ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ කිරි මුහුද කළඹාලා ගීතය ඔහු මුලින් ලියූවේ කිරි මුහුද කළඹාලා කියා නොවේ.

ඔහු එම ගීතය ලියූවේ ගීත ලොවේ ඔහුට නැගී සිටීමට මහත්සේ උපකාර කල විජය කොරයා මහතාට උපහාරයක් ලෙස විජය කොරයා මහතාගේ විරාන් පුතු ඉපදුනු වෙලාවේදීය.

ක්ලැරන්ස් මෙම ගීතය පටිගත කරගෙන කොරයා මහතා වෙත පැමිණ කැසට් පටය ඔහු අත තැබීය. එහෙත් බලාපොරොත්තු නොවූ පරිදි විජය කොරයා මහතා ක්ලැරන්ස්ගෙන් ඉල්ලා සිටියේ එම ගීතය කිසිදා ප්‍රචාරය නොකරන ලෙසය.

මන්ද ගීතයෙහි විරාන් නම ඇතුලත්ව තිබීම නිසාය.

ක්ලැරන්ස්ගේ ඩිල්හානි ගීතය ප්‍රචාරය වීමෙන් අනතුරුව හැම තැනම ඩිල්හානිලා මතුවිය. ඩිල්හානි මෝටර්ස්, ඩිල්හානි මාළු වෙළෙඳ සැල, ඩිල්හානි සැලොන් ආදී වශයෙන්.

විජය කොරයා මහතා බියවූයේ විරාන්ටත් එම ඉරණමම අත්වේය කියාය.

ක්ලැරන්ස් ඒ මොහොතේම ආපසු ස්ටූඩියෝ එකට ගොස් විරාන් නම ඇතුලත් පලමු verse එක පමණක් වෙනස්කොට කිරි මුහුද කළඹාලා ලෙස යලි පටිගත කරන ලදී.

අවුරුදු පනහකට පෙර බිහිවූ එම මුල් ගීතය කිසිදා ගුවන්විදුලියෙන් හෝ වෙනයම් මාධ්‍යයකින් හෝ ප්‍රචාරය නොවින.

එහෙත් 2022 ඔක්තෝබර් 08 එම මුල් ගීතය ඉතිහාසයේ පලමුවරටත් අවසාන වරටත් ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීමට විජය කොරයා මහතා අවසර දුනි. ඔබ කිසිදා නොඇසූ ඒ දුර්ලභ ගීතය මෙන්න.

 

මේ තැටියට නැංවූ "කිරි මූද කළඹාලා " ගීතය යි. මේ ගීතය නිකුත් කළේ විජය කොරයාට අයත් " වික්ටරි" ලේබලයෙනි.


 



(මුහුණු පොතෙන් උපුටා ගැනිණ )
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්