කලක් තහනමට ද ලක්ව තිබූ, එමෙන් ම මහත් ආන්දෝලනයකට තුඩු දුන්, ජත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටයේ Director’s Cut පිටපත පෙබරවාරි 03වැනිදා සිට කොළඹ PVR සිනමා සංකීර්ණයේ දී   ප්‍රදර්ශනය කිරීම ආරම්භවී තිබේ.

 

IMG 20230205 WA0004

අතිශය ජාත්‍යන්තර ප්‍රණාමයට ලක්වූ ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටය මෙරට ප්‍රදර්ශනය කරන්නේ වසර දොළහකට පසුව වීම සුවිශේෂි සිදුවීමකි. මීට පෙර චිත්‍රපටයේ වැඩ අවසන් නොකළ පිටපතක් (Rough Cut) නීති විරෝධි ලෙස සමාජගතවු අතර පෙබරවාරි 03 වැනිදා සිට කොළඹ PVR සිනමාශාලාවේ දී සැබෑ ඉගිල්ලෙන මාළුවෝ සිනමාපටය Director’s Cut ලෙසින් නැරඹීමට මෙරට නියම සිනමා රසිකයින්ට අවස්ථාව දැන් උදාවී තිබේ. ඉගිල්ලෙන මාළුවෝ වැඩිහිටියන්ට පමණක් සීමාවු චිත්‍රපටයකි.

 

IMG 20230205 WA0005

 

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලෙ දී නව කලාපීය අංශයේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය, බැංගලෝර සිනමා උළෙලේ හොඳම ආසියානු සිනමා කෘතිය ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ගැනීමට ඉගිල්ලෙන මාළුවෝ සමත්වූ අතර හොංකොංහී වාර්ෂීකව පැවැත්තෙන ආසියානු සිනමා උළෙ‌ලේ හොඳම කැමරාකරණය සඳහා ද ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය නිර්දේශ විය. ආසියානු සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති එකම නිර්දේශය ද ඉගිල්ලෙන මාළුවෝ වීම විශේෂත්වයකි.

 

ප්‍රකට බ්‍රිතාන්‍යය සිනමා විචාරක ටෝනි රෙයන්ස් ඉගිල්ලෙන මාළුවෝ පිළිබඳ සිය විචාරයේදි සඳහන් කර තිබුණේ ඉතාම අයස්කාන්ත ජනක සිනමා කෘතියක් ලෙසිනි. තවදුරටත් ඔහු සඳහන් කළේ ඇතැම් විට ශ්‍රී ලංකාවේ ප්‍රථම නූතනවාදී සිනමා කෘතිය ඉගිල්ලෙන මාළුවෝ වියහැකි බවයි.

 

IMG 20230205 WA0006

ඉගිල්ලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාර සහ මනෝහන් නානයක්කාර හවුල් නිෂ්පාදනයක් වක අතර තිර රචනය කරන ලද්දේ සංජීව පුෂ්පකුමාර සහ චින්තන ධර්මදාස විසිනි.

 



ඉගිල්ලෙන මාළුවෝ සිනමා නිර්මාණය සඳහා: කෞෂල්‍යා ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා, මයුර කාංචන, වසන්ති රංවල, නිලංක දහනායක, සංජීව දිසානායක, සුමති සිවමෝහන්, සිත්ති මාරියම් ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

මෙම සිනමා නිර්මාණයේ කැමරාකරණය විශ්වජිත් කරුණාරත්න, සංස්කරණය අජිත් රාමණායක, සංගීතය තරිදු ප්‍රියංකර ද සිල්වා, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, නිෂ්පාදන කළමණාකරණය දීපාල් ගුණරත්න සහ හැරල් කරුණාතිල, සහාය අධ්‍යක්ෂණය, අරුණ තිලකරත්න විසින්  සිදුකරනු ලැබ ඇත.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :
ඉගිල්ලෙන මාළුවෝ අතර හුදෙකලාව - (සුමිත් චාමින්ද)


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්