1200 x 80 DMirror

 
 

ශ්‍රී ලාංකේය ලේඛිකා අමන්දා ජයතිස්ස විසින් රචනා කරන ලද "My Sweet Girl’' නම් කෘතිය, නිව්යෝක් හි පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක

ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන උළෙලේ දී හොඳම පළමු නවකතාවට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.

මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සංගමය (ITW) විසිනි.

 

"මේ වෙලාවේ මගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක් ගෙවමින් ඉන්නේ, ඔබ එවැනි රටකින් එන කෘතියක් තෝරා ගත්තා කියන එක හරියට මට ලෝකයක් ලැබුණා වගේ," යැයි සම්මානය දිනාගත් අවස්ථාවේ ඇය ප්‍රකාශ කර සිටියා ය.

FUgvbW5WIAEf3o

60097417. SY475 "My Sweet Girl’' අමන්දා ලියූ පළමු ත්‍රාසජනක නවකතාව වන අතර "You’re Invited" නම් ඇයගේ දෙවැනි කෘතිය මෙම වසරේ අගෝස්තු මස දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

2021 දී ලොව ඕනෑම රටකින්, පළමු වරට, ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂිත නවකතා, කෙටි කතා හෝ ශ්‍රව්‍ය කෘති මෙවර ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන සඳහා නිර්දේශ ලබා තිබුණි.

සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට කතුවරයා ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වීම හෝ ප්‍රකාශකයා එම සංගමයේ පිළිගත් ප්‍රකාශකයෙක් වීම අනිවාර්ය වේ.

 


 

Leader Whats app

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58