theleaderlk 01

"සර්පයා ඝාතනයට එළැඹෙන
‘මා’ නොහොත් ‘සර්පයා’,


ඝාතනයට ලක් වන්නට යන
‘සර්පයා’ නොහොත් ‘මා’
මා තුළම මුහුණට මුහුණ ලා
සම්මුඛ වන සේක.
එවිටම මහා ‘ද්වන්ධ සටන’
ඇරඹෙන සේක.
මාරාන්තික පොර බැදීම
ඇරඹෙන සේක.
දෙදෙනාගෙන් කාගේ වුව මරණය,
මා නොහොත් සර්පයාගේ හෝ වුව
සර්පයාගේ නොහොත් මාගේ හෝ වුව
මරණය,
‘මාගේම’ මරණයම බව දැන දැනම,
ඒ කෲරතර, ම්ලේච්ඡ, නරුම,
බිහිසුණු ‘යුද්ධය’
මා තුළින්ම බුර බුරා ඇවිළ නැගී
ගිනිගන්නට වූ සේක."


සංජය නිර්මාල් අධ්‍යක්ෂණයක් වන ''ප්‍රාණ'' (Seeds) චිත්‍රපටයේ කතාවට පාදක වූයේ යැයි චිත්‍රපටය තුළ සැලකෙන, ලිසානෝ නැමැත්තාගේ දින සටහන් පොත නොහොත් ''සර්පයා මැරීම'' කෘතිය සැප්තැම්බර් 16 වැනිදා එළිදැක්වීමට නියමිත ය.

විදර්ශන ප්‍රකාශනයක් වන මෙම කෘතිය එළිදක්වන්නේ මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමිව යි.  

 



ස්වර, සමාරා, රෝස කැලේ, ජූලි 7, ජුසේ වාස් වැනි සිනමාපට නිර්මාණය කළ සංජය නිර්මාල්ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන ''ප්‍රාණ'' දිවයින පුරා තිරගත කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 7 වැනිදා යි.

ට්‍රේ හික්ස්, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නීටා ප්‍රනාන්දු, නිරංජනී ශන්මුගරාජා, කින්ග් රත්නම් ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් චරිත මවන මෙම සිනමාපටය සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත කෙරෙනු ඇත.

 

FX83sFWXwAAhtvK

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

නවතම පුවත්