මෙරට සිනමා ක්ෂෙත්‍රයේ සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරමින් ලොව ප්‍රධානතම සිනමා උළෙලක් වන කසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ තරගකාරී

අංශයේ "හොඳම නළුවා"ට හිමි සම්මානය ශ්‍රී ලංකාව නියොජනය කරමින් ඉදිරිපත් කළ ''ද නිවුස් පේපර්" චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීන් විසින් හිමි කර ගන්නා ලදි.

PHOTO 2022 09 15 16 14 15 1

ලොව ප්‍රධානතම රටවල් රැසක් ඉදිරිපත් කර තිබූ චිත්‍රපට සිය ගණනක් අතරින් ''ද නිවුස් පේපර්" චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සඳහා මෙම සම්මානය හිමි වීම කැපී පෙනේ.

 

මීට පෙර බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියාවේ දෙවැනි හොඳම චිත්‍රපටය ලෙසත් සම්මානයට පාත්‍ර වූ අතර  ඇමරිකාවේ, එංගලන්තයේ ඇතුළු රටවල මෙතෙක් නියෝජනය කළ අන්තර්ජාතික සිනමා උළෙල වලදී සම්මානය 8ක් දිනාගැනීමට "ද නිවුස්පේපර්" චිත්‍රපටය සමත්ව තිබේ.‍

 



කසාන් සිනමා උළෙලේ සංවිධායක මඩුල්ලේ ඇරයුමෙන් රුසියාවේ පැවති සම්මාන උළෙලේ සමාප්ති උත්සවයට සහභාගි වූ "ද නිවුස්පේපර්" චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරට හිමිවූ "හොඳම නළුවා" සම්මානය ඔවුන් වෙනුවෙන් පිළිගනු ලැබීය.

සම්මානයද සමඟ අද දින යලි දිවයිනට පැමිණි එහි නිෂ්පාදක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන්, රංගන ශිල්පීන් ඇතුලු නිළධාරීන් පිරිසක් විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී පිළිගනු ලැබීය.

එහිදී චිත්‍රපටයේ තිර පිටපත රචනා කරමින්, ප්‍රධාන චරිත සදහා රංගයෙන් දායක වෙමින් එය අධ්‍යක්ෂණය කළ කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල ප්‍රවීණ කළා ශිල්පීන් දෙදෙනා වෙත කසාන් සිනමා උළෙලේ දී හිමි වූ හොඳම නලුවාට හිමි සම්මානය පිරිනමනු ලැබීය.


එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙරට කලාකරුවන් දෙදෙනෙකු ලෙස තම පළමු චිත්‍රපටය සඳහා තිර පිටපත රචනා කරමින්, ප්‍රධාන චරිත සදහා රංගයෙන් දායක වෙමින් එය අධ්‍යක්ෂණය කරමින් ජාත්‍යන්තර සම්මානයක් හිමිකරගත් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සම්මාන උළෙල පෙන්වා දුන්නේය. රුසියාව, ඊජිප්තුව, ඉරානය සිනමා කර්මාන්තය වැනි ප්‍රබල රටවල් විසින් අනෙකුත් සම්මාන දිනා ගනිද්දී එහි හොඳම නලුවාට හිමි සම්මානය අපේ රටට හිමිවීම මෙරට සිනමා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් බවද අවධාරණය කළේය.

PHOTO 2022 09 15 16 14 16

එහිදී නිෂ්පාදකවරුන් ලෙස මෙම නිර්මාණය සාර්ථක කරගැනීමට ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී.ප්‍රේමසිරි යන අයගේ දායකත්වය එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසින් විශේෂ ඇගයීමට පත් කරන ලදි. එහිදී නිෂ්පාදකවරයෙකු ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන තම තිර පිටපත සම්මානනීය සිනමා නිර්මාණයක් බවට පත්කිරීම උදෙසා අනෙක් නිෂ්පාදකවරුන් දෙදෙනාගේද දායකත්වය ලබා දෙමින් සිදුකල මෙහෙවර පිළිබඳ ප්‍රවීන රංගන ශිල්පී කුමාර තිරිමාදුර කෘතවේදීව සිහිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා ''ද නිව්ස් පේපර්" චිත්‍රපටයේ සම නිෂ්පදකවරුන් වන රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී.ප්‍රේමසිරි, සම්මානනීය රංගන ශිල්පීන් වන කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුලු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

සබැඳි පුවත් :

ද නිවුස්පේපර් : හොඳම නළුවාට හිමි සම්මානය බන්දුල අතට

'ද නිවුස්පේපර්' : ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්