ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සූරීන්ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ සිව්වැනි නිෂ්පාදනය මැයි  26 සිය වේදිකා ගත වීම ආරම්භ වෙනවා.

1976 දී හැව්ලොක් ටවුමේ ලුම්බිණි රගහලෙන් වේදීකා ගත වීම ආරම්භ කෙරුණු "සෙක්කුව"මෙරට වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂී මං සලකුණකි.

මෙරට දේශපාලනය පිළිබඳ කතිකාවතක් වේදිකාව හමුවේ නිර්මාණය කරන පරාක්‍රම ඒ සඳහා යොදා ගන්නේ කිරිපුස්සා සහ පැඟිරා නම් වෘෂභ චරිත දෙක ඔස්සේ ය.

 

ගෙවීගිය වසර 46ක පමණ කාලය තුළ එම ජව සම්පන්න චරිත ඉදිරිපත් කළේ රංගන ශිල්පීන් විසිනි. එහෙත් නව නිෂ්පාදනයේ දී එම අභියෝගය භාර වූයේ නවක රංගන ශිල්පිනියන් දෙපළක් වන නයන්තරා ද සිල්වා සහ දිල්හාරා ජයසිංහ වෙත ය. නයන්තරා මෙහි කිරි පුස්සාගේ චරිතයටත්, දිල්හාරා පැඟිරා‌‌ගේ චරිතයටත් පණපොවති.

 

මේ ඔවුන් දෙදෙනා 'මිරර් ආර්ට්ස්- mirrorarts.lk ) වෙත මෙසේ අදහස් දක්වා ඇත.

348868922 579415521000619 3983820815016621236 n

නයන්තරා :
මගේ මිත්‍රයෙකු ගේ දැනුම්දීමකට අනුව තමයි මම නිෂ්පාදන කණ්ඩායමේ එම්. සෆීර් සර් හරහා පරීක්ෂණය සඳහා ඉදිරිපත් වුණේ. එහි දී ඔවුන් ඉදිරිපත් කරන්න කිවුව හැම දෙයක්ම මගේ උපරිමයෙන් ඉදිරිපත් කළා. පසුව මට දැනුම් දුන්නා චරිතයක් සඳහා තෝරාගෙන ඇති බව.

 

dilhara

දිල්හාරා :
 මම "සෙක්කුව"නාට්‍යයේ නව නිෂ්පාදනයක් සඳහා රංගන ශිල්පීන් තෝරා ගන්නා බව මූහුණු පොතෙන් දැකල තමයි සෆීර් සර් අමතල දිනය සහ වේලාවෙ දැනගෙන පරීක්ෂණයට ඉදිරිපත් වුණේ. ඒක  ඇත්තටම මීට පෙර ගිය තිර පරීක්ෂණවලට වඩා බොහෝ වෙනස් කියල ගියාට පස්සෙ තේරුණා. ඒ එක්කම මට වැටහුණා අත තියන්න යන්නෙ ජීවිතේ බැරැරුම්ම අභ්‍යාසයකට කියල. ඒ නිසා මේ සඳහා තේරෙයි කියල100%ක් විශ්වාසය තිබුණෙ නෑ, නමුත් අවසානයේ මාව තෝරගෙන කියල දැන ගන්න ලැබුණ.

මෙය අභියෝගාත්මක රංගනයක්

 

346098961 247829814543389 3330124056655643629 n

නයන්තරා :
ඇත්තෙන් ම ඔවු. අපට එක දෙබසක් කතා කරන්න නැතත් අපි නාට්‍යයේ ප්‍රධාන චරිතය ලෙස බොහෝ වේලාවක් වේදිකාගේ රැඳී සිටිනවා. ඒ ජවය තියාගෙන මුල සිට අග දක්වා රංගනයේ නිරත වීම ඇත්තටම වෙහෙසකර දුෂ්කර කටයුත්තක්.  'කිරි පුස්සා'කියන චරිතයත් එක්ක ජීවත් විම තමයි මට තියෙන මූලික අභියෝගය. කොහොම වුණත් විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි නාට්‍යවේදී එම්. සෆීර් සර් මේ අවස්ථාව යෝජනාවක් විදියට ඉදිරිපත් කළාට පස්සෙ තමයි ඊට නිරිඇල්ල සර් අනුමැතිය ලබා දීල තියෙන්නෙ.

දිල්හාරා:
ඇත්තටම චරිතය ලැබුණ වෙලාවෙදිම ඒක  කොයි තරම් බරපතල දෙයක් ද කියල දැනුණ. අපි "සෙක්කුව "නරඹපු සෑම අවස්ථාවක දීම දැකල තිබුණෙ රංගන ශිල්පීන් විසින් බොහොම ජවයෙන් රංගනයේ නිරත වන ආකාරය. ඉතින් ඒ ආකාරයේ චරිතයක් රඟදැක්වීම ඇත්තටම අභියෝගයක්. එකක් තමයි නයන්තරා කිවුව වගේ ම එම චරිතය තුළ තියෙන ජීවය එක දෙබසක්වත් නොකියා ඉරියව්වලින් සහ නැටුම් ආශ්‍රිතව පවත්වාගෙන යාම. අනිත් එක තමයි මේ චරිතෙ මීට පෙර ප්‍රේක්ෂකයා විසින් දුටු චරිතයක්. මෙවර තමයි ඒක  රංගන ශිල්පිනියන් රග දක්වන දකින ප්‍රථම අවස්ථාව.


මේ නාට්‍යය නිෂ්පාදනය වන සමය ‌වෙද්දි ඔබ දෙදෙනා ම ඉපදිලාවත් නැතුව ඇති. පරාක්‍රම වැනි  සූරින් දවැන්තයෙක් එක්ක මේ සිදු වන වේදිකා ආගමනය ඔබට දැනෙන්නෙ කොහොම ද?

nyana


නයන්තරා :
ඇත්තටම ඔහු සමග වැඩ කරද්දි අපට ගොඩක් දැනුම ලැබෙනවා. විශේෂයෙන් ම අපේ පරම්පරාවට ලැබෙන්නෙ නැති වෙනස් ම විදියේ අත්දැකීමක් ඒක . මේ නාට්‍යයට සහ චරිතයට අදාළව විතරක් නෙවෙයි ඉන් පිටත දේ ගැන පවා ඔවුන් සමග සිදු කරන සාකච්ඡාවල දී ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා.

දිල්හාරා :
මම උපදින්නේ මේ නාට්‍යය දශක එක හමාරක් විතර වේදිකා ගත කළාට පස්සෙයි. ඉතින් පරික්‍රම නිරිඇල්ල වැනි දැවැන්ත චරිතයක් තුළ මොන තරම් දැනුමක් තියෙනව ද කියල හිතන්න පුළුවන්. අපි තියන අඩියක් ගැන පවා ඔහු විමසිල්ලෙන් බලන් ඉන්නවා. වරදක් වුණොත් ඔහු විස්තර කරනවා ඇයි ඒ විදියේ නැටුම් විලාසයක් ඒ අවස්ථාවට ඇතුළත් කළේ කියල. ඇත්තට ම මගේ රංගන ජීවිතේ විශ්ව විද්‍යාලය වගේ තමයි පරාක්‍රම නිරිඇල්ල සහ "සෙක්කුව "
කියන්නෙ.

dil 1

පරාක්‍රම නිරිඇල්ලගේ සූරීන්ගේ සෙක්කුව වේදිකා නාට්‍යය මැයි මස 26 වැනි දා සවස 3.30ට සහ 7.00ට මරදාන එලිෆින්ස්ටන් රගහලේ දී වේදිකා ගත වීමට නියමිතයි. වසර ගණනාවකට පසු එය දැක බලා ගැනීමට ඔබටත් අවස්ථාව තියෙනවා.

කෙල්ලෝ දෙන්නෙක් ගේ  දක්ෂතා දකින්න, සෙක්කුව නරඹන්න 26 වෙනිදා  වෙලාව වෙන්කරගන්න. 


(සේයාරූ- නයන්තරා ද සිල්වා)

උපුටා ගැනීම - Mirror Arts ෆේස්බුක් පිටුවෙන්...

 

.


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්