ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ''ආදරේ ගැන දෙබසක්'' කෙටි චිත්‍රපටය මේවනවිට අන්තර්ජාලයට මුදාහැර ඇත.
ඒ සම්බන්ධයෙන් අශෝක හඳගම සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.
'' ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 19 දා දාපු පෝස්ට් එකක මං මෙහෙම ලිව්වා චිත්‍රපටිය හඳුන්වලා දෙමින්.
“මට කෙටි චිත්‍රපට කරන්න අදහසක් තිබුණේ නෑ. පලවෙනි චිත්‍රපටියම දිගු චිත්‍රපටයක්. එහෙම දිගු චිත්‍රපට ගානක් කරාට පස්සේ කෙටි චිත්‍රපටියක් කරන්න අදහස දැම්මේ අනුරාධා. ( Anuradha Perera ) ඒක මට රසවත් අභ්‍යාසයක් වුණා.
කෙටි චිත්‍රපටියක් කියන්නේ කොට කරපු දිගු චිත්‍රපටියක් නෙවෙයි. ඒක වෙනම වැඩක්. කෙටි කතාවක් ලියනවා වගේ.
“ආදරේ ගැන දෙබසක්( Talking About Love) “ චිත්‍රපටිය එහෙම වැඩක්.
අපි කීප දෙනෙක් එකතු වෙලා වරුවක් විතර ගතකරලා කරපු වැඩක්. එක ෂොට් එකයි. (Single Shot). එක පාරයි ( One Take ). පුහුණුවීම් කීපයක් කිහිපවිටක් කෙරුවා. එච්චරයි. ස්වභාවික ශබ්ද. music විතරයි. හවස පහ මාරට විතර ෂූට් කරේ. දෙකහ මාරට විතර location එකට එකතු වුණේ. “
හැබැයි නොසෑහෙන්න මහන්සි වුණා.
ඒ චිත්‍රපටිය Agenda 14 චැනල් එකේ release කළා. විනාඩි දහයයි. ගිහින් බලන්න.
A young couple get a message to the mobile phone of one of them. They first start laughing. A conversation begins with the girl asking the young man the reason for the laugh. From there onwards the same conversation progresses through three different couples revealing different forms of relationships.
Six of them are walking around,
Talking About Love
ආදරේ ගැන දෙබසක්
Original Title: Talking About Love
Title in English: Talking About Love
Title in Sinhala : ආදරේ ගැන දෙබසක්
Language: Sinhala
Duration: 10min1s
Year of Production: 2018
Director: Asoka Handagama
DOP: Channa Deshapriya
Steadicam : Adam Striner
Music: Kapila Poogala Arachchi
Cast.
MAYURA PERERA
THILAKSHINI RATHNAYAKA
KAPILA RASANAYAKA
SANDALI HANDAGAMA
RITHIKA KODITHUWAKKU
TRILAN SHASTHRI