පිටකොටුව ගුණසිංහ පුර බස් නැවතුම් පොලේ සිට ඇවිද යන දුරින්, එනම් මීටර් 100ක පමණ දුරකින් පිහිටා ඇති  නාන ළිං වසර 100කට එහා ඉතිහාසයකට උරුමකම් කියයි. 

මෙම නාන ළිං, අවට මිනිසුන්ට මෙන්ම දුර බැහැර සිට පැමිණෙන අයටද මුදල් ගෙවා ස්නානය කර ගැනිමටත්, රෙදි සෝදා ගැනීමටත් හැකි කදිම ස්ථානයක්. 

කෙසේ වෙතත්, වර්තමානයේ රටේ ආර්ථික කඩා වැටීම සහ කොරෝනා ව්‍යසනය නිසා, පවත්වාගෙන යාම අසීරු තරමට පිටකොටුව නාන ළිංවල ආදායම් තත්වය විශාල වශයෙන් අඩුවී ඇති බව ගුණසිංහපුර බාලා මුර්ලි පවසයි.

"හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඉපදුනේ මෙහෙ. එතුමා නාපු ළිං මෙහෙ තියෙන්නේ. ඉදිරියට මේවා රැකගන්න පුළුවන් ද සෙනග නැත්නම් අපිට පස්සේ මේක යයිද කියන එකයි ප්‍රශ්නේ."

Voice Tube යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් බාලා මුර්ලි වැඩි දුරටත් කියා සිටියේ දැනටමත් අවට පිහිටි ළිං කිහිපයක් වසා දමා ඇති නිසා සේවා දායකයින් අඩු වුවහොත් තමන්ගෙන් පසුව මෙම ස්ථානය පවත්වාගෙන යාමට හැකිවේදැයි විශ්වාසයක් නැති බවයි. 
 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්