''අවුරුදු 50ක් පරණ මෙලඩියක් වුණත් අදට ගැලපෙන්න හදන්න නිර්මාණකරුවා දක්ෂ වෙන්න ඕන.'' - පසන්
පසන් ලියනගේ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ, ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක්.
සුරංගනී (2007), මාත් මගේ හිත හදාගන්නම්, චන්න කින්නරාවි, විසේකාරි වැනි ජනප්‍රිය ගීත නිර්මාණයෙන් වගේම මෙරට වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ සංගීත නිර්මාණයෙන් විශාල වැඩ කොටසක් සිදුකළ සංගීතවේදියෙක් විදියට පසන් හඳුන්වන්න පුළුවන්.
වර්තමානයේ ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය වී තිබෙන්නේත් ඔහුගේ Redfox මියුසික් ස්ටුඩියෝව හරහා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කිරීම නිසා පසුගිය කාලයේ දී වැඩිපුර කතාබහට ලක්වුණු පසන්, තමන්ට බැනුම් අහන්න වෙන හේතුවක් ගැන Venin යූ ටියුබ් නාලිකාව සමඟ සිදුකළ සාකච්ඡාවක දී අදහස් දක්වා තිබුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න