ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ශෙහාන් කරුණාතිලක විසින් ලියූ "The seven Moons of Maali Almeida" කෘතිය 2022 බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත

වී තිබේ.

ඒ අනුව, පිට පිට වසර දෙකක් තුළ ශ්‍රී ලාංකීය ලේඛකයන් දෙදෙනෙකු මෙම සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර අනුක් අරුද්ප්‍රගාසම් රචනා කළ "A Passage North" කෘතිය 2021 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 අතරට සුදුසුකම් ලැබී ය.

 

බුකර් ත්‍යාගය 2022 සඳහා කෙටි ලැයිස්තු ගතවූ කෘති 6 අතරට නොවයලට් බුලාවයෝ ගේ Glory, පර්සිවල් එවරට් ගේ The Trees, ඇලන් ගානර් ගේ Treacle Walker, ක්ලෙයා කේගන් ගේ Small Things Like These, එලිසබෙත් ස්ට්‍රවුට් ගේ Oh William! යන කෘති ඇතුලත් වේ.

 

47991ඇලන් ගානර්87 හැවිරිදි බ්‍රිතාන්‍ය ලේඛක ඇලන් ගානර් කීර්තිමත් බුකර් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තු ගත වූ වයස්ගතම ලේඛකයා බවට ඒ අනුව පත්ව ඇත. එසේම, ක්ලෙයා කේගන් ගේ Small Things Like These කෘතිය මේතාක් බුකර් සම්මාන නිර්දේශ ලැබූ කෙටිම නවකතාව වීම විශේෂත්වය කි.

JAIPUR, INDIA - JANUARY 21: Queen Mother of Bhutan Ashi Sangay Choden Wangchuck (in pink) presents the DSC Prize for South Asian Literature 2012 to Sri Lankan debut Novelist Shehan Karunatilaka (L) for his book 'Chinaman'  during the DSC Jaipur Literature Festival (JLF) in Jaipur on January 21, 2012. Sri Lankan debut Novelist Shehan Karunatilaka won the US$50,000  DSC Prize for South Asian Literature 2012 his book 'Chinaman. (Photo by Parveen negi/The India Today Group via Getty Images)

ශෙහාන් දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය ලබාගනිමින්

 

ශෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාව 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය හිමිකරගෙන තිබේ. "The seven Moons of Maali Almeida" ඔහුගේ දෙවැනි නවකතාවයි.

vertical 1 homepage

බුකර් කෙටි ලැයිස්තු ගතවූ කෘති 6

 

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.

මෙවර බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයා ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය.

 

සබැඳි පුවත් :

ශෙහාන් කරුණාතිලක ලියූ කෘතියක් 2022 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට

2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ "A Passage North" අවසන් වටයට


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image