මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙන ''කලා පොළ 2023'' අද දින කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී (ග්‍රීන් පාත්) ආරම්භ විය.

මෙම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය උදෑසන 8 සිට පස්වරු සිට පස්වරු 8 දක්වා නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරනු ලබන කලා පොළ, මෙවර වසර 30 ක ගමන් මග සමරනු ලබයි.

පැරීසියේ මොන්මාට්‍රා හි ලෝ ප්‍රකට එළිමහන් කලා ප්‍රදර්ශනවලින් සහ ඔක්ස්ෆර්ඩ් හි ටර්ල් වීදි කළා සැණකෙළිය තුලින් අභාෂය ලබාගත් කලා පොළ 2023 මෙවරත් දිවයින පුරා විසිරී සිටින විවිධ කලා ලෝලීන් එක්රැස් කරමින් කලාකරුවන්ට තම චිත්‍ර ප්‍රදර්ශනය කිරීමට සුවිශේෂී අවස්ථාවන් ලබා දීමට නියමිතය.

kalx

 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්