කලාවෙන් පරිපූර්ණ වු ශ්‍රී ලාංකේය දරු පරපුරක් අතරින් සිනමාවේ දක්ෂයන් හඳුනාගෙන දැයට දායාද කිරීම අරමුණු කර ගනිමින්, ෆියුචර් ලංකා (Research & Development)

පදනම සංවිධානය කරන චන්ද්‍රන් රත්නම් අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරගාවලියේ සමාරම්භක උත්සවය, පසුගිය සැප්තැම්බර් 08 වන දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණි.

සමාරම්භක උත්සවයට ප්‍රවීන සිනමාවේදී චන්ද්‍රන් රත්නම් සහ විශ්වනාත් බූඩි කීර්තිසේන ද එක්වී සිටිය හ.

ප්‍රවීන සිනමාවේදී චන්ද්‍රන් රත්නම් ගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍රපට තරගාවලියට දිවයින පුරා පාසල් 100ක පමණ දරු දැරියන් සහභාගී වීමට නියමිත ය.

ප්‍රවීන සිනමාකරුවන් සමග මුසු වීමට අවස්ථාව උදා කරදෙමින් ක්ෂේත්‍රයේ දැවන්තයින් පවත්වන වැඩමුලුවලට සහභාගී වීමට ද දරු දැරියන්ට මෙහිදී අවස්ථාව හිමිවෙන බව සංවිධායකයෝ පවසති.

ෆියුචර් ලංකා පදනම වෙනුවෙන් ඩයන් බදුගේ, ප්‍රධාන අනුග්‍රාහකයින් වන ට්‍රයිකෝ සමාගම වෙනුවෙන් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ, ජයන්ත කන්නන්ගර ද සමාරම්භක උත්සවයට එක්ව සිටිය හ.

306854216 2324017131097946 192752604491056782 n

306847108 2324017367764589 4276761460021160397 n 306636383 2324017317764594 2482282675204890660 n

306857416 2324017897764536 3852119447566524459 n

306974865 2324017617764564 4815044280989989613 n


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්