මියැසි මාරුතය (இசை புயல்) විරුදාවලියෙන් ජනාදරයට පත් ඒ ආර් රහ්මාන් නමින් ප්‍රකට අල්ලා රක්ඛා රහ්මාන් ගේ සිනමා සංගීත නිර්මාණ දිවියට
දශක තුනක් සපිරෙයි.
මනි රත්නම් අධ්‍යක්ෂණය කළ 'රෝජා' චිත්‍රපටය සඳහා නිමැවූ මුල්ම සංගීතය වෙනුවෙන් ඔහු 1992 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා උළෙලේ මෙන්ම 1993 වසරේ ඉන්දීය ජාතික සිනමා උළෙලේ හා ෆිල්ම්ෆෙයාර් උළෙලේත් හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙසින් සම්මාන දිනාගත්තේය.
සිනමාවේ උළෙල අතර මුදුන් මල්කඩ සේ ගැනෙන ඔස්කාර් උළෙලේ 2009 දී විශිෂ්ඨතම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ ශිල්පියා ලෙස සම්භාවනාවට පාත්‍රවූ මහා ගාන්ධර්ව රහ්මාන් සිංහල මාධ්‍යවේදියකු සමග පැවැත්වූ පළමුවන්න ලෙස සැලකෙන සම්මුඛ සාකච්ඡාවයි මේ.
නිර්මාණ දිවිය මෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැනද අදහස් පළ කරමින් BBC ලෝක සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක චන්දන කීර්ති බණ්ඩාර සමග 2016 දී කළ එම කතාබහ මුල්වරට ප්‍රචාරය වූයේ IBC දෙමළ රුපවාහිනී නාලිකාව ඔස්සේ.
Kadhal Rojave - A R Rahman - Arvind Swamy, Madhoo - Roja (1992) - Tamil Video Song
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,