‘ගොවිපළේ පෙරළිය’, ‘බල්ලකුගේ හදවත’, ‘මූර් පූසා’’, ‘වන පෙත අඬ ගසයි’ සහ ‘වෘකයන්ගේ අඩවිය’ යන මැයෙන් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇති

මෙම කෘති සිංහල පාඨක ප්‍රජාවගේ සුවිශේෂී අවධානයකට ලක් වූ කෘති පෙළකි.

 

books a

 

එමෙන් ම ඉග්‍රීසි පාඨක ප්‍රජාව අතර ද, විවිධ භාෂා කතාකරන ජාත්‍යන්තර පාඨක ප්‍රජාවගේ ද සුවිශේෂී අවධානයට ලක්වූ කෘති පෙළක් බව වෙසෙසින් සිහිපත් කළ යුතු නොවේ. ඒ කුමන කාරණයක් නිසා ද යන්න පිළිබඳව මම මෙහි දී වෙසෙසින් සඳහන් නොකරමි. මන්ද අදාළ කෘති පරිශීලනය කළ සිංහල පාඨක ප්‍රජාව ඒවායේ සුවිශේෂී ගුණය කුමක් ද යන්න හොඳින් ම දන්නා බැවිනි.

 29

 

යට සඳහන් ෂානරයට අයත් කෘති ලොව විවිධ භාෂාවලින් රචනා වී තිබුණ ද සිංහල භාෂාවෙන් රචිත එවන් ෂානරයේ කෘති ඉතාමත් අල්ප ය. එම අල්පය ද නවකතා මාධ්‍යයට අදාළව නිකුත් වූයේ නම් ඒ කාංචනා අමිලානි විසින් රචිත ‘‘ගුහා සටන’’ පමණි. එහි දී වුව ද කතුවරිය යට සඳහන් කෘති පමණට ම සත්ව චරිත පාඨක ප්‍රජාව සමග මුසු කරන්නට යත්න දරා ඇති බවක් දක්නට නොමැත. එහෙත් එම කෘතිය සිංහල පාඨක සමාජය ඉතා රුචිකත්වයෙන් වැලඳගත් කෘතියක් බව මෙහි දී සිහිපත් කළ යුතු ම ය.


gammirisඑම ලේඛිකාවගේ ම ‘‘ගම්මිරිස් කුරුල්ලා’’ නමැති කෙටිකතා සංග්‍රහය මා යට සඳහන් කළ ෂානරය වඩාත් හොඳින් ග්‍රහණය කරගෙන ඇත. මීට අමතරව මා කියවා ඇති තවත් කෙටි කතා කිහිපයක ම එකී ලක්ෂණ දක්නට ඇත. ඒ අතුරෙන් අජිත් තිලකසේනගේ ‘‘සුන්නද්දූලි’’ කෙටි කතා සංග්‍රහයේ අන්තර්ගත ‘‘වැද්දන් සමග යුද වදින්නට’’ සහ ඔහුගේ ම ‘‘පස් වසරක්’’ කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගත ‘‘සිද්ධිය වෙනකොට අපි බාර් එකේ’’ නමැති කෙටිකතාව ද යම් පමණකට යට කී ෂානරයට නෑකම් කියයි.

sunnadduli

 

මෙම නිර්මාණ සියල්ලෙහි ම සුවිශේෂත්වය වූයේ ඒවායේ චරිත අතර විවිධ වර්ගයේ සත්තු ද චරිත බවට පත්ව තිබීම ය. ලිපිය ආරම්භයේ ම සඳහන් කළ පරිවර්තන කෘති සියල්ලෙහි ම පාහේ ප්‍රධාන චරිත වන්නේ සත්තු ය. එමෙන් ම අනතුරුව සඳහන් කළ කෘතිවල ද සත්ව චරිත අන්තර්ගත ය. නමුදු කාන්චනා අමිලානිගේ ‘‘ගුහා සටන’’ හැරුණු විට අනෙක් සියල්ල ම කෙටිකතා මාධ්‍ය මිස නවකතා මාධ්‍ය නොවේ.

 

මේ සියලු කරුණු හරහා මට පවසන්නට අවැසි වූයේ මා දැනට කියවා ඇති: ළමා කතා, සුරඟන කතා යනාදියෙහි සත්ව චරිත අන්තර්ගතව තිබුණ ද සිංහල නවකතා සහ කෙටිකතා අතර  සත්ව චරිත පාදක කරගත් නිර්මාණ ඉතාමත් අල්ප බව ය. ඇතැම් විට මට මගහැරුණ කෘති තිබිය හැකි ය.

 

242557565 377172020627567 5448978292527702900 nඅනුරාධා නිල්මිණි2014 වසරේ ප්‍රකාශිත, අනුරාධා නිල්මිණි විසින් රචිත ‘‘සවරංපාලිය’’ කෘතිය පසුගිය දිනෙක රස විඳින්නට ලැබෙන්නේ එවන් පසුබිමක් යටතේ ය. මෙම නිර්මාණයේ සමස්ත චරිතාවලිය සතුන් නොවුණ ද මෙහි එන පූරකයා හෙවත් කථකයා මැස්සෙකි. පාඨකයා කියවන්නේ, එසේත් නැතිනම් සවන් දෙන්නේ මැස්සා කියන කතන්දරයට ය. මෙම කෘතිය කියවීම ඇරඹූ සැණින් මට සිහිපත් වූයේ දයාසේන ගුණසිංහ විසින් රචිත ‘‘උකුස්සා’’ නමැති තීරු ලිපිය යි. එහි ප්‍රධාන චරිතය වූයේ උකුස්සෙකි. ඒ උකුස්සා විටින් විට පියඹා ගොස් රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සිදු කෙරෙන වංචා, දූෂණ සහ විවිධාකාරයේ අකටයුතුකම් වෙත අවධානය යොමු කරයි. අනතුරුව උකුස්සා දකින ඒ සියලු දෑ පාඨකයා ඉදිරියට ගෙන එයි. අනුරාධා නිල්මිණි විසින් රචිත ‘‘සවරංපාලිය’’ කෘතියේ එන මැස්සා ද එවැන්නෙකි; සිදුකරන්නේ ද එබඳු කර්තව්‍යකි


සාහිත්‍ය නිර්මාණ ලියවෙන ක්‍රම තුනක් පවතී. ඒ: උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ සහ මධ්‍යම පුරුෂ යන ලෙසිනි. මේ අතුරෙන් සාහිත්‍යකරණයේ දී වැඩි වශයෙන් භාවිත කෙරෙන්නේ ප්‍රථම පුරුෂ ශෛලිය යි. එම ශෛලියේ දී කතාව පවසනු ලබන්නේ අනෙකෙකු විසිනි. එනම් චරිතයට බාහිරින් සිටින පුද්ගලයෙකි. නමුදු අනුරාධා ‘‘සවරංපාලිය’’ කෘතියේ දී ප්‍රථම පුරුෂ ශෛලිය භාවිත කරන අතර ම ඒ අතරට තවත් කථකයෙක් මැදිහත් කරන්නී ය. ඒ මැස්සා ය; මැස්සා පවසන්නේ ද අනෙකෙකුගේ කතාවකි. එහි දී කතුවරිය තවත් සුවිශේෂී උපක්‍රමයක් භාවිත කරන්නී ය. එනම් කෘතියේ කථකයා වන මැස්සාට ද එහි එන චරිතවල මතුපිට ස්වභාවය පමණක් නොව අදාළ චරිතවල අභ්‍යන්තර චෛතසිකය පවා කියවීමට හැකි වීම ය. එතුළින් අදාළ චරිතවල අතීතයට ගමන් කිරීමට ද මැස්සාට හැකියාව පවතී


කතුවරියගේ අභිප්‍රපාය


ඕනෑම සහිත්‍ය කලා නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක කිසියම් නිර්මාණයක් තම: පාඨක, ශ්‍රාවක, රසික හෝ ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නේ කුමන හෝ අරමුණක් සහිතව ය. එය ඇතැම් විට අදාළ නිර්මාණකරුගේ හෝ නිර්මාණකාරියගේ අත්දැකීමක් විය හැකි ය. එසේත් නොවේ නම් ඔහු හෝ ඇය අනෙකෙකුගෙන් අසා දැනගත් අනුභූතියක් විය හැකි ය. ඒ කෙසේ වුව ද අදාළ අත්දැකීම් නිර්මාණයක් ලෙස මුදාහරින්නේ කිසියම් අභිප්‍රායකින් යුතුව ය. ඒ අනුව සලකා බලන විට ‘‘සවරංපාලිය’’ කතුවරියගේ අභිප්‍රාය කුමක් ද යන්න ප්‍රත්‍යක්ෂ කරගැනීම එතරම් අසිරු කරුණක් නොවේ.

 

ඇය සිය ලේඛන දිවිය අරඹන්නී මාධ්‍ය ක්ෂේත්‍රයනි. අවසන ඇගේ නිර්මාණ දිවිය සරුසාර කෙරෙන්නේ ද එකී මාධ්‍ය භුමිකාව තුළ දී ලද අත්දැකීම් බව ‘‘සවරංපාලිය’’ සාක්ෂි සපය යි. කතුවරියගේ මුඛ්‍ය අරමුණ වන්නේ හුදු කතන්දරයක් ඉදිරිපත්කිරීම නොවේ. ඇය උත්සාහ කරන්නී අප වෙසෙන සමාජයේ පවත්නා: අඳුරු, දුගඳ, පිළිකුල් සමාජ යථාර්ථය පාඨක ප්‍රජාව ඉදිරියේ ප්‍රක්ෂේපණය කිරීම ය. ඒ සඳහා ඇය සිය මාධ්‍ය භූමිකාවෙන් ඔබ්බට ගමන් කරන්නී ය; එකී භූමිකාව තුළ සිය චිත්ත සන්තානයේ තැන්පත් කරගත් අනුභූති වෙනස් හැඩයකින් යළි ජනනය කරන්නී ය.


වාර්ගික ගැටලුවේ පිළිබිඹුව


මෙහි දී ඇගේ පළමු අවධානය යොමු කරන්නී ජාතිය, වර්ගය, ආගම මෙන් ම කතා කරන භාෂාව හේතුවෙන් ම මහා ජාතිය යැයි නාමකරණය කරගෙන සිටින ප්‍රජාව වෙතින් ‘‘සුළු’’ යැයි නාමකරණයට ලක් කර ඇති ප්‍රජාව වෙත එල්ල කෙරෙන පීඩනය වෙත ය. ඒ, වවුනියාවේ සිට කිලිනොච්චිය දක්වා දිවෙන දමිළ සරණගතයන්  සහිත බස් රථයක ගමන් කරන මැස්සා දකින, අසන සහ එහි ගමන් කරන විවිධ චරිතවල චිත්තභ්‍යන්තරයට රිංගමින් ඉදිරිපත් කරන දර්ශන පෙළකිනි.


මෙම පරිච්චේදය අවසන් වන විට මෙරට වාර්ගික ගැටලුවේ ආරම්භය, විකාශනය සහ අනාගතය කෙබඳු ද යන්න විවිධ පුද්ගල චරිත සහ සිද්ධි තුළින් විදාරණය කරන්නට කතුවරිය සමත්වන්නී ය. කතුවරිය එය ඉදිරිපත් කරන්නී මහා සිංහලයේ වංශ කතාව මෙන් ඒ ඒ අවධියේ සිටි පාලකයන් අනුව සංස්කරණය කරන්නක් ලෙස නොව සත්‍ය අත්දැකීම් සත්‍ය ලෙස ම ලියා තබන මධ්‍යස්ථ මතධාරිනියක් ලෙසිනි. මේ සියලු සිද්ධි මතුපිටින් ප්‍රබන්ධමය ස්වරූපයක් පෙන්නුම් කළ ද ඇතුළාන්තය දැවැන්ත ඛේද ජනක ඉතිහාස කතන්දරයක යටිපෙළ පිළිබිඹු කරයි.


අනීතික දඬුවම, පීඩකයාගේ ඉරණම, ආගම සහ මිථ්‍යා ඇදහිල්ල


ප්‍රබන්ධයේ දෙවන පරිච්චේදයේ දී ඇය අවධාරණය කරන්නී මෙරට හමත් ආන්දෝලනයකට දුඩු දුන්, දකුණු ලකේ සිදුවීමක් සහ ජීවන බර ඉසිලිය නොහැකි මොහොතේ දී මිනිස් ප්‍රජාව කුමනාකාරයෙන් හෝ මුදල් ඉපයීම සඳහා පෙලඹෙන ආකාරය සහ එසේ පෙලඹෙන මිනිස් ප්‍රජාවගේ ජීවිත පවතින්නේ කෙතරම් අවදානම් තත්ත්වයක ද යන්න පිළිබදව ය.

 

එහි එන පළමු සිදුවිමේ දී කතුවරියගේ ප්‍රබන්ධකරණය කෙතරම් සාර්ථක ද යන්න වඩ වඩාත් ගම්‍ය කෙරෙන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ දේශපාළුවා මේ වන විට නිදොස් කර නිදහස් කර ඇති බැවිනි. කතුවරිය මෙහි දි අවධාරණය කරන්නී අදාළ පුද්ගලයාට දඬුවම් පැමිණවිය යුත්තේ කෙස් ද යන්න පිළිබඳව ය. සත්‍ය වශයෙන් ම එක් පසෙකින් ඇය පරිකල්පනය කරන්නී එබඳු සමාජ විරෝධීන් සම්බන්ධයෙන් ඇගේ සිත තුළ මතු නොව එවන් සිද්ධි කෙරෙහි සිය විරෝධය දක්වන සියලු ප්‍රජාවගේ බලාපොරොත්තු ය. එමෙන් ම ඇය එහි දී සත්ව ප්‍රජාව සිය නිර්මාණය කෙරෙහි දායක කරගන්නී ඉතා සියුම් සහ උත්ප්‍රාසාත්මක ලෙසිනි. අදාළ සිද්ධියට මුහුණ පෑ කාන්තාවන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ඥාති මිත්‍රාදින් ‘‘සවරංපාලිය’’ කෘතිය පරිශිලනය කර තිබුණේ නම් ‘‘අනේ මේ කාලකණ්ණියාට මෙහෙමවත් දඬුවම් කරන්න ඕන’’ යැයි පවසනු නියත ය. එහෙත් එය ප්‍රබන්ධකරණයකට පමණක් ම සීමා කෙරෙන්නට තරම් අප රටේ පවත්නා නීතිය දුර්වල වන අතර දේශපාලන බලාධිකාරිය සවිමත් ය.

 

දෙවන සහ තෙවන සිදුවිම් පෙළ තුළ එක් පසෙකින් ජීවිතයේ එක් සන්ධිස්ථානයක් පසු කර යන්නට පෙළඹෙන පුද්ගලයකුගේ ඛේදාන්ත ඉරණම සහ තාක්ෂණික වශයෙන් මෙතරම් දියුණු ලෝකයක වෙසෙන මිනිස් ප්‍රජාව තව දුරටත්  මෙතරම් මිථ්‍යා විශ්වාස මත එල්බ සිටින්නේ ඇයි ද සහ එමගින් අත්පත් කරගන්නා විපාක කවරේ ද එවන් විපාක හේතුවෙන් මිනිස් ප්‍රජාව මුහුණ දෙන අර්බුදකාරිත්වය කෙතරම් ද යන්න ගම්‍ය කරන්නට යත්න දරන්නී ය.


තෙවන පරිච්ඡේදයේ දී ද කතුවරිය දෙවන පරිච්ඡේදයේ ම දිගුවක් ගෙනහැර පාන්නී ය. එහි දී ද ඇය මිනිසුන් රවටා බැංකු ගිණුම් තරකරගන්නා යකුදුරන්ගේ ථාර්ථය පිළිබිඹ කරනු අතර ම ගෞතම බුදුන් දෙසා වදාළ දහම ආගමක් ලෙස පිළිගනිමින් සහ අදහමින් දිවි ගෙවන මිනිස් ප්‍රජාව කෙතරම් රැවටීමකට ලක්ව සිටින්නේ ද යන්න මැනවින් ප්‍රකට කරන්නී ය; යකදුරන් නාමයෙන් පෙනී සිටි ස්ත්‍රී ධූර්තයන්ගේ ඇඳිවත උනා දමන්නී ය.


දිට්ඨධම්මවේදනීය


සිවුවන පරිච්ඡේදයේ දී කතුවරිය පියමනින්නී තවත් සමාජ ඛේදවාචකයක තතු විත්ති ගවේෂණය උදෙසා ය. මෙම සිද්ධි දාමයට අදාළ ගවේශනාත්මක ලිපියක් 2009 වසරේ දී මවිසින් Lankaenews වෙත සපයන ලදී. එතැනින් නොනැවතුණු මා ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ද නුගේගොඩ ජ්‍යේෂඨ පොලිස් අධිකාරි වෙත ඉදිරිපත් කළේ ය. එහෙත් අවසන ඔහුගේ පිළිතුර වූයේ ‘‘ලංකාවෙ ඉන්න බහුතරයක් මිනිස්සු මෙලොව සැපට වැඩිය උනන්දු වෙන්නෙ එලොව සැපට නෙ... ඉතිං පිනට කියල අන්ත දූෂිත හොරුන්ට තමන්ගෙ මුදල් විතරක් නෙවෙයි දේපොළ පවා ලියල දෙනව. ඉතිං රැවටෙන එවුන් ඉන්න තුරු රවටන්නො යහතින් ජීවත් වෙනව. මම කියන්නෙ ඇත්තට ම මේක දෙන එවුන්ගෙ වැරැද්ද,’’ යන්න ය. ඒ හැර අදාළ වංචා ක්‍රියාදාමයට එරෙහිව නීතිමය පියවරක් ගැනීම සඳහා කිසිදු උනන්දුවක් නොදැක්වී ය.


කතුවරිය සිවුවන පරච්ඡේදය අවසන් කරන්නේ ගතානුගතිකත්වය පදනම් කරගනිමින් ය යන්න මගේ පුද්ගලික හැඟීම ය. කතුවරියට බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බව පිළිගන්නා අතර ම ඇය කෘතිය තුළ එතෙක් රඳවාගෙන ආ බර සහ වේගය මේ අවස්ථාවේ දී කිසියම් පමණකට අවප්‍රමාණයකට ලක්වුවා ය යන්න මගේ කියවීම ය.


ස්ටාර් උමතුවේ කූටප්‍රාප්තිය


තුන් හුලස් නාලිකාවෙන් ඇරඹි ‘‘ගායක ගායිකා සුපර් ස්ටාර්’’ රෝගය වර්තමානය වන විට පිළිලයක් දක්වා වර්ධනය වී සමාජය මත පැතිරෙමින් පවතී. එහි සුඛ, දුක්ඛ, වේදනා කුමනාකාර ද යන්න පිළිබඳව ලිවීමට කාලය මිඩංගු කිරීම ද ඵල රහිත ක්‍රියාවකි.


කුරුසයේ ලූ යක්ෂයාකතුවරිය පස්වන පරිච්ඡේදය පුරා ම සාකච්ඡාවට බඳන් කරන්නී මෙකී සුපර් සටාර් රෝගය අනාගතයේ කෙතරම් ව්‍යසනකාරි වටපිටාවක් සමාජය මත විසුරුවා හරී ද යන සංකල්පය පදනම් කරගත් මාතෘකාවකි. මෙම පරිච්චේදය කියවා අවසන් වූ සැණින් මට සිහිපත් වූයේ අප්‍රිකානු ලේඛක න්ගුගි වා තියොන්ගෝ (Nugi Wa Thiong'o) විසින් රචිත, පී. බී. ජයසේකර විසින් පරිවර්තිත‘‘කුරුසයේ ලූ යක්ෂයා’’ නමැති කෘතිය යි. මෙහි අන්තර්ගත වන්නේ එක්තරා රටක පවත්වන ‘‘හොඳ ම හොරා තේරීම’’ යන මැයෙන් වූ තරගයක් පිළිබඳව ය. එකී කෘතියේ අන්තර්ගතය පසුගිය දිනෙක මෙරට දේශපාලන බේබි කෙනෙක් පැවසූ අදහසකට සමපාත ය. මේ බේබි පැවසුවේ සොරකම්, දූෂණ සහ වචා අවම කළහොත් රට දියුණු කිරීමට බාධා පැමිණෙන බවයි.

 

යට සඳහන් කළ ස්ටාර් උමතුව මේ වන විට ඉතා දරුණු අන්දමින් සමාජය වෙළාගෙන ඇත. ගායක ගායිකා ස්ටාර් සංකල්පයකින් ඇරඹි එය මේ වන විට කුඩා දූ පුතුන් පවා වෙළඳ භාණ්ඩ බවට පරිවර්තනය කිරීම දක්වා වර්ධනය වී තිබේ. එය වරෙක රණවිරු ස්ටාර් ලෙස ද, තවත් වරෙක ලිටල් ස්ටාර් ලෙස ද, තවත් වරෙක ජුනියර්ස්ටාර් ලෙස ද, තවත් වරෙක වැඩිහිටි ස්ටාර් ලෙස ද, තවත් වරෙක කොමඩි ස්ටාර් ලෙස ද, තවත් වරෙක අනුකරණ ස්ටාර් ලෙස ද සමාජය වෙළාගත්තේ ය. කතුවරිය සිය ප්‍රබන්ධකරණයට නතු කරගන්නී දැනට ඉතිරිව පවත්නා තවත් ස්ටාර් සංකල්පයකි. එනම් ‘‘මර්ඩර්ස්ටාර්’’ ය. ධනේශ්වර වෙළඳපළකරණයට ලක්ව තිබෙන මාධ්‍ය නුදුරු අනාගතයේ දී මෙවන් ස්ටාර් තරගයක් සංවිධානය කළ හොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. කතුවරිය සිය ප්‍රබන්ධකරණය තුළින් ප්‍රකට කරන්නී එකී ඛේදවාචකය යි. මා දන්නා තරමට මෙය මෙතෙක් කිසිදු ලේඛක ලේඛිකාවකගේ දෘෂ්ටිපථයට හසු නොවු සංකල්පයකි. එකී සංකල්පය හරහා කතුවරිය ඉදිරිපත් කරන සමාජ ව්‍යසනය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය.


අරටුව පාදා ගත් පසු...


ගසක වටිනාකම ඉහළ අගයක් ගන්නේ එහි අරටුවේ ප්‍රමාණය අනුව ය. පොත්ත, සහ එළය කෙතරම් විශාල ප්‍රමාණයක් පැවතිය ද නිසි වටිනාකම මනින්නේ අරටුව පවතින ප්‍රමාණයට ය. වට අඩි තුන හතරක ගසක වුව ද අරටුව පවතින්නේ වට අඩියක් පමණක් විය හැකි ය. එහෙත් එය වටින්නේ ම ය. එමෙන් ම කෘතියක අරටුව ද ඉතා වටින්නේ ය. නමුදු අරටුව තමන් සතු කරගන්නට බොහෝ වෙහෙසිය යුතු ය. ‘‘සවරංපාලිය’’ කෘතියේ අරටුව සොයාගැනීම ද එතරමට ම දුෂ්කර ය. ඒ මන්ද යත් එය රඳා පවත්නේ කෘතියේ අවසන් ම භාගයේ ය.


පස්වන පරිච්ඡේදය දක්වා සරල, සුගම භාෂා රටාවකින් පාඨක ප්‍රජාව අමතන කතුවරිය ඉක්බිති: හය (වසන්ත මණ්ඩපයේ විභීසන විමන), හත (භූපති විමන) සහ අට (මැස්සා යළි කාර්තිකේය බවට පරිවර්තනය වීම නොහොත් රාජකාරියේ නිමාව) යන පරිච්ඡේදවල දී ඇගේ භාෂාවේ විදග්ධ භාවය මෙන් ම ප්‍රබන්ධකරණයේ ශක්‍යතාව මැනවින් පිළිබිඹු කරන්නට සමත්වන්නී ය.


කතුවරිය මේ සියලු විස්කම් දක්වන්නී මැස්සෙක් සමග ය. ‘සැබැවින් ම මැස්සකු හට මෙවන් වික්‍රමයක් කළ හැකි ද...?’ බඳු සිතුවිල්ලක් කිසිවකුගේ සිතෙහි පහළ වීම ද අරුමයක් නොවේ. කතුවරිය ඒ සඳහා ද තම ප්‍රබන්ධ ශක්‍යතාව උපයෝගි කරගන්නී ය. ඒ කුමක් ද කෙසේ ද යන්න වටහාගැනීම පාඨක ප්‍රජාවගේ දක්ෂතාවකි. එසේ වටහා ගන්නා හෝ ගන්නිය ‘‘සවරංපාලිය’’ ද නියමාකාරයෙන් විඳිය හැකි පාඨකයකු හෝ පාඨකාවකි.


සුමිත් රත්නායකට විවෘත අභියෝග කිහිපයක් - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/12/04 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්