මං සාමාන්‍යයෙන් පොඩි ළමයි ගැන විශේෂ වූ ආදරයකින් පෙළෙන කෙනෙක් නෙමෙයි. මට ළමයින්ව පේන්නෙත් පොඩි මිනිස්සු වගේ. ඉතින් අර පොඩි

එකෙක් දැක්කම අනා... කියල එන හැගීම මට එන්නෙ නෑ.


ඒත් ඊයෙ මගේ කොන්ඩෙ කපන ගමන් ඒ බාබර් කියපු කතාව මට ළතෙත් හැගීමක් ඇති කළා. ඒ තාත්තාගෙ සහ දුවගෙ ප්‍රේමය ගැන.


බාබර් මේ කතාව මට කියන්න හේතුව මං රැවුලෙ කපන්න කියපු කට් එකක් හින්ද. 'ඔහොම රැවුල කපලා යද්දි මගේ දුව මට කියනවා, ඕක කපන්න තාත්තෙ.. ඉස්කෝලෙ ළමයි තාත්තාට හිනාවෙනවා.. මං ආස නෑ මගේ තාත්තට කවුරුවත් හිනාවෙනවට...'


මේ බාබර්ගෙ අවුරුදු හතක පොඩි කෙල්ල මගේ වගේ රැවුල කැපුවම විර‍ෝදය පළකරන ආදරනීය විදිහ. එතන ඉඳන් මගේ රැවුල් කොන්ඩ කැපීම ඉවර වෙනකල්ම මට එයාගේ දුව ගැන කතා කිව්වා. සාමාන්‍යයෙන් මං තාත්තලා අම්මලා තමන්ගෙ දුවලා පුතාලා ගැන කියන කතන්දරයි, දුවලා පුතාලා තමන්ගේ තාත්තලා අම්මලා ගැන කියන කතන්දරයි අහන්න උනන්දුවක් නෑ. ඒවා ස්වභාවයෙන්ම භාවාතිශයයි. ඒත් මෙතනදි මට විකල්පයක් තිබුනෙ නෑ. මගේ බෙල්ල යට උගේ දැලි පිහිය. අනෙක ඒ කතාවෙ මට අමුතු විෂුවල් මැවුනා.


නුගේගොඩ කොන්ඩෙ කපන මේ බාබර්ගෙ ගම පොලොන්නරුව. ඉතින් ගමේ ගියදාට තමයි එයාට දුවත් එක්ක ගත කරන්න ලැබෙන්නෙ. එතකල්ම දුව ළග නැති දුක එයාගෙ හිතේ හොල්මන් කරනවා. අම්මටත් වඩා දුව තමන්ට ආදරෙයි කියලා හිතන එක තමයි මේ තාත්තාගෙ සතුට.


'දුව කියනවා අම්මටයි තාත්තටයි දෙන්නටම එකවගේ ආදරෙයි කියල. ඒත් වයිෆුත් දන්නවා කෙල්ල වැඩියෙන්ම ආදරේ මට තමයි කියල..'

 

මේ දුවගෙ පෙනුමත් තාත්තා වගේමලු. පංතියෙ ටීචර් පවා කියනවලු තාත්තා ‍වගේමයි දුව කියල. තමන්ගේ කැත පිරිමි රූපෙම දුවෙකුට ආවමත් තාත්තෙකුට තියෙන සතුට මං ඊයෙ කණ්ණාඩියෙන් දැක්කා.

 

මේ බාබර් වැඩේ කරන ගමන් මට කියන කතාව.


'ඉස්සර ඉඳන් මට ඕන වුනේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න. පොඩි කාලෙ ඉඳන්ම ඒ ගැන පොත්පත්, ලිපි මං එකතු කරලා තියෙනවා. දැන් ඉතින් ඕවා වැඩක් නෑනෙ. ඒ හින්ද මං ළගදි ගෙදර ගිය වෙලාවක ඒවා ගිනි තියන්න ගියා..


'තාත්තේ ඇයි මේවා ගිනි තියන්නෙ.. කියල කෙල්ල ඇහුවා..


තාත්තා තාරකා විද්‍යාඥයෙක් වෙන්නනෙ හිටියෙ. තාත්තාට බැරි වුනානෙ. ඉතිං මේවා දැන් වැඩක් නෑ.. කියල මං කිව්වා.


'කෝ දෙන්න බලන්න. මටත් කියවලා බලන්න ඕනි.. කියල කෙල්ල ඒ පොත් තොගේ ඇදගෙන සාලෙ මැද ඉඳගත්තා. පෙරල පෙරල එක එක ප්‍රශ්න අහනවා ඉතිං.. ඇයි තාත්තෙ අගහරු රතු පාට? පෘතුවිය කොයිතරං වයසද? වගේ එලෝ කෝටියක් ප්‍රස්න.


'ඔයාට ඕන නෑනෙ ඔය පන්ඩිතකං. අර ඉස්කෝලෙ වැඩ ටික කරන්න.. අම්මා කෑ ගහනවා. එයාට තේරුමක් නෑ ඔය දේවල් ගැන. එයාට පේන්නෙ මේ ළමයා ඕන නැති දේවල්වලට වද දෙනවා කියලනෙ..


'තාත්තෙ ඔයාට වෙන්න බැරි වුනාට මං කවදා හරි තාරකා විද්‍යාඥයෙක් වෙන්නං.. මේ ටික මට තියන්න. ගිනි තියන්න එපා..''


මේ කෙල්ල බාබර් තාත්තාට කියල. මේකෙන් මේ තාත්තා ඉන්නෙ පුදුම තරමෙ සතුටකින්. උද්දාමයකින්. දුවත් පවුලත් පුළුවන් තරම් ඉක්මනට කොළඹ අරන් එන්න මිනිහට ඕන. දුව තමන් ළග ඉන්නවා නම් මේ අමතර දැනුම තමන්ට දෙන්න පුළුවන් කියල එයා හිතනවා. එයයි දුවයි එකම හීනයක් බෙදාගන්නවා. ඒ තමයි තාරකා විද්‍යාව. මේ හීනෙන් අම්මවත් පිටමං කරලයි තියෙන්නෙ.

 

මේ විදිහට අම්මලා තාත්තලා තමන්ගේ දරුවො ඇතුලෙන් එක එක හීන දකිනවා. ඒ හීන හරි ලස්සනයි. පස්සෙ කාලෙක මේ හීනම දරුවට ලොකු බරක් වෙන්නත් පුළුවන්.

 

ඒත් නන්නාඳුනන මිනිහෙකුගේ රැවුලක් කපන අතරෙ තමන්ගෙ තාරකා විද්‍යාවට උනන්දු දුව ගැන කල්පනා කරන තාත්තෙක් කියන්නෙ ලස්සන හැගීමක්.


සුබ පැතුම් රනිල් ! - (චින්තන ධර්මදාස)

චින්තන ධර්මදාස ගේ ෆේස්බුක් පිටුවෙන්


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්