ශ්‍රී ලංකාවේ මුල් පෙළේ කලාකරුවන් තිදෙනෙකු වන ප්‍රසන්න වීරක්කොඩි, ලෙස්ටර් පෙරේරා සහ ලලිත් සේනානායක එක්ව ඉදිරිපත් කරන Unseen colors සිතුවම් සහ මූර්ති ප්‍රදර්ශනය (03දා) සිට දෙසැම්බර් 16
වැනිදා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේදී පැවැත්වෙයි.
පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සිතුවම් සහ මූර්ති ප්රැදර්ශනය නැරඹීමේ අවස්ථාව විවෘතව පවතී.
ප්‍රසන්න වීරක්කොඩි
ලංකාවේ පැරණි ඉතිහාසය සම්බන්ධ සිතුවම් ගැන කතාකරද්දි ප්‍රමුඛස්ථානය ලබාගන්නා චිත්‍ර ශිල්පියා තමයි ප්‍රසන්න වීරක්කොඩියි. ඔහු තරම් නිවැරදිව ඉතිහාසය ප්‍රති නිර්මාණය කරන වෙනත් චිත්‍ර ශිල්පියෙකු නැති තරම්.
සුවිශේෂී අධ්‍යනයන් සමග පුරා විද්‍යා සාධක ඔස්සේ ලංකා ඉතිහාසයේ පැරණි යුගයන් තුළ සිදු වූ විශේෂ සිදුවීම් කැන්වසය මත නිර්මාණය කිරීමට පෙර ඔහු සැලකිලිමත් වෙනවා. ඔහු නිර්මාණය කළ සිතුවම් ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් බලන්න පුළුවන්. Prasanna Weerakkody
http://theleader.lk/hansa-wila/14574-unseen-colors#sigProId449b2e1232
ලලිත් සේනානායක
ලලිත් සේනානායක කියන්නෙ ලංකාවෙ බොහොම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වගේම මූර්ති ශිල්පියෙක්. ලංකාවේ මෙන්ම විදේශ රටවලද ඔහු තම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔහු නිර්මාණය කරන මූර්ති සඳහා යොදාගන්නෙ ඉවතලන වාහන කොටස්, ලෝහ සහ ප්ලාස්ටික් අමුද්‍රව්‍යන්. ලෝහ භාවිතයෙන් කර ඇති මූර්ති අතර සත්ත්ව රූ සහිත මූර්ති විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ලෝහ භාවිතයෙන් නිර්මාණය කළත් මේ මූර්තිවල ස්වභාවිකත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. ඒ වගේම සතුන්ගේ ඉරියවු සහ චර්‍යාවන් ඉතාම නිවැරදිව දැක්වීමට ලලිත් සේනානායක සමත් වී තිබෙනවා.
ලංකාවේ ඔහු නිර්මාණය කළ විශාල මූර්ති කිහිපයක්ම දැකගන්න පුළුවන්. ගංගාරාම විහාරය අබියස නිර්මාණය කර ඇති විශාල හස්ති රුව ද නිර්මාණය කර ඇත්තේ ලලිත් සේනානායක විසින්. මූර්ති කලාව තුළින් ලංකාවට අභිමානයක් ගෙනදුන් කලාකරුවකු ලෙස ඔහු හඳුන්වාදෙන්න පුළුවන්. Lalith Senanayake
http://theleader.lk/hansa-wila/14574-unseen-colors#sigProId7f925b6c3e
ලෙස්ටර් පෙරේරා
http://theleader.lk/hansa-wila/14574-unseen-colors#sigProId863a71af7e
ඡායාරූප - උපුටා ගැනීම - World of Wildlife Artists