පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සාහිත්‍ය අනුකමිටුව විසින් 27 වැනි වරටත් සංවිධාන කරනු ලබන මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය
සාහිත්‍ය උලෙළේ වල සතිය වෙනුවෙන් වේදිකා නාට්‍ය 7ක් රංගගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව, අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා පස්වරු 7ට රජා මං වහලා, තල මල පිපිලා, හිතුමතේ ආදරේ, කැපනං, උත්පලවර්ණා, රත්මල් යහනක සැතපී, ආශාවේ වස්තුව යන වේදිකා නාට්‍ය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ දී වේදිකා ගත කෙරෙනු ඇත.
වේදිකා නාට්‍ය කාලසටහන මෙසේ ය,
* අගෝස්තු 29 වැනිදා චාමික හත්ලහවත්ත ගේ "රජා මං වහලා"
* අගෝස්තු 30 වැනිදා ජයලත් මනෝරත්න ගේ "තල මල පිපිලා"
* අගෝස්තු 31 වැනිදා ජිනිදු පද්ම ශ්‍රි බණ්ඩාර ගේ "හිතුමතේ ආදරේ"
* සැප්තැම්බර් 1 වැනිදා සචිත්‍ර රාහුබද්ධ ගේ කැපනං, උත්පලවර්ණා, රත්මල් යහනක සැතපී කෙටි නාට්‍ය ත්‍රිත්වය
* සැප්තැම්බර් 2 වැනිදා සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපත් කරන "ආශාවේ වස්තුව"
