ලොව සුප්‍රකට පොත් සල්පිලක් වන 'බිග් බෑඩ් වුල්ෆ්' මැයි 5 වැනිදා සිට මෙරට පොත් අලෙවිය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
කොවිඩ්-19 වසංගත තත්වය මත ලොව පුරා තවමත් සංචාරක සීමා පනවා ඇති නිසා පසුගිය වාරයේ මෙන්ම මෙවර ද පොත් සල්පිල පැවැත්වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට ය.
5 වැනි වරටත් ශ්‍රී ලාංකේය පාඨකයන් උදෙසා සංවිධානය කෙරෙන 'බිග් බෑඩ් වුල්ෆ්' ඒ අනුව, මැයි 5 වැනිදා සිට 12 වැනිදා දක්වා දින 8ක් පුරා පැවැත්වෙනු ඇත.
50,000 කට අධික නාමාවලියක් මෙන්ම පොත් මිලදී ගැනීමේ දී 90% දක්වා වට්ටම් ලබාදීමට නියමිත බවයි එහි සංවිධායකයින් ප්‍රකාශ කරන්නේ.
bigbadwolfbooks.lk යන වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම අයකුට පොත් සල්පිලට සම්බන්ධ වී පොත් මිලදී ගැනීමට හැකි අතර මෙවර පොත් අලෙවි සල්පිල ඉතාමත් විශාල මෙන්ම සුවිශේෂී එකක් වනු ඇති බව සංවිධායකයින් වැඩිදුරටත් කියා සිටිනවා.
(අවාරා)
THE LEADER TV
මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?
රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!