විශාරද අභිෂේකා විමලවීර වර්තමාන ගායන ක්‍ෂෙත‍්‍රයේ වෙනස්ම රිද්ම මවන්නියක්.



ඇයගේ ගීතවත් හඩත්, සොඳුරු රූපයත් මෙන්ම ඇයට ගී පබැදීමට ඇති හැකියාවත් වර්තමාන ගීතරසවිඳින්නන්ගේ ආකර්ශණය දිනාගන්නට සමත්ව තිබෙනවා.

'අභී' යන කෙටි නාමයෙන් හඳුන්වන ඇය මේ දිනවල කාගෙත් කාතාබහට, ආදරයට සහ ආකර්ශණය ට ලක්ව සිටිනවා සබැඳිනී යන ඇගේ ගීත රචනාවෙන් සහ සුගායනයෙ මිහිරෙන් .

සැප්තැම්බර් 02 වැනි දින ජනගත කළ සබැඳිණී යූටියුබයේ නැරඹූම් වාර මේවනවිටත් ලක්‍ෂ 10 සීමාව තිබෙනවා .

වේගරිද්ම ගීත ජනප්‍රියත්වයට පත්ව ඇති මොහොතක අභීගේ මෙම සබැඳිනී ගීතය වර්තමාන තරුණ රසික රසිකාවියන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය ව තිබනවා.

මේ ගීතයේ හවුල්කාර ගයන්නිය සහ රගන්නිය වන්නේ අභී ගේ ගුරු හරුකම් ලබමින් The Voice Teen  හි ප්‍රථම ස්ථානය දිනාගත් පණීර්ෂායි.

ප්‍රනීර්ෂා ත්‍යාගරාජා The Voice Teens කිරුළ හිමිකර ගනී

අභී ගේ නවතම සබැඳිනී හි සංගීතය රාගධාරී සංගීතය බාවිතා කරමින් නිර්මාණය කරන ලද්දක්. එහි රූප රචනයත් ඉන්දීය සංස්කෘතික ලක්‍ෂණ පෙන්නුම් කරන්නක්.

ගීතය පිළිබඳ විචාරයකට යනවට වඩා මේ මොහොතේ ගීතය නරඹන්න, රසවිඳින්න අහන්න සංගීත රසික රසිකාවියන්ට ආරාධනා කරනවා.

අභීගේ ගීත රචනා කලාව ඇය තව තවත් වැඩි දියුණු කරගනීවි.

ඇගේ ගීත රචනා රසවිඳින්න පුලුවන් බව ඇයගේ ගී රසික රසිකාවන්ගේ සටහන් තුළින් අවබෝධ කරගන්න පුලුවන්.

අබී එයාගේ අලුත්ම ගීතය ගැන මෙහෙම මුහුනු පොතේ සටහන් කරලා තිබුනා.

"එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී....
කඳුළැලි ගඟ ළඟ ඉකිබිඳ නාඬන්
රෝස කැළේ රතු කැකුළි......
මේ මම නිතරම මුමුණපු ගීයක්.
අවුරුදු ගාණක් ගතවෙලා.....
හිනා මල් හිත පුරා පිපිලා.....

''සබඳිනී, ලියන්න නම් ගියේ විනාඩි 10ක් වගේ පුංචි කාලයක්.

ඒත් මේ ගීතයේ සංගීතය වෙනුවෙන් අපි ටිකක් මහන්සි වුණා.

ඇත්තටම ගීය ලියවුණේ ඊට පස්සෙ.

ඒ වගේම ඒ නාද මාලාවට ගැලපෙන රූප මවන්නත් ටික කාලයක් ගත වුණා.

ඉතින් ඒ හැමෝටම හුඟාක් ස්තූතියි.

අපේ අලුත් පරම්පරාවේ තිබුණු අර්ධ ශාස්ත්‍රීය ගීයක අඩුව මේ ගීතයෙන් යම් තරමකින් හෝ පුරවන්න පුළුවන් වේවි.

පුංචි රහසක් කියන්නම්.

දවසක ලස්සනටම හිනා වෙන්නෙ කාලෙකදි වැඩියෙන්ම අඩපු ඇස්.

සතුටු කඳුළු දුන් ඔබට මං හරිම ආදරෙයි.''

හොද නිර්මාණයක් බිහි කරන්න හොද රසිකයෙක් ඕනෙමයි.

අද මම ප්‍රණීර්ෂා එක්ක අලුත් කතාවක් කියනවා.

ඉතින්.....

සබඳිනී අද සිට ඔබේ.....

(අභී - ප්‍රණීර්ෂා)

304766103 616148076543975 6403713966264643202 n

සබඳිනී මා ඔබේ
රතදර කෝඩුකාර
කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ...

රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව..
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටින් වසා
ඉන්නම් හීන බලබලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහැරිලා...

ඔබගේ ආලෙන්
දුන්නු ඒ නිධානෙන්
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ...

පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න...
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටෙන් වසා
ඉන්නම් හීන බල බලා

සළලාන මාගෙ
හීනේ පාට ඇහැරිලා
හීනේ පාට ඇහිරිලා....

අටවෙනි ස්වරය ඔබද
ඔබ ළඟ ළගම නේද
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ ඔබගෙ නේද
නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ මගෙම නේද



'සබැඳිණී'අභීෂේකා විමලවීර විසින් ඇයගේ ප්‍රථාභාවන් රසවත් ලෙසඔප් නංවාගන්නා ලද විශේෂ අවස්ථාවකි.


අභීගේ ගීතයේ අපූර්වත්වය මැවූ කණ්ඩායම

Artistes ~ Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja •

Melody and Music ~ Gimhana Komangoda

Lyrics ~ Abhisheka Wimalaweera

Video Director ~ Chamil Pathirana @Thaala Roopa

Music Production and Programming - Atishay Jain ( Kolkata,India)

Flute - Soumyajyoti Ghosh
Sitar - Subhash Bose
Tabla and percussion - Amit Choubey
Mixing and mastering - Ritesh Gandhi @ Strings,The Studio ( Kolkata, India)

Chorus (Colombo Oriental Choir) - Madusha Chamari de Silva, Lakmee Dassanayake, Shashi Warnareka Mallikarathne, Hansani Erandi Karunarathne, Chamodya Rashmiprabha Kuruppu, Khanika Edirimanne

Dop - Ranga Sb

Edit - Thaala Roopa Studio

Art Director - Buddi Sanjaya

Assistant Director - Roshan Wimalasena

Colorist - Yashoda Dnupama @ Coloration Colombo

Production Manager - Chanaka Fernando

Makeup - Lakshitha Jayasinghe / Suranga Akash

Choreography - Gayan Srimal |Thilini Madushani | Kavindu Maduushan

Performed by TM Dancer, Wishmitha Prabhath, Rashmi Nilochana, Anjana Heenatigala, Shashwan Ranasinha, Sonashi Nethmini, Sandun Charuka Munasinghe, Rumesha Jayakodi, Githmi Warsha, Lasiru Ayesh Nimnada

Video Production - Thaala Roopa

Location Partner Light Of Asia

Special Thanks

Swapneel Jaiswal Vihanga Rukshan
 


(උපුටා ගැනීම -mirrorarts.lk)




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්