94 වැනි ඔස්කාර් සම්මාන උළෙල, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණු අතර, සම්මාන උළෙලේ හොඳම
නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත්, වේදිකාවට ගොඩවී, සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් විය.
විල් ස්මිත් සම්මාන උළෙල සඳහා පැමිණ සිටියේ බිරිඳ මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළියක ද වන ජේඩා පින්කෙට් සමගය.
ජේඩා හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඇය හිස බූ ගා සිටියාය. වේදිකාවේ සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට එය විහිළුවක් විය. ඔහු තොරතෝංචියක් නැතිව, ජේඩා විහිළුවට ගත් අතර එය විල් ස්මිත්ගේ කෝපයට බදුන් විය.
තවත් බලා සිටිය නොහැකි වුණු විල් ස්මිත්, වේදිකාවට ගොඩ වී, ක්‍රිස් රොක් අසලට ගොස් ක්‍රිස් රොක් ට අතුල් පහර එල්ල කරයි. එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරුණි.

ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දීය. තමන් ‘ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් ප්‍රසිද්ධියට පත් තර තිබේ.

එම සිදුවීමෙන් පසු විල් ස්මිත් හැගීම්බරව කඳුළු සලන්න වූ බවත්, ප්‍රවීණ මෙන්ම සම්මානීය නළු ඩෙන්සල් වොෂින්ටන් සහ ටයිලර් පෙරී වේදිකාවේ මුල්ලකට වී, විල් සිමිත් සැනසූ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
විල් ස්මිත් පසුව කඳුළු සලමින් හොඳ ම නළුවාගේ කතාවේදී සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේ ය.

"මට ඇකඩමියෙන් සමාව ගැනීමට අවශ්‍ය යි. මට මගේ සියලු ම සෙසු නාම යෝජනාකරුවන්ගෙන් සමාව ගැනීමට අවශ්‍ය යි"