1978 අංක 1 දරණ පනත මගින් ස්ථාපිත කළ ටවර් හෝල් රඟහල පදනම එහි අරමුණු හා කාර්ය භාර්ය ක්‍රියාත්මක කිරීමේ එක් පියවරකට අදාළව 2007

වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව ආරම්භ කළ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාවේ (සිංහල මාධ්‍ය) දිගුවක් ලෙස 2022.05.04 දින යාපනය සංදිලිපායී සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව (දෙමළ මාධ්‍ය) ආරම්භ කළේ ය. එහි ම දිගුවක් ලෙස ටවර් දෙමළ නාට්‍ය හා රංගකලා පාසල සම්බන්ධ අවබෝධතා ගිවිසුම 2022.08.24 දින පෙ:ව: 10.00 ට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති කාර්යාලයේ දී කළේ ය.

මෙම ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ රංගකලා පාසලේ දේශන පවත්වනු ලබන්නේ: උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් අධ්‍යාපන ලේකම්, යාපනය විශ්ව විද්‍යාලයේ කලා හා උපාධි අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති, යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ, යාපනය පලෛ ගුරු විද්‍යාලයේ හිටපු විදුහල්පති, උතුරු පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් හා ටවර් හෝල් රඟහල පදනමේ සහකාර අධ්‍යක්ෂ (දෙමළ නාට්‍ය ප්‍රවර්ධන) ඇතුළු විද්වත් සාමාජිකයින්ගෙන් සමන්විත විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් හා විෂය ප්‍රාමාණික විද්වතුන් පිරිසක් විසිනි.

දෙමළ මාධ්‍ය නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2022/23 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් සිසු සිසුවියන් 50 දෙනෙකු බඳවාගනු ලැබූ අතර, දේශන සහ ප්‍රායෝගික  ක්‍රියාකාරකම් මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම පාඨමාලාවේ පාඨමාලා කාලය වසර දෙකකි. උසස් ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන විද්‍යාර්ථීන් අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධියේ තෙවන සහ සිවුවන වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය වෙත අනුයුක්ත කෙරේ.

IMG 20220824 WA0020IMG 20220824 WA0021 IMG 20220824 WA0013
IMG 20220824 WA0011
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්