අම්බලවානර් සිවානන්දන් විසින් ලියන ලද When Memory Dies නවකතාවේ සිංහල ප්‍රතිරචනයක් ලෙස 2019 වසරේදී හෂිත අබේවර්දන පළකළ “මතක මිය ඇදෙන සඳ” කෘතිය පිළිබඳ සංවාදයක් zoom තාක්ෂණය
ඔස්සේ අද (17) රාත්‍රී 9.00 ට පැවැත්වේ. 
 
‘පොතක් ගැන කතාවක්’ සංවාද මාලාවේ 15 වැනි වැඩසටහන වශයෙන් පැවැත්වෙන මෙම සංවාදයේ මූලික අදහස දැක්වීම සිදුකරන්නේ මාධ්‍යවේදී රෝහිත භාෂණ අබේවර්ධන විසිනි. 
 
භාෂණ, මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි. 
 
1997දී සිය පළමු හා අවසන් ප්‍රබන්ධ කෘතිය වශයෙන් When Memory Dies කෘතිය ලියා පළකළ සිවානන්දන් 1958 දෙමළ විරෝධී හිංසන ක්‍රියා හේතුවෙන් ලංකාව අතහැර ගොස් බ්‍රිතාන්‍යයේ ජීවත් වූ අන්තර්ජාතික සම්භාවනාවට පත් වාම බුද්ධිමතෙකි. එංගලන්තයේ වාර්ගික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂවරයා මෙන්ම Race & Class සඟරාවේ කතුවරයා වශයෙන්ද දශක 4කට වැඩි කාලයක් කටයුතු කළ හෙතෙම 2018දී මිය ගියේය. 
 
“මතක මිය ඇදෙන සඳ” යනු හෂිත අබේවර්ධනගේ පළමු සාහිත්‍යමය ප්‍රතිරචනයයි.
 
සංවාදයට එක්වීමට රිසි අයට පහත zoom සබැඳියෙන් ඒ හා සම්බන්ධ විය හැක:
 
 
https://us02web.zoom.us/j/8503155015?pwd=elBIS2RGSG55OXYxZ2kwMnJEL1ZKQT09
 
Meeting ID: 850 315 5015
Passcode: chem123

EuXJ8NJWgAI7NB4

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්