ක්‍රිෂාන්ත මනම්පේරිගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "හිතුමතේ ජීවිතේ" 2021 එක්සත් රාජධානි ආසියානු සිනමා උලෙළට (UKAFF) තේරී පත්වී තිබෙනවා.
ඒ අනුව, සිනමාපටය එළඹෙන ජූනි 5 වැනි සෙනසුරාදා පස්වරු 7ට උලෙළේ දී ප්‍රදර්ශනය කරනු ඇත.
කොවිඩ්-19 වසංගත තත්වය නිසා ඔන්ලයින් ක්‍රමයට ද චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන මෙවර උලෙළේ චිත්‍රපට ප්‍රදර්ශනයට සමගාමිව දේශන මාලා, සම්මුඛ සාකච්ඡා, වැඩමුළු, සජීවී ඉදිරිපත් කිරීම්, දෘශ්‍ය කලා ප්‍රදර්ශන මෙන්ම වාර්ෂික කෙටි චිත්‍රපට තරගාවලියක් ද පැවැත්වීමට නියමිත ය.
23 වැනි වරට සංවිධාන කෙරෙන එක්සත් රාජධානි ආසියානු සිනමා උලෙළ මැයි මස 26 වෙනිදා සිට ජූනි මස 06 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වේ.
'හිතුමතේ ජීවිතේ'
දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිතයට පණ පොවන 'හිතුමතේ ජීවිතේ' සිනමාපටයේ සෙසු චරිත සඳහා මහේන්ද්‍ර පෙරේරා, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, දමිතා අබේරත්න, ජගත් චමිල, සරත් කොතලාවල, ප්‍රියංකර රත්නායක, පාලිත සිල්වා, අනුරුද්ධිකා පාදුක්කගේ, ගිහාන් ප්‍රනාන්දු, මාරියන් වෙත්තසිංහ, හර්ෂිකා රත්නායක යන අය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.
උදේනි සමන් කුමාර ලියූ ‘හිතුමතේ ජීවිතේ’ නවකතාව පාදක කොටගනිමින්, නිර්මාණය වූ මෙම සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප්, රේඛිය නිෂ්පාදනය ප්‍රියංකර රත්නායක, තිරරචනය ඉන්දික රූපසිංහ, කලා අධ්‍යක්ෂණය රංජිත් ද සිල්වා, සංස්කරණය රුක්මල් නිරෝෂ්, සංගීත අධයක්ෂණය සාගර විජේසිංහ, අංග රචනය ප්‍රියන්ත දිසානායක, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ජයසිංහ වීරක්කොඩි, වස්ත්‍රාභරණ ප්‍රියා රණසිංහ, වර්ණ සංයෝජනය ඩිලාන් ගුණවර්ධන, විධායක නිෂ්පාදනය දුෂාන් චන්දිමාල්, නිෂ්පාදන කලමනාකරණය විරාජ් වර්ණසූරිය, නිෂ්පාදනය විහාරා සමරසිංහ විසිනි.
(අවාරා)
THE LEADER TV
පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!
ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!