නිදි නැති කුණාටු - ප්‍රාසාංගික විරෝධය : අප්‍රේල් 11 සවස 5 ට සුදර්ශියට එක්වෙමු

 


අරගලයේ කුණාටු මැද
නිදි නැති ඇස් තුළින් දකින්න..
යළි යළිත් දකින්න..
පිළුණු ලොවේ විනාශය මෙන්ම
නැවුම් ලෝකයක් ගැන ආදර පරිකල්පනය..!







Sleepless Storms:

1986 මැයි පළවෙනිදා ‘නිදි නැති නදියේ නාදය’  ප්‍රසංගය ඉදීරිපත් කළ  මහජන වේදිකාව වූ කලී  තරුණ  සංස්කෘතික කණ්ඩායමක් වූ අතර එහි  විජිත ගුණරත්න , සුනිලා අබේසේකර , සුනිල් විජේසිරිවර්ධන , රෙඩ්ලි සිල්වා , රංජිත් පෙරේරා ආදීහු සමාරම්භක වශයෙන්  ක්‍රියාත්මක වූහ. මෙම  ඓතිහාසික  ප්‍රසංගයේ නිර්මාණ කටයුතු සඳහා  සංගීත,  රංග කලා හා දෘෂ්‍ය කලා ක්ෂේත්‍රවල කලාකරුවන් හැටදෙනෙක් පමණ  සහභාගි වූහ. මේ පිරිසෙන් බහුතරයක් ස්වේච්ඡා මට්ටමින් මේ ප්‍රසංගය උදෙසා  සිය  දායකත්වය ලබා දුන් බව සිහිකටයුතුය. මෙම  දැවන්ත  කාර්යය  සාර්ථක කරගැනීම සඳහා ‘ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා වූ ව්‍යාපාරය  (මර්ජ් ව්‍යාපාරය) මහජන වේදිකාවට සිය උපරිම  සහයෝගය ලබා දුන් බවද  සඳහන් කළ යුතුය.



"දෝතට ගනිමු"

රචනය සහ සංගීතය: සුනිල් විජේසිරිවර්ධන
ගායනය: සුනිල් විජේසිරිවර්ධන සහ සුනිලා අබේසේකර


දෝතට ගනිමු .. දෝතට ගනිමූ ..
ඉර ද සඳ ද මහා පොලවද
දෝතට ගනිමූ...
ලා හිරු එළියේ දිලිසෙන විලිකුන් අඹයක්
නිසල රැයේ කඩා හැලෙන නිල් වන් තරුවක්
දයා දියෙන් පෙගී රිදෙන හදවත් කැටියක්
ඒ හදවත ගැන ලියවෙන ආදර කවියක්
දෝතට ගනිමූ...
පිළුණු ලොවම ඉවත හෙලන මිනිසා වෙනුවෙන්
වෙනස් වෙන්න බලා සිටින ලොව ගැන පැතුමක්
ඒ පැතුමන් රැගෙන ගලන නිදි නැති නදියක්
දෙගොඩ තලන ඒ නදියෙන් බිහිවෙන දරුවෙක් ..
දෝතට ගනිමූ...



 

 

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්