ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ ඉදිරිපත් කරන හොලිවුඩ් විදෙස් පුවත් සංගමය (HFPA) වෙත එල්ල වෙන විරෝධයට සහය පළ කරමින් ජනප්‍රිය රංගන ශිල්පී ටොම් කෘස් තමන්ට හිමිවූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුන
එම සංවිධායකයින් වෙත නැවත යැවීමට කටයුතු කර තිබෙනවා.
 
ඔහු හොඳම රංගන ශිල්පියා ලෙස 1997 දී සහ 1990 දී,  හොඳම සහය රංගන ශිල්පියා ලෙස 2000 දී දිනාගත් සම්මාන මෙසේ ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 
 
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 87 දෙනකුගෙන් සමන්විත හොලිවුඩ් විදෙස් පුවත් සංගමයේ (HFPA) දුෂණ වංචා, අවමන් සහගත හැසිරීම් ගැන චෝදනා සහ විශේෂයෙන්ම එකදු කළු ජාතික සාමාජිකයෙක් හෝ නොසිටීම ඇතුළු වර්ගවාදී සැලකීම් ගැන මෙම වසර මුල දී ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත අනාවරණයක් කරන ලදී.
 
1620674231231
 
එම අනාවරණයෙන් පසු HFPA හි ප්‍රතිසංස්කරණයක් විය යුතු බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අදහස වූ අතර Netflix, WarnerMedia වැනි ආයතන මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළි ස්කාලට් ජොන්සන් ද එම අදහස් දරන අය අතර වේ.
 
"අත්‍යවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්නේ නැති නම්, අපි HFPA වෙතින් ඈත් වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා," යනුවෙන් ස්කාලට් ජොන්සන් කියා තිබුණි.    
 
 
 
NBC රූපවාහිනිය උලෙළේ විකාශන කටයුතු නවතයි :
 
එසේම, NBC රූපවාහිනිය ද 2022 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ විකාශය නොකරන බවට ද නිවේදනය කර තිබෙනවා. ඔවුන් මෙම එම සම්මාන උලෙළ විකාශය කරන්නේ 1996 පටන් ය.
 
(අවාරා)
 
 
 
 
 
 

THE LEADER TV 

 
 
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
 

 
 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්