පසුගිය සිකුරාදා දිනයේ Godzilla vs. Kong චිත්‍රපටය ලංකාව පුරා ප්‍රදර්ශනය වුණා. සිනමාහල් උතුරා යන මට්ටමේ ප්‍රේක්ෂකයින් පිරිසක් මේ චිත්‍රපටිය බලන්න පෝලිමේ හිටියා.
 
 
මාර්තු 18 දා ප්‍රදර්ශනයට එක්වුණ අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන “COLOMBO” සිංහල චිත්‍රපටියට එවැනි යම්තරමක හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබුණෙ නැහැ. ඉතාමත් අඩු ප්‍රේක්ෂක මට්ටමකින් තමයි පහුගිය දින කිහිපයේ “COLOMBO”  චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ. 
 

 
Godzilla vs. Kong චිත්‍රපටියට ආපු සෙනඟ නිසා බොහෝ සිනමාහල්වල “COLOMBO” චිත්‍රපටයේ දර්ශන කීපයක් අවලංගුකර මෙම ඉංග්‍රීසි චිත්‍රපටිය house full තත්ත්වයෙන් ප්‍රදර්ශනය කරන්න සිනමාහල් හිමියන් කටයුතු කර තිබුනා.
 
කොහොම නමුත් සිනමා හිමියන් පෙන්වා දෙන්නේ හොඳ ආකර්ෂණීය චිත්‍රපටයක් ආවොත් භාෂාව කුමක් වුවත් ප්‍රේක්ෂකයින් එය නැරඹීමට තාමත් සිනමාහල්වලට එන බවයි.
 
 ව්‍යාපාරයක් ලෙස සිනමා ශාලා පවත්වාගෙන යෑමට නම් මෙවැනි ඉංග්‍රීසි, දෙමළ චිත්‍රපට අත්‍යවශ්‍ය බව සිනමා හිමියන් පවසනවා. 
 

 

 

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්