ හැකියාවක් නොමැති බව ලිංගික ශ්‍රමික කාන්තාවක් පෙන්වා දෙයි.

"Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ඒ බව කියා සිටි කටුනායක වෙළෙඳ කලාපයේ හිටපු මෑන්පවර් සේවිකාවක වන ඇය පවසන්නේ, ලිංගික ශ්‍රමය ද නීතිගත කොට තමන් ඇතුළු ලිංගික ශ්‍රමිකයින්ගේ වෘත්තීය හිමිකම් රැකදිය යුතු බවය.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වෙළෙඳ කලාපයේ සේවිකාවන් ලක්ෂ දෙකකට පමණ සිය ජීවිකාව අහිමි වූ බව කලාපයේ වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් පසුගියදා පෙන්වා දී තිබිණ.

මේ තත්වය යටතේ බරපතලම පීඩාවට ලක්වන්නේ මෑන්පවර් සේවිකාවන් වන අතර, රැකියා අහිමිවීමත් සමග ඇතැමුන් ලිංගික පහස විකිණීමට පෙළඹී ඇති බව ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා සංවිධානයේ අශිලා දන්දෙණිය පවසයි.

කෙසේ වුවත්, ආර්ථික අර්බුදය හමුවේ වෙළෙඳ කලාපයට සමු දුන් මේ ලිංගික ශ්‍රමිකාව පවසන්නේ වත්මන් රැකියාව අත්හැර යළිත් මෑන්පවර් සේවයට එක්වීමට තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති බවය.

"ආර්ථික අහේනිය නිසා සමහරු මෑන්පවර් රස්සාව ඉවර වෙලා හවසට මේ රස්සාව කරනවා. සමහර කාන්තාවෝ බත් පතට පවා මිනිස්සු එක්ක යනවා."

ලිංගික ශ්‍රමය සැපයීමේ රැකියාව තෝරාගැනීම ගැන කිසිදු කනගාටුවක් නොමැති වුනත් සිය 18-හැවිරිදි දියණිය එම රැකියාව තෝරාගනු දැකීමට තමන් අකැමති බවත් ඇය කියා සිටියාය.  


 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය