''ද නිවුස්පේපර්" චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පෙවූ රංගන ශිල්පී සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා

උලෙළේ (Kazan International Muslim Fim Festival) ප්‍රධානතම තරගකාරී අංශයේ හොඳම රංගනයට හිමි සම්මානයෙන් සමව පිදුම් ලබා තිබේ.

පසුගිය 11 වැනිදා ටටස්ථාන් ජන රජයේ කසාන් අගනුවර දී පැවැත්වුණු උලෙළේ 18 වෙනි අදියරෙහි සම්මාන ප්‍රදානයේ දී, ''ද නිවුස්පේපර්" චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් එම සම්මානය ලබා ගෙන තිබුණි.  

302048992 3369262213401736 2100374432114158818 n305811261 3369262280068396 5982253049743309074 n

ඡායා : උපුටා ගැනුණි

 

ඒ අනුව, මේ වනවිට අන්තර්ජාතික උලෙළවල දී "ද නිවුස්පේපර්" දිනා ඇති සමස්ත ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 08 කි.

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වන මෙම සිනමපාටයෙහි සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, දායාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, පුබුදු චතුරංග යනාදී නළු නිළියන් රංගනයෙන් දායක වී ඇති අතර සම නිෂ්පාදනය රවින්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී ප්‍රේමසිරි විසින් සිදු කරන ලදී.

කැමරාකරණයෙන් චන්දන ජයසිංහත්, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂනුත්, සංගීතයෙන් ගයාත්‍රී කේමදාසත්, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝනුත්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත් චිත්‍රපටයට දායකත්වය ලබා දෙන ලදී.

 

සබැඳි පුවත් :

'ද නිවුස්පේපර්' : ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්