රජය විසින් හදිසියේ පනවනු ලබන ඇඳිරි නීතිය නිසා රත්නපුර නගරයේ අතරමං වෙන තරුණ තරුණියන් හත් දෙනෙකු සහ ඒ අතරතුර හමුවන දෙමළ

තරුණියක් වටා මෙම කතාව ගොඩනැඟී ඇත.

මෙම තරුණ තරුණියන් අට දෙනා තමන්ගේ ගමනාන්තය සොයා යන දින තුනක කාලයක සිදුවන සිදුවීම් මාලාවක් මෙම කථාන්තරය තුලට ඇතුලත් වේ.

ලංකාවේ තරුණ තරුණියන්ගේ සිතුම් සිතුම් මා ඔවුන්ගේ ඉදිරි අරමුණ පිළිබඳව කතා කරනු ලබන මෙම ටෙලි සීරිස් මාලාව 13 වන දා ඩිජිටල් අවකාශයක මුදා හැරීමට නියමිතය.

මෙම ටෙලි නාට්‍ය මාලාව කොටස් 10 කින් යුක්ත වේ.

සතියකට එක් කොටස බැගින් විකාශය වන මෙම ටෙලි සීරිස් මාලාව පළමු කොටසෙන් පසු කතාවේ ගමන්මග තීරණය වනු ලබන්නේ බහුතර ප්‍රේක්ෂකයාගේ අදහස් මතිනි.

මෙය අසංක සායක්කාරගේ පිටපතකි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙය කැලුම් පාලිත මහීරත්න ගේ අධ්‍යක්ෂණයක්.


 310480506 105000362396007 6052185998523881533 n

310753045 105012732394770 990387961099317565 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්