theleaderlk 01

චන්දන ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන "මගුල් ප්‍රජාතන්ත්‍රවාදය" කෙටි චිත්‍රපටිය අද (18) ගාලු මුවදොර අරගල භුමියේ දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම්

කර තිබේ.

 

ඒ අනුව, සිනමාපටය අද රාත්‍රී 7.30ට "ගෝඨා ගෝ ගම" ටියර් ගෑස් සිනමාශාලාවේ දී තිරගත කිරීමට නියමිත ය.

 

‘ඇජෙන්ඩා 14’ ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම කෙටි චිත්‍රපටිය මීට පෙර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ දී හොඳම කෙටි චිත්‍රපටියට හිමි සම්මානයට නිර්දේශ විය. එසේම, 9 වැනි ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලේ දී "මගුල් ප්‍රජාතන්ත්‍රවාදය"ට ජූරියේ සම්මානයක් හිමි විය.

රෝම ස්වාධීන චිත්‍රපටි උළෙල, දකුණු ආසියානු චිත්‍රපටි උළෙල, සනීසයිඞ් ෂෝට්ස් ජාත්‍යන්තර සිනමා උළෙල යන උළෙලවලදී මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය කෙරුණි.

sas

සමන්ති ලැනරෝල්, කෞශල්‍යා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, මයුර කාංචන, අංජන ප්‍රේමරත්න, චන්දන අලුත්ගේ, යශෝධා රසඳුනි, කෞශල්‍යා මෙන්ඩිස්, සත්සරණී බණ්ඩාර, ගවිත් ගලිඳවත්ත "මගුල් ප්‍රජාතන්ත්‍රවාදය" කෙටි චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී ඇත

"මගුල් ප්‍රජාතන්ත්‍රවාදය" නැරඹීමට අරගල භූමියට ඔබටත් ආරාධනා!

 

MV5BZGEwNjIxZDQtOTFjNi00OGQ5LTg2N2YtYjk5YmNhOTVkNzA3XkEyXkFqcGdeQXVyMjMyMDY0NjI. V1

 

 

Leader Whats app

  

නවතම පුවත්