Peaky Blinders ටෙලි මාලාව සහ Harry Potter සිනමාපට ත්‍රිත්වයක රංගනය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ රංගන ශිල්පිනි හෙලන් මැක්ක්‍රෝරි දිවියෙන් සමුගෙන තිබෙනවා.
පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය.
 
හෙලන්ගේ ස්වාමි පුරුෂයා වූ රංගන ශිල්පී ඩේමියන් ලෙවිස් ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටියේ ඇය සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බව යි.
 
2013 දී විකාශය ආරම්භ කළ, බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා හා රූපවාහිනී කලා සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වූ Peaky Blinders ටෙලි මාලාවේ පොලී නම් චරිතය ඔස්සේ ඇය වඩාත් ජනප්‍රියත්වයක් දිනා ගත්තා ය.
 
Harry Potter and the Half-Blood Prince සහ Harry Potter and the Deathly Hallows පළමු සහ දෙවැනි සිනමාපට ත්‍රිත්වයේම ඩ්‍රේකෝ මැල්ෆෝයිගේ මවගේ චරිතයට පණ දුන් හෙලන් සිනමා, ටෙලි මෙන්ම වේදිකාවේ ද නිර්මාණ අනූවකට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය සපයා ඇත.
 
(අවාරා)
##################
THE LEADER TV 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්