ලොව පුරා විශිෂ්ට පරිවර්තන කෘති ඇගයීම උදෙසා පිරිනැමෙන "අන්තර්ජාතික බුකර් සම්මානය"
2021 වසර සඳහා සුදුසුකම් ලැබූ කෘති ඇතුලත් දීර්ඝ ලැයිස්තුව ඊයේ (30) ප්‍රකාශයට පත්කර තිබෙනවා.
 
මෙ වසරේ දීර්ඝ ලැයිස්තුව භාෂා 11 සහ රටවල් 12ක් අතර බෙදී ගොස් ඇති අතර ඒ අනුව, සම්මානය සුදුසුකම් ලැබූ කෘති 13 වන්නේ,
 
 
1- Can Xue විසින් රචිත "I Live in the Slums" 
චීන බසින් පරිවර්තනය කරන ලද්දේ Karen Gernant සහ Chen Zeping, ප්‍රකාශනය Yale University Press
 
 
2- David Diop විසින් රචිත "At Night All Blood is Black" 
ප්‍රංශ බසින් පරිවර්තනය කරන ලද්දේ Anna Mocschovakis, ප්‍රකාශනය Pushkin Press
 
 
3- Nana Ekvtimishvili විසින් රචිත "The Pear Field" 
ජෝජියානු බසින් පරිවර්තනය කරන ලද්දේ Elizabeth Heighway, ප්‍රකාශනය Peirene Press
 
 
4- Mariana Enríquez විසින් රචිත "The Dangers of Smoking in Bed"  
ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Megan McDowell, ප්‍රකාශනය Granta Books
 
 
5- Benjamín Labatut විසින් රචිත "When We Cease to Understand the World" 
ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Adrian Nathan West, ප්‍රකාශනය Pushkin Press
 
 
6- Ngũgĩ wa Thiong'o විසින් රචිත "The Perfect Nine: The Epic Gikuyu and Mumbi" 
ගිකුයු බසින් පරිවර්තනය කරන ලද්දේ කතුවරයා විසින්ම ය ප්‍රකාශනය VINTAGE, Harvill Secker
 
 
7- Olga Ravn විසින් රචිත "The Employees" 
ඩෙන්මාර්ක භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දේ Martin Aitken, ප්‍රකාශනය Lolli Editions
 
8- Jaap Robben විසින් රචිත "Summer Brother" 
ලන්දේසි භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දේ David Doherty, ප්‍රකාශනය World Editions
 
 
9- Judith Schalansky විසින් රචිත "An Inventory of Losses" 
ජර්මන් භාෂාවෙන් පර්වර්තනය කරන ලද්දේ Jackie Smith, ප්‍රකාශනය Quercus, MacLehose Press
 
 
10- Adania Shibli විසින් රචිත "Minor Detail" 
අරාබි භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දේ Elisabeth Jaquette, ප්‍රකාශනය Fitzcarraldo Editions
 
 
11- Maria Stepanova විසින් රචිත "In Memory of Memory" 
රුසියානු බසින් පරිවර්තනය කරන ලද්දේ Sasha Dugdale, ප්‍රකාශනය Fitzcarraldo Editions
 
 
12- Andrzej Tichý විසින් රචිත "Wretchedness" 
ස්වීඩන් බසින් පරිවර්තනය කරන ලද්දේ Nichola Smalley, ප්‍රකාශනය And Other Stories
 
 
13- Éric Vuillard විසින් රචිත "The War of the Poor" 
ප්‍රංශ බසින් පරිවර්තනය කරන ලද්දේ Mark Polizzotti, ප්‍රකාශනය Pan Macmillan, Picador
 
 
 
ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත කෘති 'අන්තර්ජාතික බුකර් සම්මානයට සුදුසුකම් ලබන අතර මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් සම්මානය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 125 ක් බව සංවිධායකයෝ පවසති. 
 
2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ. ජයග්‍රහණය කළ කෘතිය වෙනුවෙන් පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගයක් හිමිවන අතර එම මුදල කතුවරයා සහ පරිවර්තකයා අතරේ සමසේ බෙදී යයි.
 
"මෑන් බුකර් අන්තර්ජාතික සම්මානය" ලෙස මින්පෙර හැඳින්වූ "අන්තර්ජාතික බුකර් සම්මානය" උදෙසා කෙටි ලැයිස්තුව අප්‍රේල් 22 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 
 
(අවාරා)

 

210325 longlist author and translator banner

 


 

THE LEADER TV 
 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්