කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රූපකාය දෙස බලන ස්ත්‍රියකට ප්රතිරූප දෙකක් පේන්න ගන්නවා කියල ජාක් ඇලන් මිලර් ලියනවා.
එක ප්‍රතිරූපයක් තමයි ඇතැම් විට ඔක්කාරය දනවන සුළු තමන්ගේ නිරුවත් බව. අනෙක තමයි ඒ නිරුවත් බව ඇතුලේ සැඟවිලා තියන පරමත්වය සඳහා සුදුසු පාරිශුද්ධ බව. එහෙම නැත්නම් පාරිශුද්ධ බව සඳහා සුදුසු එහි පුර්ව කොන්දේසිය වන කන්‍යාභාවය නම් තත්වය.
ඒ නිසා මේ ගුප්ත ස්ත්‍රී රූපකය පුළුල් තලයක ප්රතිමූර්තිමත් වෙච්ච අවස්ථාවක් හැටියට මිලර් වගේම ෆ්‍රොයිඩියානු - ලකානියානු විශ්ලේෂණය සලකන්නේ ශුද්ධ වූ මරියා මව්තුමිය. ඒ ක්‍රිස්තියානි ආගමික මූලාකෘතිය මනෝ විශ්ලේෂණය හරහා නැවත අර්ථකතනය කරන කොට...
මේ ඔස්සේ ස්ත්‍රිය දෙන ලද භෞතික තත්වයක් එක්ක එක වරකදී අනන්‍ය වෙනවා වගේම අනෙක් මොහොතේ පරමත්වය වෙනුවෙන් එයාගේ අරගලය දෙන ලද තත්වයට එරෙහිව දියත් කරනවා.
දෙන ලද භූමියක දෙන ලද පිරිමියෙක් එක්ක එයා එක වරකදී ජීවත් වෙන්න උත්සාහ කළත් තවත් වරකදී එයා පිරිමි ලෝකයෙන් ඉල්ලා සිටිනවා මෙතැනින් එහාට ගිය පරිකල්පනීය පරමත්වයක් (imaginary absolute).
''මීට වඩා හොඳ තැනක් තියෙන්න පුළුවන් නේද? ඇයි එතෙන්ට යන්න උත්සාහ කරන්නේ නැත්තේ?'' එතැනදී එයා හිස්ටරියකයි.
මොකද එයා මේ භුමියේ හරියටම පය ගහන්න වරකදී දෙවියන්ටත් එරෙහි වෙනවා. ඉතිං අවශේෂ පුහුදුන් දනා ගැන කුමන කතාද?
ඉතිං එකතැන පල්වෙමින් තියන පුරුෂ ලෝකය විසින් උත්කර්ෂ කරමින් ඉන්න ඇන්ටීක් ඉතිහාසය, සහ ඒ ඉතිහාසය ඇතුලේ ඝනීභවනය වෙලා තියන කැඩපත් අතීතයෙන් ශේෂ වෙච්ච් කැට කැබිලිති සහ ඒ කැට කැබිලිති දිහා බල බලා ඉන්න වර්තමාන පිරිමි දොරටුපාලයන් සහ ඒ දොරටුපාලයන් පලවා හරින්න යම්කිසි වෙලාවක ස්ත්‍රියගේ අර ද්විත්ව රූපකායෙන් එක රූපකායක් අවතාරයක් වගේ ඇවිල්ලා අර ආශාව මියගිය - සොම්බීකරණය වෙච්ච - පුරුෂ ලෝකය කුඩු පට්ටම් කරලා දානවනම් ඒ ඇන්ටිගනියානු ක්‍රියාවට මම පක්ෂයි....
මොන අරගයක් කළත් ස්ත්‍රිය ඇත්තටම ෆැල්ලසයට යටත් කියන්නේ එයා ආශාවට යටත් නිසා....
හඳයා මිය ගිහිල්ලා කියල ඔබ හිතන මොහොතේ ඔබ යටි හිතෙන් හිතනවා 'අම්මෝ යන්තම් ඒ හිස්ටරික කරදරය ඉවරයි' කියල.
නමුත් එයාගේ අවතාරය ඇවිල්ලා ආයේ ආයෙත් ඔබව කූද්දවලා කියනවා, ''මගේ වැඩේ නම් ඉවරයි. ඒ උණාට ඔයාගේ වැඩේ තවම ඉවර නැහැ කියල....'' වඩාත්ම භයානක අවතාරය කියල මම මීට කලින් ලියල තියනවා.
දෙවියන්ට වඩා ප්‍රභලයි මියගිය දෙවියන්...
ලංකාවේ සංකීර්ණ ම කලාකරුවාගේ තවත් වැඩක්....ගිහිල්ලා බලන්න.
(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
සබැඳි පුවත් :
ෆේල් ආණ්ඩුව භයවෙලා භූමිදානයට අතවනයි !
බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි