ඉරාන සිනමාකරුවෙක් මෙම මිනිත්තුවක කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ මහජනතාව දැනුවත් කිරීම සඳහාය. ඒක හරිම ලස්සනයි.



දියනිය කැටුව පැමිනි දුප්පත් තාත්තා කෙනෙක් කඩේකින් රොටියක් සොරකම් කරනවා. නමුත් ඔහු යන විට කඩ හිමියා ඔහුව 'හෝව්' කියා නවත්වනවා.. ''

මොකද වුණේ ? " ව්‍යාකූල වූ දියණිය පියාගෙන් අසන අතරතුර තමා කළ වරදට සමාව ගැනීමට ඔහු සූදානම් වන විට කඩ හිමියා ඔහුට බාධා කරමින්... දියණිය අමතා මෙහෙම කියනවා : " ඔබේ පියාට ඔහුගේ ඉතුරු සල්ලි ගන්න අමතක වෙලා" කියා.

පසුව ඔහු මුදල් ගණන් කර ඔහුට ලබා දෙනවා.  

ඔහු එළියට යද්දී කඩේ වාඩි වී සිටි තවත් අයෙක් කෑ ගසා පවසන්නේ “මේ ඔයාට ඔයාගේ හාල් මල්ල අමතක වෙලා !!!! " කියා ඔහුට හාල් මල්ලක් දෙනවා.  

මේ කෙටි චිත්‍රපටය අවසානයේ අපට දෙන පනිවුඩය නම්. අවශ්‍යතා ඇති අයට නිශ්ශබ්දව උදව් කරන්න කියායි.

('මනුතාපයේ' ජනවර්ජන පල්ලියෙන් හොරකම් කළ බඩු පොලීසියට හසු බඩුත් සමඟ පල්ලියට රැගෙන ආ විට පියතුමා පොලීසියට කියන්නේ 'ඔහුට දුන් රිදී පහන් රඳවනය අමතක වේලා. මෙන්න ඒක ගන්න' කියූ බව මතකද?)

 


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්