අවුරුදු හතක පොඩි එකියක්...

එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාශාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නෙ.
ගිලියන් තමංගෙ පංතියේදීත් විනාඩි හතරෙන් පහෙන්
නැගිටිනව.. ඇඹරෙනව ..එහාට මෙහාට යනව ..පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ.
මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනව.


ගුරුවරු හැමදාම අවවාද කරනව.. පහදල දෙනව.. දඬුවම් දෙනව... පංතියෙන් එලියට දානව.. දණ ගහල තියෙනව.
කිසි දෙයක් හරි යන්නෙ නැහැ.
සමහර ගුරුවරු..කරුණාවන්ත වෙනව වැඩි වැඩියෙන්.. තෑගි..චොකලට් වගේ දේවල් දෙනව.. ඒත් කිසි දෙයක් හරි යන්නෙ නෑ.
විදුහල්පති ලඟට එක්කන් යනව .. ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනව.
ඒත් විසඳුමක් නෑ.


ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විදිනව ..චාරයක් නෑ.. එක තැනක ඉන්න බෑ කියල.
දවසක් පංතිභාර ගුරුතුමිය ගිලියන්ගෙ අම්මව කැඳවනව ඉස්කෝලෙට.
බොහොම කරුණාවෙන් අත අල්ලගෙන කතා කරනව.
ඒ තරම් හොඳ ආරංචියක් නෙමේ තියෙන්නෙ..


කියන්න කණගාටුයි.  අපි හිතන්නෙ ගිලියන්ට තියෙන්නෙ මානසික රෝගයක්. එයා අධි ක්‍රියාකාරීයි.. ඒ වගේම මානසික ආතතිය හා මානසික ව්‍යාකූල තාවයෙන් (Mentally disorder )පෙලෙනව.
මේක සංකීර්ණ තත්වයක්. අනිවාර්‍යෙන්ම මානසික රෝහලකට යොමු කල යුතුයි ප්‍රථිකාර සඳහා.
ගිලියන්ගෙ අම්මගෙ ඇස් කඳුලින් පිරෙනව.
ඇය ඉස්කෝලෙන් පිටවෙලා යන්න සූදානම් වෙද්දි ඇයව දන්න වියපත් ගුරුවරියක් හමු වෙනව.
මේ ගුරුවරිය අහනව අඬන්න හේතුව.
ගිලියන්ගෙ අම්ම විස්තර කියනව.
මං ගිලියන්ව දැක්ක කීප සැරයක්. අපි තව එක දෙයක් උත්සාහ කරල බලමු.. මට පොඩි සැකයක් තියනව.
මේ දෙන්න යනව විදුහල්පති හමුවෙන්න.
ගුරුවරිය විදුහල් පතිගෙන් ඉල්ලනව පොඩි පරීක්ශණයකට ඉඩ දෙන්න කියල.
ඉඩ ලැබෙනව වාසනාවකට.


මේ ගුරුවරිය ගිලියන්ව එක්කන් යනව සංගීත කාමරේට. විවිධ සංගීත භාන්ඩ වගේම තැටි රෙකෝඩරයකුත් තියනව.
ඇය ගිලියන්ට කියනව විනාඩි දහයක් වාඩි වෙලා ඉන්න මං අම්මත් එක්ක ඉක්මනින් එන්නම් කියල.
ඇය පිට වෙලා ගියාට ..ගිලියන්ගෙ අම්මටයි.. විදුහල්පති හා ගුරුවරු කීප දෙනෙක්ටයි දකින්න පුළුවන් අපේ පුංචි ගිලියන්ව වීදුරු ජනේලය හරහා.
එයා වාඩි වෙලා ඉන්නවද.. ?


නෑ.. නැගිටිනව.. එහාට මෙහාට ඇඹරෙනව. තැටි රෙකෝඩරයේ සද්දෙ වැඩි කරනව. හරි ලස්සන පියානෝ වාදනයක් තැටි රෙකෝඩරය හරහා ඇහෙන්නෙ.
ගිලියන් පටන් ගන්නව අත පය විහිදල මේ සංගීතෙට අනුව නටන්න.
එලියෙ ඉන්න ඛාන්ඩෙ පුදුම වෙනව මේ පොඩි කෙල්ල නටන ලස්සන දැක්කම.
හරියට මේ සංගීතය එයාටම හදපු එකක් වගේ. මුලු හදවතම ..අවධානයම නැටුමට යොදවපු ගිලියන් කාමරේ හතර අතට පා වෙනව.
අර වියපත් ගුරුවරිය කියනව.. බලපල්ලා මේ පුංචි එකී මානසික ලෙඩෙක්ද.. ?


එයා උපතින්ම නැට්ටුවෙක්.
පහුවදා ඉඳල පන්තියේ මුළු දවසම ඉඳන් ඉන්නව වෙනුවට ගිලියන් නැටුම් අංශයට යොමු කරනව. එදා ගෙදර ආපු ගිලියන්ගෙ මූණ හිනාවෙන් පිරිල.
අම්මේ ඒ පංතියේ අය මට වඩා ලොකු උනාට ඒ අය ඔක්කොම මං වගේ .. හැම තිස්සෙම නටනව.
මේ නම් හරිම ලස්සන ලෝකයක්. එයාගෙ අම්මට උත්තර නෑ.


මේ තමා එංගලන්තයේ බිහිවුනු විශිෂ්ඨතම බැලේ රංගන ශිල්පිනිය.
ඊට අමතරව නම් දරාපු රූපවාහිනී නැටුම් අධ්‍යක්ශකවරියක්.. නිළියක්.
ඒ තමයි රාජකීය පවුලකින් නොආව පලමු පුද්ගලයා ලන්ඩනයේ රංග ශාලාවකට නම දීපු.


ගිලියන් බාබරා ලින්.. 1926/2018.

පොඩ්ඩකට හිතුවොත් ශිෂ්‍යත්ව විභාගෙ අසමත් වෙච්ච පොඩි එකීට කොයි තරම් දුක හිතෙන්න ඇද්ද.. ගස් උඩ නගින.. කොල්ලෙක් වගේ දුවන පුංචි එකීට කොයි තරම් සැර දාන්න ඇතිද..
ඉගෙනීමට වේගෙ මදි කියල තමංගෙ පොඩි උං රේස් දුවවන අම්මලාට පොඩ්ඩක් හිතන්න පුලුවන් උනොත්....
කවුද දන්නෙ.. ඒ ගිලියන්ද.. සුසන්තිකාද.. බාබරා ස්ට්‍රයිසන්ද කියල.
කාටද කියන්න පුළුවන්.. කවුරු දන්නවද ?
වාසනාවකට මේ පුංචි එකීගේ ගමන මානසික රෝහලකින් අවසන් නොවුනේ.


සටහන -Malcolm Sang

213372320 4559382307414249 9110305415995923774 n

EHjsefcX4AAQB3G

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්