1200 x 80 DMirror

6 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළේ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නළුවාට (The Best Leading Actor in Feature Length Films) හිමි

සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ "මාරියා" චිත්‍රපටයේ රංගනයේ යෙදුනු නළුවන් සත් දෙනාට හිමිවී තිබේ.

 

ඒ අනුව, මාරියා හි රඟපෑ හේමාල් රණසිංහ, දසුන් පතිරණ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, සුරන් දසනායක සහ නැසී ගිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මෙම සම්මානයට හිමිකම් කීය.

 

maria 1

hemal 2

 

ඊයේ (13) රාත්‍රියේදී වියට්නාමයේ හැනෝයි නගරයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාව දුටු සිනමා උලෙළට සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන, රංගන ශිල්පී හේමාල් රණසිංහ එක්ව සිටිය හ.

 

Maiiya2

 

ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයන් සය දෙනෙකු, නීතී විරෝධීව ඕස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරන තරුණයෙක් සහ සාගරය මැදදී ධීවර පිරිසට හමුවන අද්භූත කාන්තා රුවක් වටා ගෙතී ඇති "මාරියා" ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි.

 

Mariya1

සබැඳි පුවත්

 

අරුණගේ 'මාරියා' හැනෝයි තරග බිමට

මාරියා : වසර 39 කට පසු මෙරට චිත්‍රපටයක් මොස්කව් සිනමා උළෙලට

නිකිණි වැස්ස රිදී තිරයට ගෙනා අරුණගේ මීළඟ සිනමා සිත්තම මාරියා

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය