''කෙටි නාට්‍යය කියන්නෙ පුදුමාකාර ප්‍රබල නාට්‍ය ශානරයක්. ඒ ශානරය රස විඳින්න කැමති අය සචිත්‍ර රාහුබද්ධ ගැන අවධානෙන් ඉන්න එක හොඳයි.''



වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස නම් දරන සචිත්‍ර රාහුබද්ධ ගැන මහාචාර්ය ලියනගේ අමරකීර්ති තැබූ සටහනක් තමයි ඒ.

මේ තරුණ කෙටි නාට්‍යකරුවා ගේ නාට්‍ය උලෙළක් මෙම මස මැද දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

උලෙළේ නම ''හිතට වැටුන මිසයිල''.

උලෙළ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 18 වැනිදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී. ඒ සවස 3.30 සහ 7.00 යන දර්ශනවාර ලෙසින්.

304291860 158485090177568 6584230656428134277 n

සචිත්‍ර රාහුබද්ධ ගේ කෙටි නාට්‍ය හතරක් එහිදී වේදිකා ගත කිරීමට සුදානම්.

2021 රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම කෙටිනාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම රංගාලෝකය, හොඳම රංග වින්‍යාසය සහ හොඳම නළුවා යන සම්මාන දිනූ ''රත්මල් යහනක සැතපී'', 2019 යෞවන සම්මාන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම වේශ නිරූපණය, හොඳම පසුතල, හොඳම රංග වින්‍යාසය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම නළුවා සහ හොඳම සහය නළුවා යන සම්මාන දිනූ ''කැපනං'', 2021 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ අවසාන වටය නියෝජනය කළ ''උත්පලවර්ණා'' සහ ''දෙමළා නම්'' කෙටි නාට්‍යයේ මංගල දර්ශනය නැරඹීමේ හැකියාව ඔබට එදින ලැබෙනවා.

304865395 158990186793725 4746415596899236908 n

ප්‍රවේශ පත්‍ර රුපියල් 5000/=, 3000/=, 2000/=, 1500/=, 1000/=, 700/= යන මිල ගණන්වලට මෙන්ම රුපියල් 700/= ප්‍රවේශ පත්‍රය පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා රුපියල් 500/=ක විශේෂ සහන මිලකට ද ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ආසන වෙන්කර ගැනීම සඳහා : 077 300 1547 - හසන්ති  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්