භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනිය ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

මිය යන විට ඇයගේ වයස අවුරුදු 92කි.

කොවිඩ් - 19 හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වය බරපතල වීම නිසා මුම්බායි නුවර බ්‍රිජ් කැන්ඩි රෝහලේ දී ඇය මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

'ඉන්දියාවේ නයිටිංගේල්' ලෙසින් හැඳින්වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කර තිබේ.

භාරත රත්න, පද්ම විභූෂන්, පද්ම භූෂන් වැනි ඉන්දියාවේ ඉහළම සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත.

 

 

 

 

Leader Whats app

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්