"විජේසිංහට පිස්සු. ගමේ මිනිස්සු විජේසිංහව දකින්නේ එහෙම.
බුදු පහන තියලා උදේට මාක්ස්වාදී තොප්පියක් දාගෙන කඩේ යනවා. සැමට සමානාත්මතාවය ගැන කතා කරන්නේ. විජේසිංහව එළියේ සමාජයට එහෙම පෙනුනත් නිවෙසෙදි විජේසිංහ කියන්නේ අති සංවේදී ලෝකයක තමන්ගේ බිරිඳත් එක්ක අතුරුදහන් වූ එකම පුතුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ජීවත් වන්නෙක්. මෙම නිවසේ කුලී  කාමරයක අංජලී නම් ද්‍රවිඩ යුවතිය විජේසිංහ යුවල සමග ජීවත් වන්නේ ඔවුන්ගේ දුක බෙදා හදා ගනිමින්. මේ අලුත් අවුරුද්දෙත් විජේසිංහ යුවලගේ එකම අපේක්ෂාව වන්නේ තම දරුවාගේ පුනරාගමනය යි."
 
rgg
 
මේ රංග බණ්ඩාරනායකගේ නවතම ටෙලි අධ්‍යක්ෂණය යි.
 
"ඇල් හාලේ කිරිබත්" ලෙසින් නම් කළ මේ අලුත් අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය එළඹෙන අප්‍රේල් 13 රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීමට නියමිත ය.
 
චන්ද්‍රසෝම බින්දුහේවා, මැණිකේ අත්තනායක, එන්. තීබ දර්ශනී , ජෝන් දිනේෂ් සඳරුවන්, ප්‍රියන්ත ප්‍රභාෂ්, රමේෂ් කේෂාන්, ආර් ජෙයන්තන් රංගනයෙන් එක්වූ මෙම ටෙලියේ රූපවාහිනී රචනය චාමර ප්‍රසන්න කොඩිතුවක්කු, සංගීතය නදික වැලිගොඩපොල, සංස්කරණය දිමුත් කුරුප්පු, කැමරාකරණය ජනිත් සුසෙව්හේවා, පටිගතකිරීම පද්මසිරි ගුණතිලක සහ සනත් පෙරේරා, ආලෝකකරණය චතුර ඒකනායක, වේශ නිරූපනය චන්දන සෙනරත් බණ්ඩාර, කලා අධ්‍යක්ෂණය කෝකිල විජේසුන්දර, සහය අධ්‍යක්ෂණය සමන් ප්‍රේමරත්න විසිනි.
 
රංග බණ්ඩාරනායකගේම නිෂ්පාදනයක් වන "ඇල් හාලේ කිරිබත්" ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකයේ  ඉදිරිපත් කිරීමකි.

 

dfr

fgfdg

fhth

 


 

THE LEADER TV

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

සීතා - දමිත හුටපටේ...!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්