එහෙත් එතැනින් ඔබ්බට ඒ ආශ්වාදය විඳින්නට තරම් මා වාසනාවන්ත නොවිණ. ඒ, අමෝද්‍ය මගේ දොකොපුල් මත දෙවතාවක් ඔහුගේ දෙලවන් තබා

මඳක් තෙරපා එක වතාවක් පමණක් ලලාටය මත ද උණුසුම් වායු දහරක් අතුරා යළි මගේ දෙනෙත් දෙස ඔහුගේ දෙනෙත් එකිනෙකට සම්මුඛ කර සිටින අතර ම ‘‘හම්ම්ම්... යන්න පැටියො... ගිහින් වොෂ් එකක් දාල ලේස්ති වෙන්න. ඔයා කැමති දිහාකට යමු.’’ යැයි පවසා මගෙන් මිදී හිස් කෝප්ප දෙක ද රැගෙන එතැනින් ඉවත් වූ බැවිනි.


අමෝද්‍ය සමග මා ආදරයෙන් බැඳුණ අවධියේ සිට ම මා ඔහුගේ ස්පර්ශය, උණුසුම සහ ඔහු වෙතින් තාවකාලික හෝ වින්දනයක් බලාපොරොත්තු වූ සෑම මොහොතක ම කුමන හෝ හේතුවක් දක්වා එය මගහැරි බව මට මේ මොහොතේ ද සිහිපත් විය. එකල නම් ඔහු පැවසුවේ ‘‘අහිංසනා... මං ඔයාට ආදරේ තමයි... ඔයත් මට ආදරෙයි... ඒත් එහෙම අපි අතරෙ ආදරයක් තිබුණු පළියට ම මට බෑ ඔයා වැරැදි දේවල්වලට පොලඹව ගන්න. මොකද මේ රටේ පවතින සංස්කෘති සහ සදාචාර වළල්ල ඔයාගෙ වටේ වගේ ම මගේ වටෙත් වැටිල තියෙන්නෙ. ඒ නිසා අපි දෙන්න අපි දෙන්නට ආදරේ කරමු. ඒ ආදරේ, ආදරේ විදියට ම විඳිමු.’’ යනුවෙනි. එකල ඔහු එසේ පැවසීම පිළිබඳ මම ද පසු කලෙක දී ඔහු පිළිබඳ ආඩම්බර විමි. එහෙත් දැන් එසේ විය යුතු ද...?

 

de1d84296a3e3f786667576cd8093426


මා ඇඟපත සෝදාගෙන පැමිණෙන විට ද අමෝද්‍ය දිගු සෝපා අසුනේ සැතපී අතේ මැණික් කටුව නළලට සිටිනසේ තබාගෙන සිවිලිම දෙස බලා සිටියේ බරපතළ ගැටලුවකට මුහුණ පා සිටින පුද්ගලයෙකු ලෙසිනි. ඔහු පියවි සිහියට පැමිණියේ මගේ හඬ ශ්‍රවණය වීමෙන් අනතුරුව ය.


‘‘අමෝද්‍ය... මොනව ද කල්පනා කරන්නෙ... ඔයත් යන්න... ගිහිං වොෂ් එකක් දාගන්න,’’ යැයි කියූ සැණින් සිහිනෙන් බියවූ පුද්ගලයෙකු ලෙස තිගැස්සුණු ඔහු ‘‘ආ... හරි හරි... ඔයා ඇඳුමක් දාගන්නකො... මං ටක්ගාල වොෂ් එකක් දාගෙන එන්නං,’’ යැයි පවසා කඩිනමින් ම නාන කාමරය වෙත ගමන් කළේ ය.


‘ඇත්තට ම මොකද්ද මේ අමෝද්‍යට වෙලා තියෙන්නෙ...? ම්ම්ම්... සමහර විට දිවසත් අයිය ගැන... අපේ අම්මයි තාත්තයි ගැන එහෙම හිතනවද දන්නෑ... ඔවු ඉතිං... එහෙම හිතන එකත් සාධාරණයි නෙ... මමත් ඉතිං ඒක අමතක කරල ඉන්න කොච්චර ට්‍රයි කරනව ද...’


සිතුවිලි දැහැනෙන් මිදුණු මා කාමරයට ගොස් කඩිනමින් ම සුදානම් වූයේ මසිතේ මෙන් ම අමොද්‍ය ගේ සිතේ පවතින ව්‍යකුලත්වය යම් පමණකට හෝ සමනය කරගැනීමේ අටියෙන් මඳ ඉසිඹුවක් ලබාගත යුතු ය යන සිතුවිල්ලෙනි.

*         *          *          *          *          *          *          *          *

SnippetOfBedHead23bකාරය නිවසේ සිට කිලෝ මීටරයක් දෙකක් පමණ යන තෙක් ද අමෝද්‍ය ගත කළේ දැඩි නිශ්ශබ්දතාවකිනි. මා ද ඔහුගේ නිශ්ශබ්දතාවට රුකුලක් වන ආකාරයට ම අවට සිරි නරඹමින් සිටියා මිස ඔහු සමග කතා බහ කරන්නට උනන්දුවක් නොදැක්වී ය. කාරය වංගු සහිත මාවතේ කෙමෙන් කෙමෙන් පහළට ගමන් කරන විට අඩ අඳුරේ වුව ද අවටින් දර්ශනය වූයේ සුන්දර දසුන් ළෙකි; සිරුරට දැනුණේ ද සුවදායී බවකි. තව දුරටත් නිහඬතාව දරා සිටිය නොහැකි වූ මා අමෝද්‍ය ඇමතී ය.


‘‘මට කියන්න... ඔයා ඉන්නෙ අසතුටෙන් ද...? එහෙම නැත්තං මේ කරපු දේ වැරදියි කියල පසු තැවෙනව ද...?’’


මා එසේ විමසුවේ අමෝද්‍යගේ වමත මගේ දකුණතින් අල්ලාගෙන ම ය.

 

කිසිදු වදනක් මුවෙන් මුදා නොහළ ඔහු උවන පුරා සිතුවම් කරගත් පූර්ණ ස්මිතයක් සහිතව මගේ උවන දෙස බැලී ය. ඒ ස්මිතය සමග ම ඔහුගේ හෘදභ්‍යන්තරය කුමක් දෝ වෙහෙසෙකින් පෙළෙන බව මට හැඟිණ. ඔහු මගේ උවන දෙස ද මාවත දෙස ද ඔහුගේ නෙත් බැල්ම හුවමාරු කළේ ඇසි පිය ගසන වේගයකිනි. ඒ අතර ඉතා මෘදු හඬින් මා සමග දොඩමලු වන්නට ද හෙතෙම අමතක නොකළේ ය.

 

‘‘ම්ම්ම්... මෙහෙමයි පැටියො... අපි මතුපිටින් කොච්චර සතුටු වෙන්න උත්සාහ කරත් අවංකව ම අපේ හදවත්වලට එබිල බැලුවොත් දකින්න ලැබෙන්නෙ මොනව ද... සතුටෙන් උද්දාමයට පත්උණ හදවතක් ද, එහෙම නැත්නම් මොනයම්ම හෝ විදියක ගැස්මක් සහිත හදවතක් ද...? ඔයා මට ඒකට කෙළිං උත්තරයක් දෙන්න...’’


ඔහු විමසුවේ ආදරණීය ම ස්වරයකිනි. ඒ ස්වරය තුළ කිසිදු අමනාපයක්, නොසන්සුන් බවක් හෝ සන්තාපයක් දක්නට නොලැබිණ.


‘‘ඇත්තට ම ඔවු අමෝද්‍ය... ඔයා කියන ඔය නොසන්සුන් බව මට නොදැනෙනව නෙවෙයි. ඒත් ඔයා ඔය විදියට හැසිරෙද්දි මට මහ බයක් දැනෙනව අමෝද්‍ය...’’ යැයි පැවසු මා අමෝද්‍යගේ උරිස මත මගේ හිස හොවාගත්තේ ඉනොබ්බට කිසිදු වදනක් මුදා හැරීමට නොහැකි සේ මුවගුළු වැටුණා සේ හැඟුණ බැවිනි.


68a89382516bdaedc25d64ac85440126කිසිදු වදනක් මුදා නොහල අමෝද්‍ය කාරය මිටර් කිහිපයක් ඉදිරියට පදවාගෙන ගොස් මාර්ගයේ වම්පසට වන්නට තිබූ කුඩා ඉඩ ප්‍රමාණයක නවතා ඔහුගේ දකුණත මගේ ගෙල වටා යවන අතර ම මගේ හිස ඔහුගේ පපුතුර මතට ගෙන ඉතා මෘදු ලෙස අතගෑය. ඒ මොහොතේ ඔහුගේ හෘදස්පන්දනය තරමක් වේගවත් බව මට හැඟිණ. මම ද මුව ගොළු වූවකු සේ ඔහුගේ හදවත ගැහෙනා රාවයට සවන් දුනිමි.  ඒ අතර ඔහු ඉතා සන්සුන් ලෙස මගේ හිස මුඳුනත සිපගත්තේ වැඩිහිටි පුද්ගලයෙකු බාල දැරියකගේ හිස මුඳුනත සිපගන්නා ලෙසිනි. ඔහුගේ සිත ආදරයෙන් ම මිස අනුරාගයෙන් පිරී නොපැවති බව මට සක් සුදක් සේ ම පැහැදිලි විය; මා තුළ වුව ද ඒ නිමේෂයේ තැන්පත්ව තිබුනේ ආදරණීය හැඟිමක් පමණි. කිහිප වතාවක් ම මගේ හිස මත ඉහළ පහළ ගමන් කරවූ ඔහුගේ අත එතැනින් ඉවත්ව මගේ බඳවටා එතෙනු දැනුණ සැණින් මා ද තව තවත් ඔහුගේ පපු තුරහි හිස හොවා තෙරපුවේ රිදුරු අසුනටත් ඔහුගේ පිටටත් අතරින් මගේ දකුණත යවා ඔහුගේ සිරුර මගේ සිරුරට තෙරපාගන්නා අතරවාරයේ ය.


‘‘අමෝද්‍ය...’’


මගේ මුවෙන් එම වදන් පිටව අවසන් වන මොහොතේ ද මගේ දෑස් පියවී තිබිණ. අමෝද්‍යගේ හඬ වුව ද මගේ දෙසවන් තුළට ප්‍රවේශ වූයේ මා අසල ම ඇසෙන හඬක් ලෙස නොව ඈතක සිට මා අමතන හඬකිනි.


‘‘අහිංසනා...’’


‘‘අපි වැරැද්දක් කරා කියලද ඔයා හිතන්නෙ...?’’


එසේ විමසන්නට ඇත්තේ මා ය.


‘‘වැරැද්දක් කරා කියල හිතනව නෙවෙයි පැටියො... අපි වැරැද්දක් කරා... ඇත්තට ම අපි වැරැද්දක් කරා...’’

 

අවට සිදුවෙමින් පවතින කිසිවක් ම නොපෙනනවා සේ ම නොහැඟුණ ද අමෝද්‍යගේ කටහඬ ඇසිණ; ඔහුගේ සිරුරෙන් ලද උණුසුම දැනිණ. එහෙත් ඔහු වෙත කුමක් පවසනවා ද යන්න පිළිබඳ කිසිදු හැඟීමක්  නොදැනිණ. මට කළ හැකිව තිබුණේ තව තවත් ඔහුගේ ළය මඬල වෙත මගේ හිස තෙරපමින් ඔහුගේ සිරුර තව තවත් මා වෙත ඇදගැනීම පමණි.

 

එසේ එකිනෙකාට තුරුලු වී කොපමණ වේලාවක් සිටියා ද යන්න පවා මට අමතක ය. මා ඒ සිහින ලෝකයෙන් මිදුණේ, කාරයේ සියලු වීදුරු තදින් වසා තිබුණ ද එම වීදුරු විනිවිද පැමිණ දෙසවන් තුළට රිංගූ වාහන නළා හඬකිනි. සැණින් දෑස් විවර කරන විට ද දිගු කන්ටේනර් රථයක් අපගේ කාරය පසුකර මිටර කිහිපයක් ම ඉදිරියෙන් ධාවනය වෙමින් පැවතිණ.


යළි මගේ හිස සිපගත් අමෝද්‍ය ‘‘හම්ම්ම්... ඇති නේද තුරුල් වෙලා හිටිය... යං...’’ යැයි පැවසුවේ අතීතයේ දි පැවසූ පරිදි ම ය.

*         *          *          *          *          *          *          *          *

කොතැනදැයි කුමක්දැයි නොදන්නා අවන්හලකින් රාත්‍රි ආහාරය ලබාගත් අප දෙදෙනා යළි නිවසට පැමිණියේ අවන්හලට නුදුරින් පිහිටි ඉතා සුන්දර ගංතීරයක් අසල ද බොහෝ වේලාවක් රැඳී සිටීමෙන් ඉක්බිතිව ය.


‘‘මොකද්ද අනේ ඒ රෙස්ට් එකේ නම... ඇතුළු වෙද්දි දැක්කෙ නැති නිසා මං හිතාගෙන හිටියෙ එද්දිවත් බලනව කියල. ඒක අමතක උණා නෙ...’’

 

1 master


ආපසු එන අතර මා අමෝද්‍යගෙන් විමසුවේ සැබැවින් එම අවන්හලේ නම දැනගැනීම වුවමනාවෙන් නොව ඔහුගේ ද මගේ ද හිත සනසාගැනීම සඳහා ය. මන්ද අප දෙදෙනා ආහාර ගත්තේ ද, සුන්දර ගං තිරයේ සිරි නැරඹුවේ ද හා පුරා කියා අද දවසේ පැමිණි යුවළක් ලෙසින් නොවන බැවිනි. මගේ පැනයට පිළිවදන් සපයනවා වෙනුවට අමෝද්‍ය ද පෙරළා පැනයක් ම විමසී ය.


‘‘ඇයි... ආස හිතුණ ද තැනට...? අපි පස්සෙ දවසක ඇවිත් නයිට් එකක් ගහමු.’’


අමෝද්‍ය පැවසුවේ අප දෙදෙනා තවමත් පෙම් සුව විඳිමින් සිටින පෙම් යුවළක් නොවේදැයි හැඟෙන පරිදි ය.


‘‘පිස්සු... අවුරුදු තුනක් විතර ආදරේ කරලත් මොන නයිටක්කත් ගහපු නැති ඔයාටයි මටයි දැං මොන නයිට් ද අනේ... මං ඇහුවෙ එතන ලස්සන නිසා. අර අපි ටිකක් වෙලා නතර වෙලා හිටපු තැනත් මරු නේද...? එතනට නං යන්න ඕනෙ කරුවල වැටෙන්න කලි. අද ඉතිං හඳපාන තිබුණ නිසා ලස්සනයි.’’


‘‘හම්ම්ම්... ඔය ඔක්කොම දේවල් හැදුණෙ ඇත්තට ම වික්ටෝරියා ව්‍යාපාරෙ නිසා. ඔය රෙස්ට් එකට කියන්නෙ හකුරුතලේ රෙස්ට් කියල. ඔය අපි තැනක නතර වෙලා හිටිය නේද... වික්ටෝරියා ඩෑම් එක තියෙන්නෙ ඊට ටිකක් එහායින්. අපි පස්සෙ දවසක එතනටත් යමු.’’


අමෝද්‍ය පිළිවදන් සැපවූයේ තම ආදරණිය මනාලියට පිළිවන් සපයන විලස නොව දරුන් දෙතෙුන් දෙනෙකුගේ මවක් විමෙන් ඉක්බිති අමතන විලසිනි.

*         *          *          *          *          *          *          *          *

digital painting sad man thinking something digital painting sad man thinking something bed room illustration 153716238

නිවසට පැමිණි යළි ඇඟපත දෝවනය කළ මා ආපසු පැමිණෙන විට ද අමෝද්‍ය පෙර සේ ම දිගු සෝපා අසුනේ දිගැරී සිවිලිම දෙස නෙත් අයාන සිටියේ මීට පැය කිහිපයකට පෙර විඳි සතුට පලවා හැරි ස්වරූපයකිනි. එනම් ඔහු නැවතත් සවස් කාලයේ ගත කළ මොහොතට ගොස් ඇත.


ඒ වන විට රාත්‍රී ඇඳුමෙන් සැරසි සිටි මා සෝපා අසුණ වෙත ගොස් එහි පසෙකින් අසුන් ගත්තේ අමෝද්‍ය පත්ව සිටින ව්‍යාකුලත්වයෙන් ඔහු මුදවාලීලිමේ අටියෙනි. එහෙත් එය එතරම් පහසු කාර්යයක් නොවිණ.


‘‘අමෝද්‍ය... දැන් එකොළහටත් කිට්ටුයි අමෝද්‍ය... අපි නිදාගමු ද...’’


අමෝද්‍යගේ කය දිගු සෝපා අසුනේ සැතපී සිටිය ද ඔහුගේ මනස වෙනත් කොතැනක දෝ නොපෙනෙන ඉසව්වක අතර මංව ඇති බව මට පසක් වූයේ ඔහු සිහිනෙන් බිය වූවෙකු සේ තිගැස්සී, විසල් දැසින් යුතුව මා දෙස බැලු බැවිනි.


‘‘අ... ආ... නිදාගන්න... හරි හරි... ඔ... ඔයා යන්න... ඔයා ගිහින් නිදාගන්න. ම... මං තව ටිකක් මෙහෙම ඉඳල එන්නං...’’


එය මා කිසි සේත් ම බලාපොරොත්තු නොවූ පිළිතුරකි.


අද අප දෙදෙනාගේ සිහිනය සැබැ වූ පළමු රාත්‍රිය යි. ඒ රාත්‍රියේ මට තනිවම නිදන්න යැයි පවසන්නට තරම් ඔහු ආත්මාර්ථකාමී වූයේ කෙසේ ද...? වෙනත් පිරිමියෙකු නම් මේ රාත්‍රිය උදා වන තෙක් පුල පුලා සිටින්නේ කෙතරම් බලාපොරොත්තු සහිතව ද... මා අසා ඇති පරිදි මෙවන් දිනක සිය බිරිඳ සැහැල්ලු ඇඳුමෙන් සැරසී සුවඳ විලවුන් ගල්වාගෙන නිදි යහන වෙත පැමිණ ඔවුනොවනුගේ ලෝකයේ හුදෙකලා වන්නේ දෙදෙනාගේ ම සිත තුළ තැන්පත්ව තිබූ ආදරණීය මෙන් ම රාගීය හැඟීම් සන්තර්පණය කර ගැනීමේ නොතතිත් ආශාවෙනි. එහෙත් අමෝද්‍ය හැසිරන්නේ කිසිදු හැඟීමකින් තොර නිශ්ක්‍රීය පුද්ගලයෙකු ලෙසිනි. ඔහු මෙසේ මා මගහැර සිටින්නට යත්න දරන්නේ කුමන හේතුවක් නිසාද යන්න දැන් දැන් මගේ සිත තුළ කුහුලක් පවතී. ඒ අසවල් හේතුව නිසා ද යන්න නිශ්චිත නොවුව ද මා අසා ඇති පරිදි සහ පොත් පත්වල කියවා ඇති පරිදි ඔහු කිසියම් දුර්වලතාවකින් පෙළෙන්නේ ද... එසේත් නොවේ නම් ඔහු...


මා ඔහුගෙන් යමක් විමසීමට සුදානම් වත් ම ඔහුගේ දුරකතනය නාද විය. එහි පළමු රාවය ඇසුණු සැණින් අසුනෙන් නැගි සිටි හෙතම කඩිනමින් ම ගොස් දුරකතනය අතට ගෙන එදෙස විමසිල්ලෙන් බැලි ය.


‘‘පැටියො... දිවසත් අයිය...’’


ඔහු මෙතෙක් ගත කළ ව්‍යාකුල ස්වභාවය ඔහුට ද නොකියා පලා ගොස් ඇති බවක් ඔහුගේ උවනේ සටහන්ව තිබිණ. එහි ලියැවි තිබුණේ ‘මං මේ මග බලාගෙන හිටියෙ ඔයා කෝල් කරනකං’යන වදන් පෙළ ය.


අමෝද්‍ය තවමත් දුරකතන ඇමුතුම විවෘත නොකර ම මා දෙස අවධානය යොමු කර‍ගෙන සිටින්නේ ‘‘ආන්සර් කරන්න ද...?’’ යැයි මගේ විමසනාකාරයෙනි.


‘‘ඉතිං බලාගෙන ඉන්නෙ... ආන්සර් කරන්න අමෝද්‍ය ආන්සර් කරන්න...’’


ඉවර නෑ...

 

 

jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/12/09  

 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්